ලොරිස් ජාත්‍යන්තර පාපන්දුවට ආයුබෝවන් කියයි

335

ලෝක ශූර ප්‍රංශ නායකයෙකු සහ ගෝල රකින්නෙකු වන Hugo Lloris (හියුගෝ ලොරිස්) ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත්කොට තිබෙනවා. ඒ වයස අවුරුදු 36 දීයි.

2018 ප්‍රංශ කණ්ඩායමේ ලෝක කුසලාන ජයග්‍රහණය පිටුපස සිටි නායකයා වන ලොරිස් මේ වන විට Tottenham නියෝජනය කරනවා. ජාත්‍යන්තර පාපන්දු වලින් සමුගත්තත් ඔහු යම් කාලයක් ක්‍රීඩා සමාජය සමඟින් රැඳෙනු ඇති.

2022 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයටත් ප්‍රංශය සහභාගී වුනා. එහෙත් ඔවුන් එහි දී ආජන්ටිනාව හමුවේ අනුශූරයන් වුනා. ප්‍රංශය පරාජය වුනේ දඬුවම් පහර වලින්.

මම මගේ ජාත්‍යන්තර ජීවිතය අවසන් කරන්න තීරණය කළා. මම හැමදේම එයට දුන්නා කියන හැඟීමෙන්”, යැයි ඔහු ප්‍රංශයේ L’Equipe සඟරාවට පැවසුවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ එළඹෙන යුරෝ කුසලාන තරගාවලියට මාස දෙක හමාරක් පමණ ඉතිරිව ඇති නිසා තම තීරණය දැන්ම ප්‍රකාශයට පත්කිරීම වැදගත් බවයි.

2008 දී වයස අවුරුදු 21ක ක්‍රීඩකයෙකු වශයෙන් ලොරිස් සිය ජාත්‍යන්තර පාපන්දු දිවිය ඇරඹුවා. මේ වන විට ප්‍රංශය වෙනුවෙන් වැඩිම තරග ප්‍රමාණයකට ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයා (145) වන්නේ ලොරිස්. ඉන් තරග 121ක දී ඔහු නායකයා ලෙස ක්‍රීඩා කර ඇති අතර එය ද වාර්තාවක්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<