ක්‍රිකට් ආධිපත්‍ය දැරූවන් අහක බලා ගත් “සිලෝන් කණ්ඩායම”

1679
පළමු නිල නොලත් ටෙස්ට් තරගය අවස්ථාවක්

1920 දශකයේ මැද භාගයේ දී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය සිදු වූ බැව පැවසෙන අතර අප රටට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට ඊටත් පසු දශක 6කට වැඩි කාලයක් බලා සිටීමට සිදුවෙන්නේය. 

ඒ අප රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ තරම ඒ තරමින්ම පහත් තත්ත්වයක තිබූ නිසා ද? මේ ප්‍රශ්නයේ පැටලුණ අප එය ලිහා ගැනීමට උත්සාහ යෙදුණෙමු. එහි දී අපට දැක ගැනීමට හැකි වූයේ එවකට ක්‍රිකට් ආධිපත්‍යයේ හෙබි බ්‍රිතාන්‍යයන් අප රටට දැක්වූ අඩු තක්සේරුව විසින් මේ නොසලකා හැරීම සිදුවන්නට ඇති බවයි.

බ්‍රිතාන්‍ය රජය විසින් 1948 දී අප රටට නිදහස ලබා දී ඊට ඉතා කෙටි කලකින්ම ක්‍රිකට් ක්‍රීඩාවට ත්‍යාගයක් ලබා දුන්නේය. ඒ 1950 දශකයේ මුල් කාර්තුවේ දී ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අර්ධ සාමාජිකත්වය ලබා දීමය. ඇතැම් විට මේ ප්‍රදානය රාජ්‍ය මට්ටමෙන් සිදු වූවක් විය හැකිය. නොදී බැරි තැන දීමක් විය හැකිය.

අප එසේ පවසන්නේ එවකට සිලෝන් ලෙසින් ද, ඊට පසුව ශ්‍රී ලංකාව යනුවෙන් ද නම් වූ අප කණ්ඩායම් පෑ දක්ෂතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානයට ලක් නොවූව ද ලෝකයේ අවධානයට යොමුව ඇති නිසාය. එවන් තරග සංචාරයකි, සිලෝන් කණ්ඩායම 1964/65 වසරවල මයිකල් තිසේරාගේ නායකත්වයෙන් කෙරුණ ඉන්දීය සංචාර ය.

මේ තරගාවලියට තරග 8ක් ඇතුළත් වූ අතර ඉන් තරග 3ක් පරාජය වෙන සිලෝන් කණ්ඩායමට ජයග්‍රහණය ලැබීමට හැකි වන්නේ එක් තරගයක් පමණි. ඒ නිල නොලත් තෙවැනි ටෙස්ට් තරගයේ දී ය. එය එවකට ඉන්දීය කණ්ඩායම ලැබූ නොසිතූ පරාජයකි. සිලෝන් කණ්ඩායම ලැබූ ප්‍රබල ජයග්‍රහණයකි. ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය ආරම්භ වී දශක තුනක් ඉක්මවා තිබිය දී මේ කෝඩුකාර කණ්ඩායමක් වෙතින් ලත් පරාජයයි. ඒ වෙද්දී ඉන්දියාව ටෙස්ට් තරගාවලි 22කට සහභාගී වී තිබුණ අතර නවසීලන්තය, පාකිස්තානය සේ ම ක්‍රිකට් උපන් එංගලන්තයට ද එරෙහිව තරගාවලි ජයග්‍රහණ වාර්තා කරගෙන ප්‍රබල කණ්ඩායමක් ලෙසින් වර්ගීකරණයට ලක්ව තිබුණි.

සිලෝන් කණ්ඩායම ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ, එවකට සුළු ප්‍රමාණයක් වූ ක්‍රිකට් සාමාජිකත්වය හිමි රටවල් සේ ම එය බලාපොරොත්තුවෙන් සිටි රටවල් ද සිතා සිටියේ සිලෝන් කණ්ඩායමට ඉතා ඉක්මනින්ම ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ පූර්ණ සාමාජිකත්වය හිමි වෙනු ඇති බවයි.

