Harbhajan Singh පාට මාරු කරයි!

3447
Times of India

ඉන්දීය හිටපු දඟපන්දු යවන ක්‍රීඩක Harbhajan Singh 2022 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා වෙනත් කණ්ඩායමක් සමඟ එකතු වන බව වාර්තා වෙනවා. ඒ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් වශයෙනුයි.

නිමා වූ 2021 IPL තරගාවලියේ දී Harbhajan Singh ක්‍රීඩා කළේ Kolkata Knight Riders කණ්ඩායමටයි. 2021 තරගාවලියේ ඉන්දියාවේ පැවති අදියරේ දී ඔහු තරග කිහිපයක් ක්‍රීඩා කළත්, එක්සත් අරාබි එමීර් හිදී පැවැත්වුණු දෙවැනි අදියරේ දී ඔහුට එකදු තරගයක් හෝ ක්‍රීඩා කරන්නට ලැබුණේ නැහැ.

Times Of India වාර්තා කරන අන්දමට Harbhajan එළඹෙන සතියේ දී තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශයට පත් කරන්නට නියමිතව තිබෙනවා. ඉන්පසුව ඔහු කණ්ඩායම්වල සහය කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරනු ඇති බවයි එම පුවත් සේවය වාර්තා කරන්නේ.

ඔහු උපදේශකයෙකු, විශේෂඥයෙකු ලෙස හෝ යම් කණ්ඩායමක් සමඟ කටයුතු කරාවි. ඔහු තමාගේ අත්දැකීම් උපයෝගී කරගෙන ක්‍රීඩක වෙන්දේසියේ ක්‍රීඩකයින් මිලට ගන්නත් සිය කණ්ඩායමට සහය දෙයි”, IPL නිලධාරියෙක් TOI පුවත් සේවයට පවසා තිබුණා.

Mumbai Indians කණ්ඩායමේ වසර 10ක්ම රැඳෙමින් යොවුන් ක්‍රීඩකයින්ට සිය සහය දුන් Harbhajan Singh, පසුගිය වසරේ KKR කණ්ඩායම සමඟ කටයුතු කරමින් Varun Chakravarthy වැනි යොවුන් ක්‍රීඩකයින්ට සිය දැනුම බෙදා දී තිබුණා.

2021 තරග වාරයේ දෙවැනි අදියරේ දී සාර්ථක වුණු Venkatesh Iyerට ද සහය ලබා දී තිබුණේ Harbhajan බව ඔහු පසුව සඳහන් කර තිබුණා. නිමා වුන තරගාවලියේ KKR කණ්ඩායම තෝරා ගන්නට ද පුහුණුකරු Brendon McCullum හා නායක Eoin Morgan, Harbhajan Singhගෙන් උපදෙස් ලබා ගත් බව සඳහන්.

Times Of India ඇසුරෙන්

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<