MMA ශූරයෙකු පිටියට සමුදෙයි

136
PIC curtesy - Getty Images

යූඑෆ්සී බොක්සිං තරගාවලි ඉතිහාසයේ කාණ්ඩ දෙකක් නියෝජනය කළ ලෝක ශූරයෙකු වන ජොර්ජස් සෙන් පියර් බොක්සිං වළල්ලට සමු දීමට තීරණය කර තිබේ.

37 හැවිරිදි කැනඩාවේ ජොර්ජස් සෙන් පියර් 2017 වසරේ නොවැම්බර් මාසයේ දී වසර 4කට පසු නැවතත් යූඑෆ්සී වළල්ලට පිවිසියා.

තහනම් ලෙස උත්තේජනය වූ ඔහුගේ නම හෙළිවේ

තහනම් උත්තේජක භාවිතය මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව පහත බැසීමට දැඩි ලෙස හේතුවී තිබේ. තහනම් උත්තේජක භාවිත කළ බවට පසුගිය සතියේ දී

එහී දී මහා බ්‍රිතාන්‍යයේ මිචෙල් බිස්පිංව පරාජය කරමින් ඔහු යූඑෆ්සී මිඩ්ල්වෙයිට් බඳ පටිය හිමි කර ගැනීමට සමත් වුනා

යූඑෆ්සී තරග ඉතිහාසයේ කාණ්ඩ කිහිපයක බඳ පටි හිමිකරගත් ක්‍රීඩකයින් හය‍ දෙනා අතර ජොර්ජස් සෙන් පියර්ගේ නාමයට තිබීම විශේෂත්වයක්. යූඑෆ්සී හි වෙල්ටර්වෙයිට් බඳ පටිය දින 2204ක් සිය සන්තකයේ තබා ගැනීමට ජෝර්ජස් සමත් වුනා. ඔහු මේ වන විට ශූරතාවලි 13ක් ජයග්‍රහණ කර තිබේ.

ජෝර්ජස් 2017 වසරේ දී බිස්පින් සමඟ පැවති තරගය ජය ගැනීමත් සමඟ වාර්තා පොත් අතරට එක් වූයේ බර පන්ති දෙකකින් තරග කර ශූරතා දිනූ සිව්වැනි ක්‍රීඩකයා ලෙසයි. කෝනර් මක්ග්‍රෙගර්, බී. ජේ. පෙන් සහ රැන්ඩි කොව්ටුරේ මීට පෙර එම දක්ෂතාව දක්වා තිබෙනවා. ජෝජස් 2013 වසරේ දී අඛණ්ඩව තරගාවලි 9ක් ජය ගැනීමට සමත් වී ඇත.

සිය සමුගැනීම පිළිබදව අදහස් දක්වමින් ඔහු පැවසුවේ තමන්ට ඒ පිළිබදව කිසිදු කනගාටුවක් නොමැති බවටයි. තවද තමන් සිය ජයග්‍රහණ පිළිබඳව ඉතාමත් සතුටු වන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<