නමුත් එවැන්නක් සිදු වූයේ නැත. එදා නොව ඊට පසුව හරියට එලඹුණ 1974 වසරේ දී එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ කනිටු පුත් රොබට් සේනානායක මහතා විසින් ප්‍රථම වරට කරනු ලැබූ ඉල්ලීම ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රතික්ෂේප කළේය. අනතුරුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ පූර්ණ සාමාජිකත්වය හිමි වෙන්නේ 1982 වසරේ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වූ ගාමිණි දිසානායක මහතා විසින් කරනු ලැබූ ඉල්ලීමක් පරිදිය.

මේ එදා, 1964/65 වසරේ නිමා වූ සිලෝන් කණ්ඩායමේ දක්ෂතා හී සාරාංශයයි.

පළමු තරගය

ඉන්දීය විශ්වවිද්‍යාලයීය කණ්ඩායම සමඟ මදුරාසියේ දී.

  • 1964 දෙසැම්බර් 5-6-7
  • තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

සිලෝන් කණ්ඩායම; පළමු ඉනිම පන්දුවාර 50.3ක දී සියලුම දෙනා දැවී 165 (අනුරුද්ධ පොලොන්නෝවිට 23, ඩග්ලස් ලිවර්ස් නොදැවී 40,  ෆ්‍රෙඩ්රික් 54, විලියම්ස් 4/40) සහ දෙවැනි ඉනිම පන්දුවාර 98.1ක දී සියලුම දෙනා දැවී 221 (එඩ්වර්ඩ් 40, පොන්නයියා 30, ස්ටැන්ලි ජයසිංහ 37, ඩී. පී. ද සිල්වා 55, වෙන්කටරාගවන් 6/52, සට්වේන්ද්‍ර සිං 2/43)

ඉන්දීය විශ්වවිද්‍යාලයීය කණ්ඩායම; පළමු ඉනිම පන්දුවාර 92ක දී සියලුම දෙනා දැවී 298 (ඩී. මුකර්ජි 46, ඒ. රෝයි 135, සට්වේන්ද්‍ර සිං 58, ඩග්ලස් ලිවර්ස් 4/70, නෝර්ටන් ෆ්‍රෙඩ්රික් 3/62) සහ දෙවැනි ඉනිම  පන්දුවාර 20ක දී කඩුලු 3ක් දැවී 78 (ඒ. රෝයි 20)

දෙවැනි තරගය (පළමු නිල නොලත් ටෙස්ට් තරගය)

ඉන්දියාව සමඟ බැංගලෝර් හිදි.

  • 1964 දෙසැම්බර් මස 11-12-13
  • ඉන්දීය කණ්ඩායමට ඉනිමක ලකුණු 46ක ජයක්.

ඉන්දියාව; පළමු ඉනිම පන්දුවාර 143.3ක දී කඩුලු 3ක් දැවී 508 ( දිලිප් සර්දේශි 126, මොට්ගන්හල්ලි ජසිම්බා 72, අබ්බාස් අලි බායිග් 96, හනුමන්ත සිං 149, නවාබ් පතාවුදි 52)

සිලෝන්; පළමු ඉනිම පන්දුවාර 64.4ක දී සියලුම දෙනා දැවී 205 (ට්‍රෙවලියන් එඩ්වර්ඩ් 38, මනෝ පොන්නයියා 48, ස්ටැන්ලි ජයසිංහ 20, අනුරුද්ධ පොලොන්නෝවිට නොදැවී 29, භාග්වත් චන්ද්‍රසේකර් 5/56) සහ දෙවැනි ඉනිම පන්දුවාර 74.5ක දී සියලුම දෙනා දැවී 257 (ට්‍රෙවලියන් එඩ්වර්ඩ් 31, ලසන්ත රොද්‍රිගෝ 30, ස්ටැන්ලි ජයසිංහ 63, මයිකල් තිසේරා 44, හර්බට් ප්‍රනාන්දු 26, අබු ෆුවාර්ඩ් නොදැවී 22, රුසි සුර්ටි 5/92, භාග්වත් චන්ද්‍රසේකර් 5/81)

තෙවැනි තරගය (දෙවැනි නිල නොලත් ටෙස්ට් තරගය)

ඉන්දියාව සමඟ හයිද්‍රාබාද් හිදී.

