එංගලන්ත රග්බි වගකීම නැවතත් සුපුරුදු පුහුණුකරුටම

91

Six Nations රග්බි තරගාවලිය ආරම්භ වීමට පෙර 2023 ලෝක කුසලානය අවසන් වන තෙක් එංගලන්තයේ ප්‍රධාන පුහුණුකරු ලෙස රැඳී සිටින ලෙස එංගලන්ත රග්බි සම්මේලනය වත්මන් පුහුණුකරු වන Eddie Jonesගෙන් ඉල්ලා ඇත. 

එහි මූල්‍ය කොන්දේසි සඳහා Eddie Jones එකඟ වූ නමුත් ඔහු කියා සිටියේ Six Nations තරගාවලිය අවසන් වන තෙක් තම තීරණය ප්‍රමාද කරන බවයි. ඒ ක්‍රීඩකයන් තවමත් ඔහුට ප්‍රතිචාර දක්වන්නේ දැයි හඳුනා ගැනීමට බවත් ඔහු කියා සිටියේය. 

නවසීලන්ත රග්බි වෙනුවෙන් All Blacks විරුවන් පෙරමුණ ගනියි

ඉදිරි කාලසීමාව තුල දී ආර්ථිකමය වශයෙන් අර්බුද රැසකට මුහුණ පෑමට සිදු…..

ලෝක කුසලාන අවසන් තරගය සඳහා ක්‍රීඩා කළ එංගලන්තය ප්‍රංශය හමුවේ ලකුණු 17-00ක් ලෙස ආරම්භක අර්ධයේ දී පසුබැස්සේය. නවසීලන්තයට එරෙහිව වාර්තා කළ ඔවුන්ගේ ලෝක කුසලාන අවසන් පූර්ව තරග ජයග්‍රහණය වැස්සෙහි දිය සායම් මෙන් මැකී ගියේය. 

Twickenham හි අයර්ලන්තය සහ වේල්සය අභිබවා යාමට පෙර ඔවුන් ස්කොට්ලන්තය අභිබවා ගියේ Murrayfield හිදීය. එංගලන්ත ක්‍රීඩකයන් තවමත් Eddie Jonesගේ ක්‍රමවේදයන් කෙරෙහි විශ්වාසයක් ඇති බව එහි දී පැහැදිලි විය.

“ප්‍රංශයට පරාජය වෙන්නෙ හේතුව ක්‍රීඩකයන්ට වඩා මගේ දුර්වල පුහුණු වීම් රටාවයි” Eddie Jones  පැවසීය. “Six Nations තරගාවලියේ සංචිතයේ ආකල්පය ගැන මම සැබවින්ම සතුටු වෙනවා. මම හිතන්නේ අපි හොඳ දෙයක් කිරීමට පෙළඹී සිටිනවා. මට පේනවා අපි රග්බි ක්‍රීඩාව වෙනත් තලයකට ගෙන යනවා. එය හොඳ අවස්ථාවක්, මට පිටුපෑමට නොහැකි දෙයක්.” 

ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකාව හමුවේ Yokohama හිදී පරාජයට පත්වීමෙන් ටික කලකට පසු එංගලන්ත රග්බි පාපන්දු සංගමය Eddie Jones සමඟ සාකච්ඡා පැවැත්වූ අතර තරගාවලිය පිළිබඳ විවාදයකින් පසුව ඔහුට ඉදිරියට යාමට තීරණය කළේය. 

එංගලන්ත රග්බි පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක Bill Sweeney පැවසුවේ “Eddie Jones  ඇඟවීම් කළා ඔහුට සහතික කර ගැනීමට අවශ්‍ය දේවල් ඇති බව.” 

“අපි කොන්දේසි හයකට පෙර එකඟතාවකට ආවා. අපගේ අභිප්‍රාය වූයේ තරගාවලිය අවසන් වූ වහාම තීරණය නිවේදනය කිරීම. නමුත් මේ කොරෝනා වසංගතය සැබවින්ම තීරණාත්මක අවස්ථාවක දී රට අගුළු දැමීම හා එය රට කෙරෙහි ඇති කළ බලපෑම අනුව ඒ තීරණය එවකට ප්‍රකාශයට පත් කිරීම නුසුදුසු යැයි අපි සිතුවා.” 

කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා වන සමාජ රැස්වීම් සඳහා වූ සීමාවන් ඉවත් කළ විට නිගමනයකට එළඹෙන්නේ නම් එංගලන්තය Six Nations තරගාවලිය දිනා ගැනීමට වැඩිම අවස්ථාවක් සහිත කණ්ඩායම බවට පත්වනු ඇත. 

කෙසේ වෙතත් මෙම කොරෝනා වසංගතය නිසා Eddie Jones සහ RFU හි විධායකයින් තම සියලු අමතර දීමනා අවලංගු කර 25%ක වැටුප් කප්පාදුවක් කර ඇති අතර Twickenham හි කාර්ය මණ්ඩලයේ 60%ක් කප්පාදු කර ඇත. 

