ICC විසින් ක්‍රිකට් ක්‍රීඩාවට පවතින නීති කිහිපයක ම සියුම් වෙනස් කම් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම නීති අතරට එක්දින තරගයක පන්දු දෙකක් භාවිත කිරීම, විනිසුරු තීරණ නැවත විමසා බැලීම වැනි නීති කිහිපයක සැලකිය යුතු වෙනස්කම් සිදු කිරීම විශේෂත්වයක්.
එක්දින තරගයක පන්දු දෙකක් භාවිත කිරීමේ නීතිය
මෙතෙක් කල් එක්දින තරගයක් සඳහා පන්දු යවන අන්ත දෙකෙන් පන්දු ද්විත්වයක් භාවිත කිරීම සිදු කළා.
මෙම නීතිය පැමිණීමට පෙර එක් පන්දුවක් පමණක් භාවිත කිරීම සිදු කළ අතර, එමගින් පන්දු යවන්නන් බොහෝ විට පන්දුව ගුවනේ දෝලනය කිරීමේ වාසිය ලබා ගැනීමට ද සමත් වුනා. නමුත් පසුව පන්දු දෙකක් භාවිත කිරීම නිසා පන්දුව එතරම් පරණ නොවීම හේතුවෙන් එම වාසිය ලැබීමේ අවස්ථාව පන්දු යවන්නන් හට අහිමි වුනා.
කෙසේ වෙතත් නව නීතිය අනුව එක්දින ඉනිමක 34 වැනි පන්දුවාරය දක්වා පන්දු දෙකක් භාවිත කළ යුතු අතර, 35 වැනි පන්දුවාරයේ සිට පන්දු යවන කණ්ඩායම විසින් තෝරා ගන්නා එක් පන්දුවක් පමණක් භාවිත කිරීමට අවස්ථාව හිමි වනවා.
මෙම නීතිය එළඹෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරගාවලියේ දී ද ක්‍රියාත්මක වනු ඇති.
එමෙන්ම එක් ඉනිමක් පන්දුවාර 25කට සීමා වේ නම් එක් පන්දුවක් පමණක් භාවිත කිරීමට ද මෙහි දී තීරණ ගෙන තිබෙනවා.
Concussion Sub නීතිය
තරගයක ක්‍රීඩා කරන ක්‍රීඩකයකු ආබාධයකට ලක් වීමේ දී ඔහු වෙනුවට තවත් ක්‍රීඩකයකු කැඳවීමේ මෙම නීතිය වෙනස් වී ඇති අතර, මෙහි දී තරගය ආරම්භ වීමට පෙර සෑම කණ්ඩායමක් ම තම ආදේශක ක්‍රීඩකයින් (කඩුලු රකින්නෙක්, පිතිකරුවෙක්, වේගපන්දු යවන්නෙක්, දඟ පන්දු යවන්නෙක් සහ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්) පස් දෙනෙක් නම් කළ යුතු අතර, ආබාධයට ලක් වන ක්‍රීඩකයා අනුව අදාළ නම් කළ ක්‍රීඩකයින්ගෙන් අයෙක් තරගයට රැගෙන ආ හැකි.
හයේ සීමාව අසල පන්දු රැකීම
මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයක් ලබන අතර, එහි දී හයේ සීමාව අසල සිටින පන්දු රකින්නන් විසින් රැක ගන්නා උඩ පන්දු පිළිබඳ විශේෂ අවධානයක් හිමි වනවා.
මෙහි දී ක්‍රීඩකයින් හයේ සීමාවෙන් ඉවතට ගොස්, ඉහළට පනිමින් පන්දු නතර කරමින් පසුව ඒවා උඩ පන්දු බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් මෙම නීතිය ගෙනවිත් තිබෙනවා.
මේ අනුව ක්රීඩකයකුට හයේ සීමාවෙන් ඉවත සිට ඉහළට පැන පන්දුව ස්පර්ශ කළ හැකි වන්නේ එක් වරක් පමණයි. ඉන් පසුව ඔහුට නැවත ක්‍රීඩා පිටිය තුළට පැමිණ සිය උඩ පන්දුව සම්පූර්ණ කළ හැකි.
ටෙස්ට් තරග සඳහා කාලය මැනීමක්
එක්දින තරගවල දී පන්දුවාර දෙකක් අතර නියමිත කාලයක් පවත්වා ගැනීමේ නීතිය දැන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ද රැගෙන විත් තිබෙනවා.
මේ අනුව ටෙස්ට් තරගයක පන්දුවාර දෙකක් අතර උපරිම තත්පර 60ක කාලයක් පවත්වා ගත හැකි අතර, මෙම කාලය ඉක්මවා යෑමේ දී තරග විනිසුරු විසින් දෙවරක් අවවාද කරනු ඇති.
එම අවවාද ද්විත්වයෙන් අනතුරුව පන්දු යවන කණ්ඩායමට දඬුවම් ලකුණු 05ක් හිමි වනු ඇති. ඉනිමක පන්දුවාර 80ක් නිම වීමෙන් පසුව නැවතත් විනිසුරු විසින් අවස්ථා දෙකක දී අවවාද සිදු කර, පසුව අදාළ දඬුවම් ලකුණු ලබා දෙනු ඇති.
පන්දුවක ඛේටය ආලේප කිරීම
පන්දුවක ඛේටය ආලේප කිරීම සම්බන්ධයෙන් තිබූ නීති ප්‍රකාරව එවන් අවස්ථාවක පන්දුව මාරු කිරීම සිදු කළ යුතුව තිබුණා. නමුත් නව නීතිය අනුව එමගින් පන්දුවට හානි සිදු වී නැති නම් පන්දුව තරගයට භාවිත කළ හැකි.
