ඔලිම්පික් ශූරයා වසර 4කට පසු මව්බිමේ දී සටනකට

153

සිව්වතාවක් ඔලිම්පික් කිරුළ දිනා ගැනීමට සමත් වූ බ්‍රිතාන්‍ය ක්‍රීඩක Mo Farah මෙම වසරේ ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිතව ඇති European 10,000m Cup තරගාවලිය වෙනුවෙන් නම් කළ බ්‍රිතාන්‍ය කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා.

තරගාවලිය එක්සත් රාජධානියේ Birmingham හීදී පැවැත්වීමට නියමිත අතර Mo Farah 2017 වසරින් පසු සිය මව්බිමේ දී තරගාවලියකට එක්වන මුල්ම අවස්ථාව ද මෙයයි.

2017 වසරේ දී ධාවන පථ ඉසව්වන්ට සමුදී මාර්ග ධාවනයට යොමු වූ Mo Farah නැවතත් ධාවන පථ ඉසව්වන්ට යොමු වීමට තීරණය කළ අතර ඔහුගේ අරමුණ බ්‍රිතාන්‍ය කණ්ඩායම නියෝජනය කරමින් 2021 ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමයි.

තවත් මලල ක්‍රීඩා පුවත්: 

ඒ අනුව මෙම තරගාවලියට නම් කළ බ්‍රිතාන්‍ය සංචිතයට Mo Farahට අමතරව Sam Atkin, Emile Cairess, Kristian Jones, Marc Scott සහ Jake Smith යන ක්‍රීඩකයින් සහ Jessica Judd, Amy-Eloise Markovc, Eilish McColgan, Jenny Nesbitt, Verity Ockenden සහ Lily Partridge යන ක්‍රීඩිකාවන් ඇතුළත් වෙනවා.

මෙම තරගාවලියේ පළමු ස්ථාන ද්විත්වය දිනා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට 2021 ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා.

ඔලිම්පික් ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම දිගුදුර ධාවකයෙකු ලෙස සැලකෙන Mo Farah 2021 සහ 2016 ඔලිම්පික් උළෙලේ මීටර් 5000 සහ 10,000 ඉසව්වල රන් පදක්කම් දිනා ගැනීමට සමත් වුනා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<