“අපි එය මුලදීම ක්‍රියාත්මක කළා” ක්‍රීඩාව මුහුණ දෙන මූල්‍ය අර්බුදය තමන්ටද බලපෑමක් වනු ඇතැයි විශ්වාස කරන Sweeney, අනාගතයේ ක්‍රීඩා සමාජ සහ වෘත්තීය සමිති පිරිවැය පාලනය කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කරනු ඇත. 

“අර්බුදයේ මෙම අවස්ථාවෙහිදී, ව්‍යාපාරික හා විවේචනාත්මක පුද්ගලයන් සිටිනවා. අපි සතියක් හෝ දෙකක් තුළ මේ තීරණ නැවත ඇගයීමට ලක් කරනවා.” 

රීසා රග්බි පිටියට ආයුබෝවන් කියයි

ඔහු රග්බි පිටියේ දේහදාරීම ක්‍රීඩකයා නොවන්නට ඇත. නමුත් ඔහුගේ නිර්භීත…..

ඉහළින් ඇති වැටුප් කප්පාදුව තාවකාලික වීමකට වඩා වැඩි වේ දැයි මාධ්‍යවේදීන් Bill Sweeneyගෙන් අසා තිබුණි. 

“එය කීමට ඉක්මන් වැඩී. එය අර්බුදයේ පළමු අදියර. අපට විය හැකි හොඳම හැඩයට අපව පත් කිරීම සඳහා වැඩසටහන් සකස් කිරීම තමයි අපේ බලාපොරොත්තුව. අපි එය පියවරෙන් පියවර ගෙන යන්නේ අවසන් රේඛාව කොහේ දැයි ඔබ නොදන්නා නිසා.  ඔබට මෙතරම් දරුණු යමක් ඇති විට දෝෂ සිදුවෙන්න පුළුවන්. ඒවා එකින් එක නිරාවරණය වේවි.” 

“මෙම අර්බුදය හමුවේ වඩා ශක්තිමත් වන්නේ කෙසේද යන්න පිළිබඳව සංවාද ගණනාවක් පවත්වනවා. අතීතයේ වැරදි පුනරාවර්තනය වන එකම ආකෘතියක් සමඟ නැවත පැමිණීමට අපට අවශ්‍ය නෑ. එය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් වඩා හොඳ ස්ථානයක ක්‍රීඩාවෙන් අප පිටතට එන ආකාරය පිළිබඳව ගැටලුවක්. පිරිවැය පාලනයන් වැදගත් වන අතර වාණිජ ආදායම උපරිම කර ගත හැකි වන පරිදි දින දර්ශනය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අප සොයා බැලිය යුතුයි.” 

එළඹෙන ගිම්හානයේ දී එංගලන්තය ජපානයේ සංචාරය කිරීම තමා අනිවාර්යයෙන්ම ප්‍රතික්ෂේප නොකරන බවත්, මේ මස අග වන විට ලෝක රග්බි ක්‍රීඩාවට සමගාමීව තීරණයක් ගන්නා බවත් Sweeney පැවසීය.

“එය අහෝසි වීමට ප්‍රබල හැකියාවක් තියනවා. නමුත් එය රටවල් 213ක් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000ක් තරග කරන ඔලිම්පික් උළෙලට වඩා තරමක් වෙනස්. එය කළමනාකරණය කිරීමට එතරම් අපහසු නෑ. එය ජපානයේ තත්වය සහ අපගේ ක්‍රීඩකයන්ගේ තත්වය මත රඳා පවතිනවා ” 

“ජූලි මාසයේ තරග සිදු නොවිය යුතු නම් අවිනිශ්චිත සැලසුම් ගණනාවක් ක්‍රියාත්මක වේවි. එවිට අපට නැවත ක්‍රීඩා කිරීමට හැකි වන විට අපට තරග නිසි පරිදි ක්‍රියාත්මක කරන්න පුළුවන් වේවි.” 

2015 ලෝක කුසලාන තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ අදියර සඳහා සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්තය කණ්ඩායම අපොහොසත් වීමෙන් පසු එම වසර අවසානයේ එංගලන්තය භාරගත් Eddie Jones  සිටින්නේ ඔහුගේ බිරිඳගේ පවුල ජීවත් වන ජපානයේ ය. ඔහු මෙම ධූරය සඳහා පත් කරන විට ඔහුගේ කාර්‍යයේ කොටසක් වූයේ ඉංග්‍රීසි පුහුණුකරුවන් උපදේශනය කිරීමයි. එය තවමත් එලෙසම පවතී. 

“පසුගිය වසර කිහිපය තුළ, Neal Hartley හා Paul Gustard Eddie Jonesගේ පුහුණු වීමෙන් ඉගෙන ගෙන සමාජ ශාලාවලට ගොස් තිබෙනවා. ඒ වගේම තවත් අයෙක් ලීස්ටර් වෙත පිටත් වෙනවා. මෙම චක්‍රයේ කොටසක් වන්නේ අපට හොඳම පුහුණු හා සංවර්ධන සැලැස්මක් ඇති බව සහතික කිරීමයි. ඒ සඳහා අපගේ අපේක්ෂාවන් ඉතා ඉහළ මට්ටමක තියනවා.”

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<