“මම දන්නවා ඔවුන් කරදරෙන් ඉන්නේ කියලා” – වෝනර්

5698
David Warner
Courtesy – Getty images

ඕස්ට්‍රේලියා-ඉන්දියා මහා ටෙස්ට් තරගය, එනම් ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා අවසන් මහා තරගයට පෙර ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් BBC Sounds and Radio 5 Sports Extra වෙත අදහස් දැක්වූවා. මේ එහි සිංහල පරිවර්තනයයි.

“මම හැමවිටම ක්‍රීඩා කරගෙන යනවා, මම හිටියෙම මම එහෙම තමයි. ඔවුන් මට එරෙහිව එනවා නම්, පැහැදිලිවම මම හොඳින් කරනවා,” ඔහු පැවසුවා.

ඕස්ට්‍රේලියානු මානසිකත්වයේ ප්‍රතිමූර්තියක් වන වෝනර්, අවසන් තරගයට හොඳ සූදානමක පසුවනවා. මේ වන විට ටෙස්ට් තරග 100කට වඩා ක්‍රීඩා කොට ඇති ඔහු අළුබඳුන තරගාවලි 6කට සහභාගී වී තිබෙනවා. ඉන් 3ක දී ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළා.

“ඒකෙන් අනිත් ක්‍රීඩකයන්ගේ පීඩනය ගොඩක් ඉවත් වෙනවා,” වෝනර් පැවසුවා.

ක්‍රිකට් පිටියේ කැරලිකාරයෙකු ලෙස හැඳින්වෙන වෝනර් 2013 දී බර්මින්හැම් නුවර තැබෑරුමක දී එංගලන්ත ටෙස්ට් ක්‍රීඩක ජෝ රූට් සමඟ වාදයක පැටලුණා. 2018 දී සිදු වූ “පන්දුව පලුදු කිරීමේ වරදට” ඔහු ද දඬුවම් ලැබුවේ ඔහු එවකට ඕස්ට්‍රේලියානු උප නායකත්වය දරමින් ඊට සම්බන්ධ වූ නිසයි.

“ඔබ එතෙන්ට ගිහින් එහෙම පසුබිමක් එක්ක ක්‍රීඩා කරනවා කියන්නේ, ඔබට ඒක ඇහෙනවා. ඒත් මම නම් මගේ මූණේ හිනාවක් තියාගෙන වගේ පිටියට යනවා. මොකද, මම දන්නවා ඔවුන් කරදරෙන් ඉන්නේ කියලා,” මානසිකත්වය ගැන වෝනර් පවසන්නේ එලෙසයි.

“ඔවුන් උත්සාහ කරන්නේ මාව මං ක්‍රීඩා කරන විදියෙන් අයින් කරන්න. ඔවුන් මට එරෙහිව එනවා නම් කමක් නෑ, ඒක මට වදයක් වෙන්නේ නෑ. මම මගේ දේ කරනවා එතන දී. ක්‍රීඩාංගණය ඇතුළේ තරගය නරඹන්න තියෙන හොඳම ආසනය තියෙන්නේ මට, ඉතින් මට කරන්න තියෙන්නේ ඉඳගෙන, හිනාවෙලා, ලකුණු රැස්කරන එක,” ඔහු අදහස් දැක්වූවා.

ටෙස්ට් ශූරතාවය වෙනුවෙන් ක්‍රීඩා කරන තරගය ගැන ඔහුගෙන් විමසද්දී ඔහු මෙසේ පැවසුවා.

“ඒක ලොකු දෙයක් වෙයි. කණ්ඩායමක් හැටියට අන්තිම මාස 18, 24 අපි හොඳට ක්‍රිකට් ගහලා තියෙනවා.”

“මම ඇත්තටම ඒක එනකම් බලාගෙන ඉන්නේ. ඩියුක්ස් පන්දුවෙන්, කණ්ඩායම් දෙකම හොඳට ගහනවා, එංගලන්තයේ දී එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කරන්නේ. ඒක උද්යෝගයක් වේවි.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<