ඛේටය තහනම් කිරීමෙන් ඉන්දීය වේගපන්දු යවන්නන්ට ප්‍රශ්න ගොඩක්

2725

හිටපු ඉන්දීය වේගපන්දු යවන්නන් වන ඉර්ෆාන් පතාන් හා අශිෂ් නේහ්රා පවසා සිටින්නේ ඛේටයෙන් තොරව පන්දුව දෝලනය කරමින් පන්දු යැවීම ඉන්දීය වේගපන්දු යවන්නන්ට දැඩි අභියෝගයක් වනු ඇති බවයි. ICCය COVID-19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පසුගිය මැයි මාසයේ දී පන්දුව ඛේටය යොදා ඔප දැමීම තහනම් කළා.

ඉන්දීය ක්‍රිකට් සභාපති නිරෝධායන කාලය කප්පාදු කරන්නට සැරසේ

එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරගයේ දී එංගලන්ත වේගපන්දු යවන්නන් දැක්වූ දුර්වලතාවයන් පෙන්වා දෙමින් නේහ්රා හා පතාන් පවසා සිටියේ ඛේටය යොදා පන්දුව ඔප දැමීමෙන් තොරව පන්දු යැවීම ලොව පුරා වේගපන්දු යවන්නන්ට ඉතා අභියෝගයක් වනු ඇති බවයි.

“ජිමී ඇන්ඩර්සන් short of length පන්දු තමයි ගොඩක් යැව්වේ. ඔහු කවදාවත් එහෙම පන්දු යවන්නේ නැහැ. ඔහු එකම කළේ ඩියුක් පන්දුව දෝලනය නොවන නිසා. එහෙම වුනේ ඛේටය භාවිතයෙන් තොරව පන්දුව ඔප දැමීම අපහසු වීම නිසා. ඔහු පිතිකරුවා ආසන්නයේම පන්දුව පතිත කළාම දෝලනයක් නැති නිසා පිතිකරුවන් පහසුවෙන් පන්දුවට පහර දුන්නා” නේහ්රා PTI පුවත් සේවය වෙත පවසා තිබුණා.

“ඇන්ඩර්සන්ගේ ශක්තිය තමයි පිතිකරුවා ඉදිරියේ පන්දුව පතිත කර පන්දුව දෝලනය කර ස්ලිප් ක්‍රීඩකයින් අතට උඩ පන්දු ලබා දීම. පන්දුව දෝලනය වීම නැවතුණු විට ඔහුට  සුපුරුදු දස්කම් දක්වන්න බැහැ.”

“ඇෆ්ගනිස්තානයට ලෝක කුසලානයක් ගේනකන් මං බඳින්නේ නැහැ”

ඉන්දියාව එළඹෙන නොවැම්බර් මාසයේ දී ඕස්ට්‍රේලියාව සමඟ විස්සයි විස්ස තරගාවලියකට සහභාගී වීමට නියමිතයි. ඉන්පසුව ඔවුන් ටෙස්ට් තරග හතරකින් යුතු බෝඩර් – ගවස්කාර් තරගාවලිය ද ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබෙනවා. ඕස්ට්‍රේලියානු සංචාරයට තවත් ඉතිරිව ඇත්තේ මාස තුනක් පමණක් වුනත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තවමත් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් හට පුහුණු කඳවුරක් සංවිධානය කර නොතිබීම විශේෂත්වයක්. ඉර්ෆාන් පතාන් පවසා සිටින්නේ පුහුණු කඳවුර නොමැති වීම නිසා ඉන්දීය වේගපන්දු යවන්නන්ට දැඩි බලපෑමක් වනු ඇති බවයි.

“පන්දුව ඔප දමන්නට වෙනත් ආදේශක ද්‍රව්‍යයක් යොදා ගැනීම හෝ වේගපන්දු යවන්නන්ට සුදුසු තණතීරු සැකසීමෙන් මෙම තත්වය තරමක් මඟ හරවා ගන්නට පුළුවන්. ඛේටය තරමක් ඝන නිසා එය පන්දුව පසු දෝලනය කිරීමට ඉතා බලපානවා. මේ වසංගත තත්වය නිමා වන තුරු පන්දු යවන්නන්ට තරමක් අපහසු වෙයි” පතාන් පවසා සිටියා.

“තණතිල්ලේ තෙතමනය මදක් තියා ගත්තොත් පන්දු යවන්නන්ට 60/40ක වාසියක් ලබා දෙන්න පුළුවන්. එහෙනම් ඛේටය හා දහදිය භාවිතය එතරම් උවමනා නොවේවි. ඔබ හරියට සීමය භාවිතා කළොත් පන්දුව දෝලනය වෙයි.”

හිටපු ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක දීප් දාස්ගුප්තා පවසා සිටින්නේ කොකබුරා පන්දුව වියළි තණතීරු වලදී පන්දු යවන්නන්ට එතරම් සහයක් නොදෙන නිසා වේගපන්දු යවන්නන්ට එම පන්දුවෙන් පන්දු යැවීම ඉතා අපහසු වනු ඇති බවයි. කෙසේ වෙතත් පතාන්ගේ තණතිල්ලේ තෙතමනය රැඳවීමේ අදහසට ඔහු සිය අකමැත්ත පළ කරනවා. ඒ එම නිසා තණතිල්ලට හානි වේ යැයි පවසමින්.

කිවියන්ට නැවතත් ක්‍රිකට් උණුහුම විඳින්න අවස්ථාවක්

“ඕස්ට්‍රේලියානු තණතිලි වියළුණු ඒවා, පන්දුවේ සීමය පන්දුවාර 20න් පසුව භාවිතා කරන්නට හැකියාවක් නැහැ. ඛේටය නැතිව පන්දුව පසු දෝලනය කිරීමත් අපහසුයි. එහි තිබෙන පීඩනයත් සමඟ ඉන්දීය වේගපන්දු යවන්නන්ට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිදු වෙයි” දාස්ගුප්තා පවසා සිටියා.

HindustanTimes ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<