හිටපු ඔලිම්පික් ශූරිය දිවි ගමනින් සමුගනී

436
Tori Bowie dies at 32

ඇමරිකාව නියෝජනය කරමින් ඔලිම්පික් සහ ලෝක ශූරතා පදක්කම් දිනූ ක්‍රීඩිකා Tori Bowie මිය ගිය බව ඇයගේ කළමනාකරුවන් තහවුරු කර තිබෙනවා.

ඇය සිය නිවස තුළ මිය ගොස් සිටිය දී සොයා ගත් බව Florida පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කළ අතර ඇයව දින කිහිපයක සිට කිසිවෙකු නොදැක නිසා ඇති වූ සැකයක් මත මෙම සෝදිසි කිරීම කල බව ද ඔහු ප්‍රකාශ කළා.

ඇයගේ මිය යාමට හේතුව තවමත් තහවුරු වී නොමැති නමුත් පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණේ එම මරණය සැක කටයුතු මරණයක් නොවන බවයි.

ඇමරිකාව නියෝජනය කරමින් ලෝක මලල ක්‍රීඩා පිටියේ ඉහළ දස්කම් දැක්වූ ඇය 2016 ඔලිම්පික් උළෙලේ දී ඇමරිකා මීටර් 4X100 සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කරමින් රන් පදක්කමක් සහ මීටර් 100 ඉසව්වේ රිදී පදක්කමත්, 200 ඉසව්වේ ලෝකඩ පදක්කමත් දිනා ගන්නට සමත් වුනා.

පසුව පැවති 2017 ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ දී 4X100 සහය දිවීමේ තරගයේ රන් පදක්කම දිනා ගත් ඇය එම තරගාවලියේ මීටර් 100 ඉසව්ව තියුණු සටනකින් පසු ජයග්‍රහණය කිරීමට ද ඇයට හැකි වුනා.

එම තරගයේ ජයග්‍රාහිකාව තේරීම ඉතා අපහසු තියුණු අවසානයක් තිබූ නිසා ඡායාරූප අවසානයක් මගින් පළමුවැන්නා තීරණය කළ එම තරගය ඇය ජයග්‍රහණය කළේ තත්පර 0.01ක තියුණු පරතරයකින්.

ඇය 2019 වසරේ පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට ද සහභාගී වූවත් ජයග්‍රහණයක් ලබා ගැනීමට ඇයට හැකි වුනේ නැහැ. 1990 උපත ලැබූ ඇය මිය යන විට 33 වන වියේ පසු වුනා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<