තරගයේ ජය පරාජය වර්ෂාව තීරණය කරයි

623
ENGvSL Day 3

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්තය අතර තරඟාවලිය ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු  තරඟ දෙකකට සහභාගි වීමට නියමිත අතර එහි පළමු තරඟයේ තෙවන දිනය (10) එසෙක්ස්  කණ්ඩායමට එරෙහිව චෙල්ම්ෆෝර්ඩ් හිදී පැවැත්විය.

ශ්‍රී ලංකාවට පුහුණුවත් අභියෝගයක් වේ

ඊයේ දිනයේ (09) තරඟය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම තම දෙවන ඉණිම සඳහා පන්දුවාර 13 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 42 ක් ලබා සිටින ලදි. 

තෙවන දිනය තුළ දී චෙල්ම්ෆෝර්ඩ් පිටියට අධික වර්ෂාපතනය ක් පතිත වීම නිසා තරඟ තීරකවරුන් විසින් තරඟයේ තෙවන දිනය අත්හිටුවීමට තීරණය කල අතර එම නිසා පළමු පුහුණු තරඟය ජය පරාජයකින් තොරව නිමා විය.

යොවුන් කුසල් ගෙන් අර්ධ ශතකයක්

තරඟයේ දෙවන දිනයේ දී (09) එසෙක්ස් කණ්ඩායමේ 89 වන පන්දුවාරයේ 3 වන පන්දුවේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ධම්මික ප්‍රසාද් ගේ දකුණු උරහිසේ අබාධයක් ඇතිව ඇති අතර එම නිසා ඔහුට මීළඟ පුහුණු තරඟය බොහෝ දුරට අහිමි වන  බව වෛද්‍යවරුන් ඊයේ ප්‍ර‍කාශ කර සිටියා. ඒ ඊයේ පැවති ස්කෑන් පරික්ෂාවෙන් අනතුරුවයි. කෙසේ නමුත් එංගලන්ත මාධ්‍ය වාර්තා කරන්නේ ඔහුට ප්‍ර‍ම ටෙස්ට් තරගය මගහැරෙනු ඇති බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීළඟ පුහුණු තරඟය ලෙයික්ස් කණ්ඩායමට එරෙහිව මේ මස 13 – 15 දක්වා එංගලන්තයේ ලෙස්ටර්ශයර් හිදී පැවැත්වීමට නියමිතය.

ධම්මිකට ක්‍රීඩා කරන්න හැකි වෙයිද? මත විමසුමට ඔබේ අදහස දක්වන්න.

තවත් පුවත් සිංහලෙන් කියවන්න පිවිසෙන්න