ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවීණයෝ 19 දෙනෙක් ICC පුහුණු පාඨමාලාවේ තෙවන අදියරට

1102

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන්ගේ අධ්‍යාපන ඒකකය එක්ව සංවිධානය කරනු ලබන ක්‍රිකට් පුහුණුකරුවන් සඳහා වන තුන්වැනි අදියරේ (Level 3) පුහුණුකරණ පාඨමාලාවක් අද (6) දින සිට ශ්‍රී ලංකාවේ දී ආරම්භ වේ.

මෙතුශාන් හා අයන්තගේ වික්‍රමය ඩී. එස්. සේනානායකට ජයක් ගෙනේ

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල සාන්ත ආනා….

පුරා දින 6ක් තිස්සේ පැවැත්වෙන මේ පුහුණුකරණ පාඨමාලාව කොළඹ NCC ක්‍රිකට් පිටියේ පැවැත්වෙන අතර මේ සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙන පුහුණුකරුවන් 24 දෙනා අතරින් 19 දෙනෙකුම ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද හිටපු ක්‍රීඩකයින් වීම සුවිශේෂී වේ.

එම ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතර රංගන හේරත්, ධම්මික ප්‍රසාද්, චාමර සිල්වා, අජන්ත මෙන්ඩිස්, රවීන්ද්‍ර පුෂ්පකුමාර, චමිල ගමගේ, දර්ශණ ගමගේ, ජෙහාන් මුබාරක්, ගයාන් විජේකෝන්, සජීව ද සිල්වා, සජීව වීරකෝන්, නිරෝෂන් බණ්ඩාරතිලක, සමන් ජයන්ත, මුතුමුදලිගේ පුෂ්පකුමාර, සචිත් පතිරණ, තිළිණ කණ්ඩම්බි, මලින්ද වර්ණපුර සහ ඉන්දික ද සේරම් යන මහත්වරුන් සිටී.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ක්‍රිකට් මෙහෙයුම් නිලධාරි වන අසංක ගුරුසිංහ මහතා පවසා සිටියේ “මෙවැනි වැඩසටහන් තුලින් අපේක්ෂා කරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් හි පුහුණුකරුවන්ගේ සංචිතයේ ගුණාත්මකභාවය තව දුරටත් ඉහල නංවා ගැනීමට බවයි.”

මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පුහුණුකරුවන් වන සියාඩ් පාකර්, ඈෂ්ලි රෝස් හා රෝලන්ඩ් ලෙෆ්බ්‍රේ යන මහත්වරුන් විසිනි. එමෙන්ම  වැඩසටහන මෙහෙයවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු ඒකකයේ හේෂාන් ද මෙල් මහතා සහ ශ්‍රී ලංකා පුහුණුකරුවන්ගේ අධ්‍යාපන ඒකකයේ පුහුණුකරු තාරක සමරතුංග මහතා ද සිය දායකත්වය ලබා දේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<