අතුරු තහනම විසි වේ; නිලවරණයට දොර ඇරේ

523

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම තහනම් කරමින් පසුගිය 30 වැනිදා නිකුත් කළ අතුරු තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ගරු අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

සුමතිපාල මහතාගේ අසුන ක්‍රීඩා ඇමතිගේ ලේකම්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති වන තිලංග සුමතිපාල මහතා ඇතුළු කණ්ඩායමේ…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අතර නිශාන්ත රණතුංග මහතා විසින් නිලවරණයට එරෙහිව ඉදිරිපත් කරන ලද පෙත්සමක් සැලකිල්ලට ගෙන ක්‍රිකට් නිලවරණයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නට අභියාචනාධිකරණය පසුගිය (30) වැනිදා පියවර ගත්තේය. ඒ නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය නියමිත දිනයට පැවැත්වීමට නොහැකි විය.   

එදින (30) අධිකරණය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට තහනමක් පැනවූ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය නියමිත දිනට පැවැත්වීමට නොහැකි විය. එබැවින් සුමතිපාල මහතා අතුරු පාලන කමිටුවක් දැමීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශ්වාසය පිළිබඳව ජාත්‍යන්තරයේ නැගෙන අවිශ්වාසය ඇතුළු කරුණු කාරණා කිහිපයක් පිළිබඳව ෆයිසර් මුස්තාෆා මහතා දැනුවත් කරමින් සිය පාලන මණ්ඩලයේ කාලය තවත් සති 12කින් වැඩි කර දෙන ලෙස ඉල්ලා තිබුණු නමුත් නීතිපතිතුමන්ගේ උපදෙස් අනුව කටයුතු කළ ක්‍රීඩා අමාත්‍යතුමා ඒ සඳහා අවසර නොදුනි.

අතුරු තහනමක් නිලවරණයට හරහට හිටී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය හෙට (31) පැවැත්වීමට නියමිතව තිබූ අතර නිලවරණයට…

අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති වන තිලංග සුමතිපාල මහතා ඇතුළු පිරිසේ ධූර කාලය අවසන් කරමින් පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පසුගිය මැයි 31 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩ බැලීම සඳහා එම අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා පත් කරන ලදි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා නැවතත් නාම යෝජනා ලබා ගැනීම ඉදිරියේ දී ආරම්භ කළ යුතු අතර කෙසේ නමුත් නිලවරණය පවත්වා අවසන් කිරීමට අවම වශයෙන් තවත් මාස 3ක පමණ කාලයක් ගත වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<