ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමඟින් පැවැත්වෙන පළමු එක්දින තරගය සඳහා දඹුල්ලට පිටත්ව යාමට පෙර පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා දැනට පවතින වතාවරණය තුල ඉල්ලා අස්වීමට සූදානම් නොමැති බව ප්‍රකාශ කළේය.

ඉන්දියාවට එරෙහිව ප්‍රබල එක්දින සංචිතයක්!

මෙම මස 20 වන දා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත, සංචාරක ඉන්දියානු කණ්ඩායම සමඟ තරග 5කින් සමන්විත එක්දින..

1996 වර්ෂයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලානය හිමි කර දුන් කණ්ඩායම් නායකයා මෙන්ම වර්තමානයේ ඛනිජ තෙල් අමාත්‍ය ලෙස වගකීම් දරණ අර්ජුන රණතුංග මහතා පෙරේදා (15) මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුර්වල පරිපාලනය හා කළමනාකරණය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවන් මට්ටමකට ඇද වැටී ඇති බවයි. ඒ නිසා තිලංග සුමතිපාල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව රණතුංග මහතා එහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 “ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙම කාලය ඉතාමත් කටුක කාලයක්, අපට ක්‍රීඩකයින් මත පමණක්ම වරද පැටවීමට නොහැකියි. ඔවුන් මානසිකව වැටිලා ඉන්නේ. මෙහි වරද තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකරණය හා පරිපාලනය තුලයි. එ් නිසා තිලංග සුමතිපාල මහතා ඉක්මනින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි.” මෙවන් ප්‍රකාශයක් සඳහා මූලිකම හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම නිමා වූ ටෙස්ට් තරගාවලිය තුල ඉන්දීය කණ්ඩායම හමුවේ 3-0ක් ලෙස ඉතාමත් දරුණු පරාජයකට ලක්වීමයි.

ඊයේ (16)  පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී සුමතිපාල මහතාගෙන් මාධ්‍යවේදියෙක් විසින් ඒ පිළිබඳව විමසීමක් කළ ද, සුමතිපාල මහතා ඒ සම්බන්ධව සෑහීමකට පත්විය හැකි මට්ටමේ පිළිතුරක් ලබා දීමට අපොහොසත් වූයේය.

“මට අවම වශයෙන් තව වසර 3ක පමණ කාලයක් මෙම ධූරයේ ඉන්න පුළුවන්, ඊළඟ නිලවරණය තියෙන්නේ තව අවුරුදු 3කින් විතර. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ තනතුරක් වෙත යාමට මට දැනට අවශ්‍යව නෑ. නමුත් ඔවුන් මගේ අත්දැකීම් හා ජ්‍යේෂ්ඨත්වය නිසාවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ඉහළ තනතුරක් ලබා ගන්නා ලෙස කිහිප වතාවක්ම ඉල්ලීම් කරලා තිබෙනවා. මම මේ ධූරයේ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වන තුරු රැඳී සිටිනවා” යැයි සුමතිපාල මහතා එහි දී ප්‍රකාශ කළේය.

තිලංග සුමතිපාල මහතා දැනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරය හොබවන අතර ඒ මහතා 2016 වර්ෂයේ දී පැවැත්වූ නිලවරණයේ දී අර්ජුන රණතුංග මහතා හා ඔහුගේ සහෝදර නිශාන්ත රණතුංග මහතා පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා තේරී පත්විය.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට