කැන්රිච් ෆිනෑන්ස්, ජෝන් කීල්ස් හා CDB බැංකුව ජයග්‍රාහකයින් අතරට

307
Mercantile Cricket Roundup

වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන වෙළඳසේවා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ අද (01) පැවති තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට කැන්රිච් ෆිනෑන්ස්, ජෝන් කීල්ස් හා CDB බැංකු යන කණ්ඩායම් සමත් විය. මේ තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන්නේ  Fair & Lovely Men විසිනි.

MAS හෝල්ඩිංග්ස්ට ලකුණු 120ක ජයක්

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන වෙළඳසේවා ප්‍රිමියර් ලීග් ක්‍රිකට්..

හැටන් නැෂනල් බැංකුව හා කැන්රිච් ෆිනෑන්ස්

කොළඹ BRC ක්‍රිකට් පිටියේ දී ඉහළ නැගුණු කාසියේ වාසිය දිනා ගත් කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට සිය ප්‍රතිවාදීන්ට ආරාධනා කළේය. ඔවුන් සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 150ක් පමණි. ඔවුන්ගේ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් දකුණතින් පිත්ත හසුරුවන මාධව වර්ණපුර 4 පහර 3ක් සමඟ ලකුණු 43ක් ලබා ගත්තේ ය.

ඊට අමතරව අශේන් ප්‍රනාන්දු ලකුණු 28ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී කැන්රිච් ෆිනෑන්ස් B කණ්ඩායමේ චන්දුල වීරරත්න කඩුලු 5ක් දවා ගනිමින් හැටන් නැෂනල් බැංකු පිතිකරුවන් අසරණ කරද්දී, තරුෂාන් ඉද්දමල්ගොඩ ලකුණු 24කට කඩුලු 2ක් දවා ගන්නා ලදි.

ලකුණු 151ක පහසු ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වූ කැන්රිච් ෆිනෑන්ස් B කණ්ඩායම පන්දුවාර 37යි එක් පන්දුවක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය පසුකළ අතර පිතිකරණයෙන් දස්කම් දැක්වූ රවීන් සේයර් නොදැවී ලකුණු 63*ක් ලබා ගත්තේය. ඊට අමතරව ප්‍රමෝද් මදුවන්ත ලකුණු 29*යි. නවීන් ගුණවර්ධන හා මාධව වර්ණපුර පිළිවෙළින් කඩුලු 2ක බැගින් දවා ගත්හ. මේ තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම සමත් විය.

හැටන් නැෂනල් බැංකුව – 150 (48.2): මාධව වර්ණපුර 43, අශේන් ප්‍රනාන්දු 28, චන්දුල වීරරත්න 5/33, තරුශාන් ඉද්දමල්ගොඩ 2/24.

කැන්රිච් ෆිනෑන්ස්  – 151/5 (37.3): රවීන් සේයර් 63*, ප්‍රමෝද් මදුවන්ත 29*, නවීන් ගුණවර්ධන 2/24, මාධව වර්ණපුර  2/23.

හැටන් නැෂනල් හා කැන්රිච් ජය ගනී

පසුගිය සතියේ ආරම්භ වූ වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරගාවලියේ ..

කොමර්ෂල් ක්‍රෙඩිට් හා ජෝන් කීල්ස්

ජෝන් කීල්ස් කණ්ඩායමට කඩුලු 4ක ජයක් හිමි වූ මේ තරගය පනාගොඩ යුද හමුදා පිටියේ දී පැවැත්විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ  කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම පළමුව පන්දුවට පහර දී ජෝන් කීල්ස් පන්දු යවන්නට එරෙහිව ලකුණු 194ක් ලබා ගන්නා ලදි. දකුණතින් පිත්ත හසුරුවන සඳකැන් පතිරණ 4 පහර 5ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 69ක් ලබා ගත්තේ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමේ ලකුණු පුවරුව සවිමත් කරමිනි. දඟපන්දු යවන තරිඳු රත්නායක කඩුලු 3යි.