  • 1964 දෙසැම්බර් 19-20-21-22
  • ඉන්දියාවට කඩුලු 7ක ජයග්‍රහණයක්.

ඉන්දියාව; පළමු ඉනිම පන්දුවාර 142ක දී කඩුලු 6ක් දැවී 505 (මොට්ගන්හල්ලි ජසිම්බා 131, ප්‍රකාශ් පොද්දාර් 33, වෙන්කටරාමන් සුබ්‍රමනියම් 42, ජී. ජී. බෝර්ඩ් 138, හනුමන්ත් සිං 98, අනුරුද්ධ පොලොන්නෝවිට  2/115) සහ දෙවැනි ඉනිම පන්දුවාර 31ක දී කඩුලු 3ක් දැවී 154 (වෙන්කටරාමන් සුබ්‍රමනියම් 26, ෆ්‍රාරුක් ඉංජිනියර් නොදැවී 102, ඩග්ලස් ලිවර්ස් 2/49)

සිලෝන්; පළමු ඉනිම පන්දුවාර 102.5ක දී සියලුම දෙනා දැවී 280 (ට්‍රෙවලියන් එඩ්වර්ඩ් 53, මනෝ පොන්නයියා 22, ස්ටැන්ලි ජයසිංහ 78, මයිකල් තිසේරා 26, හර්බට් ප්‍රනාන්දු 32, නීල් චන්මුගම් 43, රුසි සූරිටි 5/113, මොට්ගන්හල් ජසිම්බා 2/44, වෙන්කටරාගවන් සුබ්‍රමනියම් 2/40) සහ දෙවැනි ඉනිම පන්දුවාර 117ක දී සියලුම දෙනා දැවී 378 (ස්ටැන්ලි ජයසිංහ 135, මයිකල් තිසේරා 122, නීල් චන්මුගම් 42, රුසි සූරිටි 3/130, වෙන්කටරාගවන් සුබ්‍රමනියම් 2/77)

සිව්වැනි තරගය

මහරාශ්ට්‍ර ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ පූනේ නගරයේ දී.

  • 1964 දෙසැම්බර් 24-25-26-27
  • තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

සිලෝන්; පළමු ඉනිම පන්දුවාර 109.1ක දී සියලුම දෙනා දැවී 279 (මනෝ පොන්නයියා 33, ලසන්ත රොද්‍රිගෝ 31, ප්‍රේමචන්ද්‍ර ද සිල්වා 42, මයිකල් තිසේරා 23, ධනසිරි වීරසිංහ 54, හර්බට් ප්‍රනාන්දු 29, නීල චන්මුගම් 21, සදානන්ද් මොහොල් 2/83, වී. එච්. බෝස්ලේ 2/29, හනුමන්ත් සිං 2/25) සහ දෙවැනි ඉනිම පන්දුවාර 48ක දී කඩුලු 6ක් දැවී 132 (මනෝ පොන්නයියා 30, ලසන්ත රොද්‍රිගෝ 25, මයිකල් තිසේරා 25, ලරීෆ් ඉඩ්රූස් 26, වී. එච්. බෝස්ලේ 5/35)

මහාරාශ්ට්‍ර ප්‍රාන්ත කණ්ඩායම; පළමු ඉනිම පන්දුවාර 123.4ක දී සියලුම දෙනා දැවී 394 (වී. එච්. බෝස්ලේ 62, ශෙර් මොහොමඩ් 67, චන්දු බෝර්ඩ් 119, නීල් චන්මුගම් 4/83, ලරීෆ් ඉඩ්රූස් 2/109)

පස්වැනි තරගය

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති කණ්ඩායම සමඟ බරෝඩා හිදී.

