මෝර්ගන් ඇතුළු එංගලන්ත ක්‍රීඩකයින් ලෝක වාර්තා පොත පෙරළයි

225

විවිධ පැතිකඩ කිහිපයකින් ජාත්‍යන්තර ක්‍රිකට් පොතේ නව වාර්තා කිහිපයක්ම අලුතින් ලියවූ එංගලන්ත – ඕස්ට්‍රේලියා තෙවැනි එක්දින ක්‍රිකට් තරගය අවසානයේ ලොව වැඩිම එක්දින ලකුණු ලබා ගත් කණ්ඩායමට හිමි ලෝක වාර්තාව නැවත වරක් ඔවුන්ගේ එංගලන්තයට ඉදිරියෙන් ලියවිණි. ඊට අමතරව තවත් නව ක්‍රිකට් තරග වාර්තා කිහිපයක්ම මේ තරගයට පසුව බිඳ වැටෙන්නට විය.

රත්ගම වැල්ලේ යෝකර් රජු

අමුතුම පන්දු යවන්නෙක් ඔසී පිතිකරුවන් එදා කියන්නට ඇති, කවුද මේ? ලංකාවේ..

එසේම එංගලන්තයේ නායක ඉයන් මෝර්ගන් එරට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලබා ගත් වේගවත්ම අර්ධ ශතකය ලබා ගත්තේ එංගලන්ත එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ  වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවට ද පත්වෙමිනි. තවද මේ තරගයෙන් එංගලන්තය ලකුණු 242ක ජයග්‍රහණයක් ලබා ගැනීම නිසා එම ජයග්‍රහණය ඔවුන්ගේ එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය තුළ ලබා ගත් දැවැන්තම ජයග්‍රහණය ලෙස සැලකෙන අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක දී ලද දරුණුතම පරාජය ලෙස ද ඉතිහාසයට එක්කාසු විය.

ඊයේ දිනයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ඔවුන්ගේ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 481ක් ලබාගෙන එම නව ලෝක වාර්තාව පිහිටවූයේ ඔවුන් විසින්ම මීට වසර දෙකකට ඉහත දී පාකිස්තානයට එරෙහිව කඩුලු 3ක් දැවී ලකුණු 444ක් ලබාගෙන තබා තිබූ වාර්තාව බිඳ දමමිනි. එහි ඇති අනෙකුත් සුවිශේෂත්වය වන්නේ එම තරග දෙකම එකම ක්‍රීඩාංගණයක දී (නොටින්හැම්) පවත්වා තිබීමයි.

මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහර දීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් හට අනුකම්පා විරහිතව පහර දුන් එංගලන්ත කණ්ඩායම ඔවුන්ගේ ඉනිමේ 46 වැනි පන්දුවාරයේ දී පෙර ලෝක වාර්තා ලකුණ අභිබවා ලකුණු රැස්කර ගැනීමට සමත් විය. ඇලෙක්ස් හේල්ස් හා ජොනී බෙයාර්ස්ටෝව් වේගවත් ශතක දෙකක් ලබාගෙන මේ ලෝක වාර්තාව නැවත වරක් අලුත් කරන්නට එංගලන්ත කණ්ඩායමට සහය විය.

බෙයාර්ස්ටෝව් මේ තරගයේ දී සිය ක්‍රිකට් දිවියේ ලබා ගත් සිව්වැනි එක්දින ශතකය ලබා ගැනීමට සමත් වූ අතර එම ඉනිමට හතරේ පහර 15ක් හා හයේ 6 පහර 5ක් සමඟින් ලකුණු 139ක් අන්තර්ගත විය. ඔහුට සහය වුන හේල්ස් හතරේ පහර 6ක් හා හයේ පහර 6ක් සමඟින් ලකුණු 147ක් ලබා සිටිය දී දැවී ගියේය.

එංගලන්ත ඉනිමට එක්වූ ශතක දෙකට අමතරව අර්ධ ශතක දෙකක් එක් කිරීමට ජේසන් රෝයි හා නායක ඉයන් මෝර්ගන් සමත් විය. ජෝස් බ්ට්ලර්ගේ දැවී යාමට අනතුරුව පිටියට පිවිසුණු එංගලන්ත නායක ඉයන් මෝර්ගන් හතරේ පහර 3ක් හා හයේ පහර 6ක් සමඟ ලකුණු 67ක් ලබා ගත්තේ පන්දු 30ක් පමණක් වැය කරමිනි. එහි දී මෝර්ගන් විසින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ගනු ලබන්නේ පන්දු 21ක් පමණක් වැය කරමිනි. එය එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලබා ගත් වේගවත්ම අර්ධ ශතකය ලෙස  ඉතිහාසයට එක්කාසු විය. ඔහුගේ එම ලකුණු 67 ලබා ගැනීමත් සමඟම එංගලන්ත එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා බවට එතෙක් පත්ව සිටි ඉයන් බෙල් ලබා සිටි ලකුණු 5416 අභිබවා යමින් ලකුණු 5443ක් ලබාගෙන එහි පෙරමුණට පත්වීමට මෝර්ගන්ට අවස්ථාව උදා විය.

දකුණට පහසු අභියෝගයක්; පසිඳුගෙන් අර්ධ ශතකයක්

හෙට දින ක්‍රිකට් පිටියේ දිදුලතැයි විශ්වාස කෙරෙන තරු සොයමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…

එසේම එංගලන්තය 2016 වසරේ දී ලොව වැඩිම එක්දින ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට පෙර එම වාර්තාව ශ්‍රී ලංකා කණ්ඩායමේ නමට ඉදිරියෙන් ලියවී තිබුණි. ඒ සඳහා වාර්තා වී තිබූ ලකුණු 443 නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව ඇම්ස්ටලීවන් හිදී පැවති ක්‍රිකට් තරගයක දී ශ්‍රී ලංකාව විසින් වාර්තා කරන ලදි.

එංගලන්තය – 481/6 (50): ඇලෙක්ස් හේල්ස් 147, ජොනී බෙයාර්ස්ටෝව් 139, ජේසන් රෝයි 82, ඉයන් මෝර්ගන් 67, ජේ රිචර්ඩ්සන් 3/92.

ඕස්ට්‍රේලියාව – 239/10 (37): ට්‍රැවිස් හෙඩ් 51, මාර්කස් ස්ටෝනිස් 44, අදිල් රාශිඩ් 4/47.

තරග ප්‍රතිඵලය – එංගලන්තයට ලකුණු 242ක ජයක්

තරගයේ වීරයා – ඇලෙක්ස් හේල්ස්

එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ  තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී තරග 3-0ක් ලෙස තරගාවලිය ජය ගැනීමට එංගලන්තය සමත් වූයේ ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ප්‍රථමයා ඔවුන් යන්න තවදුරටත් ලොවට පසක් කරමිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<