තර්ස්ටන් විද්‍යාලයත් කිරුලට ළඟා වෙයි

291
U19 Cricket - March 14th

සිංගර් කුසලාන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ සීමිත පන්දුවාර තරග වල අවසන් වටයේ තරග මේ දින වල පැවැත්වෙමින් තිබේ. ඒ අතර අද (14) කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර පැවැත්වූ සීමිත පන්දුවාර තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 108ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් තර්ස්ටන් විද්‍යාලය අවසන් පූර්ව වටයේ අසුනක් ද ලබා ගැනීමට සමත් විය.

තියුණු ජයක් සමඟ නාලන්දාවෝ අවසන් වටයට

සිංගර් කුසලාන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙදින හා සීමිත පන්දුවාර තරගයන් හි අවසන් වටයේ තරග මේ දිනවල පැවැත්වෙමින් තිබේ. ඒ අතර අද..

මග්ගොන සරේ ගම්මාන පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල වේල්ස් කුමර විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන්  පිටියට පැමිණි නිපුන් ලක්ෂාන් හා කසුන් අබේරත්න මැද පෙළ හා මුල් පෙළ සවිමත් කරමින් සාර්ථක අඩිතාලමක් තර්ස්ටන් විද්‍යාලයේ ලකුණු පුවරුවට එක් කරන ලදි. නිපුන් ලක්ෂාන් තම අර්ධ ශතකය සමගින් ලකුණු 82ක් ලබා ගන්නා විට,  කසුන් අබේරත්න අර්ධ ශතකය පෙනෙන මානයේ සිටිය දී දැවී ගියේය.

එහි දී මැද පෙළින් පිටියට පැමිණ දැකුම්කළු පිතිකරණය නිරත වූ සවන ප්‍රභාශ් ලකුණු 43ක් ලබා ගැනීමට සමත් විය.

නියමිත පන්දුවාර 50 අවසානයේ තර්ස්ටන් ලකුණු පුවරුව කඩුලු 8ක් දැවී ලකුණු 269ක් දක්වා තම ලකුණු පුවරුව සවිමත් කරගන්නට ඔවුන්ගේ පිතිකරණ බල ඇණියට හැකි විය.

පන්දු යැවීමේ දී වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් තාරක ප්‍රනාන්දු ලකුණු 64කට කඩුලු 3ක් දවා ගන්නා ලදි.

පන්දුවාර 50ක දී ලකුණු 270ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි වේල්ස් කුමර විද්‍යාලයට සාර්ථක ලකුණු ප්‍රමාණයක් රැස්කර ගැනීමට තර්ස්ටන් විද්‍යාලයේ පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැත. එසේම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් නිසා ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය වේල්ස් කුමර විද්‍යාලයට ලැබුණි.  

අවසානයේ ඔවුන්ට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 153ක් වන අතර, වේල්ස් කුමර පිතිකරුවන් එක් අන්තයකින් අසාර්ථක පිතිකරණයක නිරත වන විට ලකුණු පුවරුවේ පීඩනය කරට ගත් සඳුන් ප්‍රනාන්දු ලකුණු 40ක් තම විද්‍යාලය වෙනුවෙන් රැස්කර ගැනීමට සමත් විය.

තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වුනු වමතින් දඟ පන්දු යවන සඳරු ඩයස් ලකුණු 32කට කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දක්වන විට, පිතිකරණය තුලින් ලකුණු 82ක් රැස්කල නිපුන් ලක්ෂාන් කඩුලු 2ක් ද දවා ගන්නා ලදි.

තර්ස්ටන් විද්‍යාලය – කඩුලු 8ක් දැවී ලකුණු 269 (පන්දුවාර 50): නිපුන් ලක්ෂාන් 82, කසුන් අබේරත්න 45, සවන ප්‍රභාශ් 43, තාරක ප්‍රනාන්දු 3/64

වේල්ස් කුමර විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 153 (32): සඳුන් ප්‍රනාන්දු 40, සඳරු ඩයස් 3/32, නිපුන් ලක්ෂාන් 2/20


ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරගය

මෙම තරගය පානදුර මහජන ක්‍රීඩා පිටියේ දී අවසන් පූර්ව තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබුණ ද, ක්‍රීඩා පිටියේ තණතිල්ල සහිත ප්‍රදේශය ක්‍රිකට් ක්‍රීඩාවට උචිත නොවන මට්ටමක පැවතුණු නිසාවෙන් තරගය කල් දැමීමට තරග තීරක ඇතුළු විනිසුරුවරුන් තීරණය කරන ලදි.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට