“මුදල් පිළිබද අක්‍රමිකතා තිබුනේ අපේ පත්වීම් වලට කලින්” – අනුර ද සිල්වා

439
COPE

‘’2006 සිට 2012 කියන්නේ සුළු කාලයක් නෙවෙයි. විගණකාධිපති දෙපාර්තුමේන්තුවට අනුව එම කාලයේ පටන් මුදල් පිළිබද අක්‍රමිකතා තිබුණා.’’ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා මෙලෙස පවසා සිටියේ, මුදල් පිළිබද අක්‍රමිකතා සඳහා  වර්තමාන පරිපාලනය සම්බන්ධ නොමැති බවයි.

පසුගිය ලිපි: ”චන්න මිනී වලවල් කපන්නේ සම්මේලනයේ වරදින්ද?” – හිටපු සභාපති අසයි

මාධ්‍ය වාර්තා වලට අනුව එවකට හිටපු සභාපති රන්ජිත් රොද්‍රිගෝ මහතා සහ විධායක නිලධාරී අනුර ද සිල්වා මහත්වරුන්ගේ සේවා කාලය තුදී  ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සිදුවී ඇති මුදල් පිළිබද අක්‍රමිකතා සම්බන්දයෙන් රාජ්‍ය ව්‍යාවසාය පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව (COPE) විසින් චෝදනා ගොනු කර ඇත.

කෙසේ වුවද, මෙම අක්‍රමිකතා සිදු වී ඇත්තේ වර්තමාන පරිපාලනයට පෙර එනම් 2006 සිට 2012 දක්වා වර්ෂ වල දී බැවින් සියලුම චෝදනා අසත්‍ය බව තහවුරු විය.

තවද, බුද්ධි ලියනගේ, තිලින පණ්ඩිතරත්න, ගාමිණී රන්දෙණිය, හර්ලි සිල්වෙයිරා සහ සරත් වීරසේකර යන පුද්ගලයින් මෙම සිදුවීමට වගකියුතු වන්නේ එම කාල සිමාවන් තුලදී ඔවුන් පාපන්දු සම්මේලනයේ සභාපතිවරුන් වශයෙන් සේවා කර ඇති නිසාවෙනි.

‘’මෙම අක්‍රමිකතා නිසා සම්මේලනය දැඩි අධීක්ෂණයකට ලක් කිරීමට සිදුවුණා, මොකද COPE සභාව විසින් සම්මේලනයේ විනිවිදභාවය තහවුරු කරගැනීම සදහා ක්‍රියාකාරකම්, සැලසුම් සහ අනෙකුත් සියලුම තොරතුරු පුද්ගලිකව ඉල්ලා සිටියා.’’ යැයි අනුර ද සිල්වා මාධ්‍ය හමුවේදී පැවසිය.

තවද, වැරදිකරුවන් සොයා අපරාධ පරීක්ෂණ අංශය විසින් විමර්ශනයන් ද සිදුකරමින් පවතියි.

මුදල් අක්‍රමිකතා පරීක්ෂණය පිළිබදව විස්තර හෙලි කිරීමට ඉහල නිළධාරීන් හට අධිකරණය විසින් තහනම් කර ඇති නිසාවෙන් ඔවුන්ගෙන් තොරතුරු ලබා ගත නොහැකි විය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට