ක්‍රිකට් පුහුණුකාර තනතුරක් වෙනුවෙන් අනූෂ සමරනායක ඕස්ට්‍රේලියාවට

647

ශ්‍රී ලංකා ප්‍රවීණ වේගපන්දු යවන පුහුණුකරුවෙකු වන අනූෂ සමරනායක මහතා ඕස්ට්‍රේලියාවේ Mulgrave ක්‍රිකට් සමාජයේ සහාය පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

2021/22 තරග වාරයේ සිට ඉදිරි වසර 3ක කාලයක් සඳහා සමරනායක මහතා විසින් මෙසේ ගිවිසුම් අත්සන් කර ඇති අතර ඔහු 2000 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළා.

Mulgrave ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන සනත් ජයසූරිය මහතා කටයුතු කරන අතර එම කණ්ඩායමේ කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන 44 හැවිරිදි තිලකරත්න ඩිල්ෂාන් වීම සුවිශේෂී වෙනවා.

එමෙන්ම හිටපු ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග ද Mulgrave ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<