ශ්‍රී ලංකාව සහ ඕමානය අතර හොකී තරගාවලියක්

75

දෙරට අතර මිත්‍රත්වය ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ ඕමානය අතර හොකී තරගාවලියක් 2021 දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට ඕමාන හොකී සම්මේලනය විසින් ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත එකඟතාවය පලකර තිබෙනවා.

ඒ අනුව CH&FC ක්‍රීඩා සමාජයත්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් ක්‍රීඩා සමාජ එකාබද්ධව ආරක්ෂක සේවා කණ්ඩායමක් තෝරා ගැනීම මඟින් මෙම ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩා සමාජ 02ක් සහභාගී කරවීමට බලාපොරොත්තු වෙනවා.

මෙම තරගාවලියේ කටයුතු ඉතා සාර්ථකව සංවිධානය කර ගැනීමට හා තරගාවලිය පැවැත්වීම සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා විසින් ඊයේ (01) තිවංක විජේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රියාකාරී කමිටුවක් පත් කරන ලදි.

ඉම්රාන් ගවුස්, අරූෂ් සලීම්ඩින්, වෛද්‍ය රුවන් තුෂාර මැටිවලගේ, කොමදෝරු ටී. එම්. ඒ. ඒ. තෙන්නකෝන්, එන්. එන්. ඩී. අල්විස් සහ සහකාර අධ්‍යක්ෂකවරයෙකු වන ආර්. ටී. අල්පොන්සු යන මහත්වරුන් කමිටු සාමාජිකයින් ලෙස කටයුතු කරනු ලබනවා.

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<