යුරෝපා මලල ක්‍රීඩා ශූරතාවලියත් අවලංගු වෙයි

54

මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ තවත් ප්‍රමුඛ පෙළෙහි මලල ක්‍රීඩා තරගාවලියක් වූ යුරෝපානු මලල ක්‍රීඩා ශූරතාවලිය, පවතින කොරෝනා වයිරස තත්වය නිසාවෙන් අවලංගු කිරීමට සංවිධායකයින් තීරණය කර ඇත.

කොරෝනා තවත් ධාවන තරගයකට දොරගුළු දමයි

පැතිර යන කොරෝනා වයිරස තත්වය නිසාවෙන් මෙම වසරේ ජර්මනියේ……

වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම තරගාවලියේ මෙවර අදියර අගෝස්තු මස 25 සිට 30 දක්වා ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වීමට නියමිතව තිබුණි.

මෙම අවලංගු කිරීම පිළිබඳව නිවේදනය කරමින් යුරෝපානු මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කර සිටියේ, පැතිර යන වසංගත තත්වය පාලනය කිරීම අපහසු මට්ටමකට පැමිණ ඇති බැවින් හා ප්‍රංශයේ මේ වන විට පනවා ඇති තහනම් නියෝග නිසාවෙන් මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි.

“කෙසේ නමුත් මෙම කරදරකාරී තත්වය යම් දුරකට පාලනය වූ පසුව ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් හට සහභාගි වීමට විශාල තරගාවලියක් මෙම ගිම්හානය අවසානයේ දී පැවැත්වීමට අප බලාපොරොත්තුවෙන් පසුවනවා” යැයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කර තිබුණි.

ඒ අනුව මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය නිල වශයෙන් අවලංගු වන අතර නැවත තරගාවලිය 2022 වසරේ අගෝස්තු මස ජර්මනියේ දී පැවැත්වීමට නියමිතව ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<