මෙයසම්පූර්ණයෙන්ම තරග විනිසුරුවරුන් අත ඇති තීරණයක් වන අතර, මෙමගින් ක්‍රීඩකයින් පන්දුව මාරු කිරීමේ බලාපොරොත්තුවෙන් ම එහි ඛේටය ආලේප කිරීමේ සිදුවීම් පාලනය කිරීම සිදු වනු ඇති.
- ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අර්ජුනාලංකාරය
- වේගමානයේ මකුළු දැල් කැඩූ දිල්හාර ප්‍රනාන්දු
- බුරුල් ඇණයක් නොවූ රියල් ඇණය – ගුරුසිංහ
- ගංදස්සාරයක් නොවූ සංගක්කාර!
- රට වෙනුවෙන් වැඩ හතරම කළ හෂාන්
විනිසුරු තීරණ නැවත සලකා බැලීම්
උදාහරණය:
පිතිකරුවකුගේ පිත්තේ දාරයක වැදී පිටුපසට ඇදී යන උඩ පන්දුව රැක ගැනීමේ අවස්ථාවක්.
මෙහි දී පිටියේ විනිසුරු එය දැවී යාමක් බව දැක්වීමෙන් පසුව පිතිකරු DRS අවස්ථාවක් වෙත ගොස් විනිසුරු තීරණය අභියෝගයට ලක් කරයි. මෙහි දී නැවත එම දැවී යාම නිරීක්ෂණය කරන විට එම පන්දුව පිතිකරුගේ පිත්තේ නොවැදී පා ආවරණයේ පමණක් වැදී යයි. මේ අනුව උඩ පන්දුව රැක ගැනීමෙන් ඔහු දැවී නොයයි. නමුත් මෙහි දෙවැනි අවස්ථාව ලෙස පිතිකරු කඩුල්ල මුවා කිරීමේ වරද සිදු කර ඇති ද යන්න විමසා බලයි.
මෙහි දී කඩුල්ල මුවා කිරීම පිළිබඳ විමසන විට ලැබුණු විනිසුරු තීරණය (Original Decision) “Out” ලෙස පෙන්වනු ඇති.
(මීට පෙර පිතිකරු උඩ පන්දුවෙන් දැවී නොයන නිසා Original Decision – Not Out ලෙස දැක්වූ නමුත්, දැන් විනිසුරු විසින් ලබා දුන් පළමු තීරණය දැවීයාමක් නිසා Original Decision – Out ලෙස දක්වනු ඇති. මෙය කඩුල්ල මුවා කිරීමේ දී දක්නට ලැබෙන Umpire’s Call අවස්ථාවට බලපෑමක් සිදු කරනු ඇති.)
මීට අමතරව තරග විනිසුරු සහ ක්‍රීඩක ඉල්ලීම් තෙවැනි විනිසුරු හරහා සලකා බැලීමේ නීතිය ද වෙනස් කර තිබෙනවා.
උදාහරණය:
පිතිකරුවකු කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට ප්‍රතිවාදී ක්‍රීඩකයින් ඉල්ලීම් කරනා අතරේ, එම පිතිකරුවා දුවද්දී දැවී යාමකට ද හසු වෙයි. මෙහි දී ඔහු දුවද්දී දැවී ගියා ද යන්න පිටියේ විනිසුරුවන් වෙත තහවුරු කිරීම තෙවන විනිසුරු විසින් සිදු කරයි. මෙහි දී නව නීතිය අනුව පළමුව පිතිකරුවා කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වේද යන්න (ක්‍රීඩක ඉල්ලීම) නිරීක්ෂණය කළ යුතු වනවා. මීට පෙර සෑම විටම තීරණ ලබා දීමේ දී විනිසුරු ඉල්ලීමට පළමු තැන ලබා දීම සිදු කළා.
නිපන්දුවකට උඩ පන්දු රැක ගැනීම
මීට පෙර නිපන්දුවක් සඳහා උඩපන්දුවක් ලබා දීමේ දී එම උඩ පන්දුව නිවැරදිව රැක ගත්තා ද යන්න නිරීක්ෂණය කළේ නැහැ. නමුත් නව නීතිය අනුව එය නිරීක්ෂණය කළ යුතු අතර, උඩ පන්දුව නිවැරදිව රැක ගෙන ඇත් නම්, පිතිකරණ කණ්ඩායමට නිපන්දුව සඳහා පමණක් එක් ලකුණක් හිමි වනු ඇති. උඩ පන්දුව නිවැරදිව රැක නොගත්තා නම්, එම පන්දුවට පිතිකරුවන් ලැබූ ලකුණු ඔවුන්ට හිමි වනු ඇති.
කෙටි ලකුණු දිවීම
මීට පෙර පිතිකරුවන් ලකුණු සඳහා පැති මාරු කර ගැනීමේ දී කෙටි ලකුණු (නිවැරදි ලෙස සීමා ඉර ලකුණු නොකරමින් දිව යාම) ලබාගත් වරදට හසු වුව හොත්, ඔවුන්ට දඬුවම් ලකුණු 05ක් හිමි වුනා.
නමුත් නව නීති යාවත්කාලීන කිරීම අනුව එවන් අවස්ථාවක එම දඬුවම් ලකුණු වලට අමතරව, ඊළඟ පන්දුවට මුහුණ දෙන්නේ කුමන පිතිකරුවා ද යන්න තීරණය කිරීමේ අවස්ථාව පන්දු යවන කණ්ඩායමට හිමි වනු ඇති.
දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
ESPN Cricinfo ඇසුරිනි.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<