‘EVA’ සමස්ත ලංකා දැල්පන්දු තරගාවලිය ජුනි 30දා

339

බස්නාහිර පළාත් දැල්පන්දු සංගමය සංවිධානය කරන ‘EVA’ සමස්ත ලංකා විවෘත දැල්පන්දු තරගාවලිය එළඹෙන ජුනි 30 හා ජුලි 1 යන දෙදින කොළඹ 02, ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

සිංගප්පූරු ක්‍රීඩිකාවන් හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක්

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කළ සිව්කොන් ආරාධිත ජාත්‍යන්තර දැල්පන්දු..

මෙම තරගාවලිය ක්‍රීඩා සමාජ, වෙළඳසේවා, රාජ්‍ය ආයතන, බැංකු, විශ්වවිද්‍යාල හා සියලුම පාසල් සඳහා විවෘතය. මෙම තරගාවලියට අනුග්‍රාහකත්වය දක්වන්නේ ‘International Cosmetics’ පෞද්ගලික ආයතනයයි.

පසුගිය වසරේ දී ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමස්ත ලංකා දැල්පන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගත් අතර නාවික හමුදා ක්‍රීඩා සමාජය දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය. කණ්ඩයම් කාන්තා 120ක් සහභාගී වූ මෙම තරගාවලියට පිරිමි කණ්ඩයම් 10ක් සහභාගී වූ අතර යුනයිටඩ් ක්‍රීඩා සමාජය පිරිමි ශූරතාවය ජයග්‍රහණය කරන්නට සමත් විය.  

මෙම තරගාවලිය කාණ්ඩ හතරකට අනුව ක්‍රියාත්මක වනු ඇත.

1.A කාණ්ඩය (කාන්තා හා පිරිමි විවෘත)
2.B කාණ්ඩය (කාන්තා විවෘත)
3.පාසල් කාණ්ඩය (වයස අවුරුදු 15 පහළ, 17න් පහළ,19 න් පහළ)
4.ප්‍රවීණයින්ගේ කාණ්ඩය (වයස අවුරුදු 40ට වැඩි කාන්තා)

එක් තරගකරුවෙකුට ක්‍රීඩා කළ හැක්කේ එක කණ්ඩයමක් සඳහා පමණක් වන අතර එක කණ්ඩායමකට ඇතුළත් විය හැක්කේ තරගකරුවන් 12ක් හා නිලධාරීන් තිදෙනෙකුට පමණි.  

“බස්නාහිර පළාත් දැල්පන්දු තරගාවලියට EVA අනුග්‍රහය දක්වන්න ආරම්භ කළේ වසර 25කට පෙරයි, කාන්තා ක්‍රීඩාවන් ප්‍රචලිත කරන සන්නාමයක් ලෙස දැල්පන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට හැකි වීම ඉතා හොඳයි, වසර 25ක් දැන් අපි මේ තරගාවලියට අනුග්‍රහය දක්වනවා වගේම ඉදිරියටත් තවත් වසර 250කටවත් අපි මෙම තරගාවලියට අනුග්‍රහය දක්වනවා.” – International Cosmetics පෞද්ගලික සමාගමේ වෙළඳ ප්‍රවර්ධන කළමනාකාරිනී ශිරානාස් කනෙයි (Shiranaaz Kaney) මහත්මිය පැවසිය.  

සියලුම කණ්ඩායම් සඳහා ලියාපදිංචි වීමට ලබා දී ඇති කාලය ජුනි 20 වනදායින් අවසන් වන අතර ජුනි 22 වැනිදා නිදහස් මාවතේ ක්‍රීඩා පාසලේ දී තරගාවලියේ තරග කාලසටහන (draw) සකස්වෙනු ඇත. ලියාපදිංචි වීමේ අයදුම්පත් තරගාවලි ලේකම් ශීර්වෝන් පෙරේරා මහත්මියගෙන් හෝ රියෝ රාමලාන් මහත්මියගෙන් ලබාගත් හැක.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<