ඇනීටා අල්වාරෙස් 99න් බේරෙයි

586
nypost.com

ඇමරිකානු රිද්මයානුකූල පිහිනුම් ක්‍රීඩිකාවක වන ඇනීටා අල්වාරෙස් පිහිනුම් තටාකය තුළ ගිලීමට ආසන්නව තිබිය දී බේරාගෙන තිබෙනවා. මෙය සිදුව ඇත්තේ ලෝක ජල ක්‍රීඩා ශූරතා තරගාවලියේ ඉසව්වක් අතරතුර ඇය සිහිසන් වීමට ලක්වීම නිසයි.

බුඩාපෙස්ට් හිදී පැවති තම ඉසව්ව අවසාන කොට ඇය ජලයේ ගිලී තිබුණා. 25 හැවිරිදි ඇනීටාව බේරාගනු ලැබුවේ ඇගේ පුහුණුකාරිණි ඇන්ඩ්‍රියා ෆුඑන්ටෙස් විසින්. පසුව ඇයව ප්‍රතිකාර සඳහා යොමු කෙරුණා.

ඇනීටා දියේ ගිලී සිටිය දී බේරා ගත් අවස්ථාව

ඇමරිකා එක්සත් ජනපද රිද්මයානුකූල පිහිනුම් කණ්ඩායම විසින් පසුව ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කොට තිබුණේ ඇය සුව අතට හැරෙමින් සිටින බවයි. පසුගිය වසරේ බාසිලෝනා හිදී ද ඇය මේ අයුරින්ම දියේ ගිලීමට ලක්වුනා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<