ලකුණු 195ක ඉලක්කයක හඹා ගිය ජෝන් කීල්ස් කණ්ඩායම වෙනුවෙන් කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මාලිංග අමරසිංහ නොදැවී ලකුණු 63*ක් ලබා ගනිමින් ජෝන් කීල්ස් කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගිය අතර ඔහුට අගනා සහයක් දුන් වමතින් පිත්ත හසුරුවන රොස්කෝ තටිල් ලකුණු 51යි. ඔවුන් පන්දුවාර 41ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී සිය ජයග්‍රහණය සම්පූර්ණ කර ගන්නා ලදි. පන්දු යැවීමේ දී සඳකැන් පතිරණ ලකුණු 29කට කඩුලු 4ක් දවා ගනිමින් සිය තුන් ඉරියව් දස්කම් දැක්විය.

කොමර්ෂල් ක්‍රෙඩිට් – 194 (46.4): සඳකැන් පතිරණ 69, සනිත් ද මෙල් 36, තරිඳු රත්නායක 3/50, සසිඳු පෙරේරා 2/22.

ජෝන් කීල්ස් – 197/6 (41): මාලිංග අමරසිංහ 63*, රොස්කෝ තටිල්  51, ශස්රික පුස්සෙගොල්ල 26, සඳකැන් පතිරණ 4/29.

යුනිලීවර් ශ්‍රී ලංකා හා CDB බැංකුව

කොළඹ වෙළඳසේවා ක්‍රිකට් පිටියේ පැවැත්වූ මේ තරගයෙන් හැටන් CDB  බැංකු කණ්ඩායම කඩුලු 1ක තියුණු ජයග්‍රහණයක් ලබා ගත්තේය.

කාසියේ වාසිය දිනා ගත් CDB බැංකුව පළමුව පන්දුවට පහර දුන් යුනිලීවර් කණ්ඩායම ලකුණු 159කට සීමා කළ අතර එහි දී යුනිලීවර් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ දකුණතින් පිත්ත හසුරුවන  සචිඳු කොළඹගේය. 4 පහර 3ක් සමඟ ඔහු ලකුණු 43ක් ලබා ගන්නා ලදි. ඊට අමතරව සචින් ප්‍රනාන්දු ලකුණු 25ක් ලබාගෙන යුනිලීවර් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සටහන ඉහළ දැමීමට සහය විය.

ලකුණු 160ක පහසු ඉලක්කයක් හඹා ගිය CDB බැංකු කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සිය ජයග්‍රහණය සපුරා ගත්තේ දිනුෂ්ක මාලන් හා චතුරංග කුමාර රැස්කරගත් අගනා ලකුණු කිහිපය ද ඉවහල් කරගෙනයි. දිනුෂ්ක මාලන් ලකුණු 34යි. පන්දු යැවීමේ දී යුනිලීවර් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගිහාන් ද සොයිසා හා CDB බැංකු කණ්ඩායමේ සවීන් ගුණසේකර අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

යුනිලීවර් ශ්‍රී ලංකා  – 159 (48.3): සචිඳු කොළඹගේ 43, සචින් ප්‍රනාන්දු 25, සවීන් ගුණසේකර 3/24, චන්දිම බණ්ඩාර 2/30, ඉම්රාන් කාන් 2/32.

CDB බැංකුව – 160/9 (49.3): දිනුෂ්ක මාලන් 34, චතුරංග කුමාර 30, සවීන් ගුණසේකර 29, ශාලුක සිල්වා 28*, ගිහාන් ද සොයිසා 3/17, ගයාන් රූපසිංහ 3/19.

අඛණ්ඩව දෙවන වතාවටත් පැවැත්වෙන මේ ක්‍රිකට් තරගාවලියේ සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ Fair & Lovely Men වන අතර තරගාවලියට එක්ව සිටින කණ්ඩායම් 8 අතරින් ජයග්‍රාහක කණ්ඩායමට Fair & Lovely Men අභියෝගතා කුසලානය පිරිනැමෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<