එශාන් සහ විශේන් SA20 තරගාවලියට!

SA20 2025-26

38
SA20 2025-26

SA20 විස්සයි විස්ස ක්‍රිකට් ලීගයේ 2025-26 තරග වාරය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම්වල සංචිත සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (09) ක්‍රියාත්මක වුනා.

මෙහි දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ලෙස විශේන් හැළඹගේ සහ එශාන් මාලිංග SA20 තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා ගත්තා.

ඊයේ පැවැත්වුණු ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළම මුදලක් හිමි වූ ක්‍රීඩකයා ලෙස දකුණු අප්‍රිකාවේ Dewald Brevis හට Rand මිලියන 16.5ක (Rand = දකුණු අප්‍රිකානු මුදල් ඒකකය) වටිනාකමක් හිමි වුනා. Pretoria Capitals කණ්ඩායම විසින් Brevis හට එවන් වටිනාකමක් ලබා දෙන අතරේ, Durban’s Super Giants කණ්ඩායම විසින් Aiden Markram හට Rand මිලියන 14ක වටිනාකමක් ලබා දෙමින් ඔහු සිය කණ්ඩායමට එක් කර ගත්තා.

මීට අමතරව මෙම වෙන්දේසියේ දී ඉහළම වටිනාකම් හිමි වූ ක්‍රීඩකයින් ලෙස දකුණු අප්‍රිකාවේ ම Nandre Burger, Gerald Coetzee සහ Nandre Burger යන ක්‍රීඩකයින්ගේ නම් සටහන් වුනා.

මේ අතර මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළ වටිනාකම් හිමි වූ ක්‍රීඩකයින්ගේ හිමිකාරීත්වය නොලැබුණත් Paarl Royals කණ්ඩායම ද David Miller, Sikandar raza ප්‍රමුඛ ප්‍රබල කණ්ඩායමක් ගොඩ නැගීමට සමත් වී තිබෙනවා. කුමාර් සංගක්කාරගේ සහය ද සමඟ ඊයේ වෙන්දේසියේ දී ඔවුන් විසින් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක එශාන් මාලිංග Rand මිලියනයක මුදලකට සහ යොවුන් ශ්‍රී ලංකා ක්‍රීඩක විශේන් හැළඹගේ Rand 200,000ක මුදලකට තම කණ්ඩායමට එක් කර ගැනීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් මෙවර වෙන්දේසිය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූ කුසල් පෙරේරා සහ බිනුර ප්‍රනාන්දුගේ නම් වෙනුවෙන් ඉඩක් කණ්ඩායම්වල ඉඩක් වෙන් වුනේ නැහැ.

දෙස්, විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<