  • 1964 දෙසැම්බර් මස 29-30-31
  • ඉන්දීය සභාපතිගේ කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

සිලෝන්; පළමු ඉනිම පන්දුවාර 89ක දී සියලුම දෙනා දැවී 221 (අබු ෆුවාර්ඩ් 28, ස්ටැන්ලි ජයසිංහ 57, මුත්තයියා දේවරාජ් 24, හර්බට් ප්‍රනාන්දු 23, අනුරුද්ධ පොලොන්නෝවිට 20,  ඩග්ලස් ලිවර්ස් 23, වී. එච්. බෝස්ලේ 2/32, එච්. එස්. සයියාඩ් 4/61) සහ දෙවැනි ඉනිම පන්දුවාර 71ක දී සියලුම දෙනා දැවී 154 (අබු ෆුවාර්ඩ් 39, මුත්තයියා දේවරාජ් 39, ධනසිරි වීරසිංහ 25, එච්. එස්. සයියාඩ් 3/31)

ඉන්දීය ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම; පළමු ඉනිම පන්දුවාර 113.2ක දී සියලුම දෙනා දැවී 334 (එම්. ශර්මා 87, වී. එච්. භූස්ලේ 120, සී. ජී. බෝර්ඩ් 51, ඩග්ලස් ලිවර්ස් 5/71, සිල්වෙස්ටර් ඩයස් 2/46, අනුරුද්ධ පොලොන්නෝවිට 2/87) සහ දෙවැනි ඉනිම පන්දුවාර 8කදී කඩුල්ලක් දැවී  43

හයවැනි තරගය (නිල නොලත් තෙවැනි ටෙස්ට් තරගය)

ඉන්දියාව සමඟ අහමදාබාද් හිදි.

  • 1965 ජනවාරි මස 2-3-4-5
  • සිලෝන් කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

ඉන්දියාව; පළමු ඉනිම පන්දුවාර 68.4ක දී සියලුම දෙනා දැවී 189 (හනුමන්ත් සිං 30, නවාද් පතාවුදි 28, රමේස් සෂේනා නොදැවී 63, නෝර්ටන් ෆ්‍රෙඩ්රික් 4/85, ස්ටැන්ලි ජයසිංහ 6/38) සහ දෙවැනි ඉනිම පන්දුවාර 26.4කදී සියලුම දෙනා දැවී 66 (නෝර්ටන් ෆ්‍රෙඩ්රික් 3/24, ස්ටැන්ලි ජයසිංහ 3/14, අනුරුද්ධ පොලොන්නෝවිට 3/7)

සිලෝන්; පළමු ඉනිම පන්දුවාර 45ක දී කඩුලු 7ක් දැවී 144 (මයිකල් තිසේරා 28, අනුරුද්ධ පොලොන්නෝවිට 53, හර්බට් ප්‍රනාන්දු 38, උමේස් කුල්කාර්නි 6/38) සහ දෙවැනි ඉනිම පන්දුවාර 6කදී කඩුලු 6ක් දැවී 115 (අබු ෆුවාර්ඩ් 40, මනෝ පොන්නයියා 22, ස්ටැන්ලි ජයසිංහ 19, ආර්. ගොයෙල් 4/33)

හත්වැනි තරගය

බොම්බේ ක්‍රිකට් ඇකඩමිය සමඟ බොම්බේ හිදී.

  • 1965 ජනවාරි මස 8-9-10
  • තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

සිලෝන්; පළමු ඉනිම පන්දුවාර 92.5ක දී සියලුම දෙනා දැවී 169 (මුත්තයියා දේවරාජ් 56, ධනසිරි වීරසිංහ 22, ලරීෆ් ඉඩ්රූස් 25, පී. කේ. ශිවල්කර් 5/71) සහ දෙවැනි ඉනිම පන්දුවාර 127.2ක දී සියලුම දෙනා දැවී 256 (මනෝ පොන්නයියා 83, මයිකල් තිසේරා 21, ධනසිරි වීරසිංහ 30,  ලරීෆ් ඉඩ්රූස් 45, නෝර්ටන් ෆ්‍රෙඩ්රික් 21, වී. කේ. පරනජ්පේ 4/49)

බොම්බේ ක්‍රිකට් ඇකඩමි කණ්ඩායම; පළමු ඉනිම පන්දුවාර 55.1ක දී කඩුලු 4ක් දැවී 270 (වී. ජේ. පරනජ්පේ 111, අජිත් වඩේකාර් 116)

අටවැනි තරගය

මදුරාසි ක්‍රිකට් සංගමය සමඟ මදුරාසියේ දී.

  • 1965 ජනවාරි මස 15-16-17
  • තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

මදුරාසි ක්‍රිකට් සංගමය; පළමු ඉනිම පන්දුවාර 107.2කදී සියලුම දෙනා දැවී 267 (මිල්ක සිං 74, පී. කේ. බෙලිඅප්පා 92, ප්‍රභාකර් රාඕ 40, නෝර්ටන් ෆ්‍රෙඩ්රික් 3/44, අනුරුද්ධ පොලොන්නෝවිට 2/60, මයිකල් තිසේරා 2/45) සහ දෙවැනි ඉනිම පන්දුවාර 53කදී කඩුලු 7ක් දැවී 142 (එස්. වී. එස්. මානි 52, නෝර්ටන් ෆ්‍රෙඩ්රික් 2/40, නීල් චම්මුගම් 3/42)

සිලෝන්; පළමු ඉනිම පන්දුවාර 99.3කදී සියලුම දෙනා දැවී 258 (මුත්තයියා දේවරාජ් 85, මයිකල් තිසේරා 58, ලරීෆ් ඉඩ්රූස් 21, හර්බට් ප්‍රනාන්දු 38, සට්වේන්ඩර් සිං 3/50) සහ දෙවැනි ඉනිම පන්දුවාර 22කදී කඩුලු 2ක් දැවී 81 (මනෝ පොන්නයියා 20, රංජිත් ප්‍රනාන්දු 39)

තරග සංචාරයේ එක් එක් ක්‍රිඩකයන් පෑ දක්ෂතා

Player Mat Inns NO Runs HS 100 50 Wkts
ට්‍රෙවලියන් එඩ්වර්ඩ් 4 6 0 178 53 0 1 0
මනෝ පොන්නයියා 7 13 0 305 83 0 1 0
ලසන්ත රොද්‍රිගෝ 5 10 0 143 31 0 0 0
ස්ටැන්ලි ජයසිංහ 5 10 0 435 135 1 3 7
මුත්තයියා දේවරාජ් 5 10 1 243 85 0 2 0
හර්බට් ප්‍රනාන්දු 7 13 2 187 38* 0 0 0
ලරීෆ් ඉඩ්රූස් 5 9 0 166 45 0 0 3
ප්‍රේමචන්ද්‍ර ද සිල්වා 5 10 0 160 55 0 1 1
අනුරුද්ධ පොලොන්නෝවිට 6 11 4 153 53 0 1 9
ඩැරල් ලිවර්ස් 6 10 4 106 40* 0 0 18
නෝර්තන් ෆ්‍රෙඩ්රික් 5 7 2 117 54 0 1 19
මයිකල් තිසේරා 6 11 1 383 122 1 2 6
අබු ෆුවාර්ඩ් 5 10 1 171 40 0 0 3
ධනසිරි වීරසිංහ 5 9 1 172 54 0 1 0
නීල් චම්මුගම් 5 9 0 129 43 0 0 10
සිල්වෙස්ටර් ඩයස් 3 5 4 18 7* 0 0 4
රංජිත් ප්‍රනාන්දු 3 6 0 98 39 0 0 0

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<