ශ්‍රී ලංකාවට පුහුණුවත් අභියෝගයක් වේ

357
Sri lanka v England

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්තය අතර තරඟාවලිය ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු  තරඟ දෙකකට සහභාගි වීමට නියමිත අතර එහි පළමු තරඟයේ දෙවන දිනය (09) එසෙක්ස්  කණ්ඩායමට එරෙහිව චෙල්ම්ෆෝර්ඩ් හිදී පැවැත්විය.

යොවුන් කුසල් ගෙන් අර්ධ ශතකයක්

පළමු දින (08) තරඟය නිමා වන විට එසෙක්ස් කණ්ඩායම පන්දුවාර 24 යි පන්දු 5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 81 ක් ලබා සිටින ලදි.

දෙවන දිනයේ දි එසෙක්ස් කණ්ඩායම තම පළමු ඉණිමට පන්දුවාර 100 කදී කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 412 ක් ලබා සිටියදී ඉණිම අත්හිටුවීමට තීරණය කල අතර එසෙක්ස් කණ්ඩායම වෙනුවෙන් චාල්ස් මිකල්බර්ග් පන්දු 158 කදී 4 පහරවල් 17 ක් සමඟ ලකුණු 109 ක් හා දක්ෂ පිතිහරඹයක නිරත වූ තෝමස් වෙස්ට්ලි පන්දු 158 කදී ලකුණු 108 ක් ලබාගැනීමට 4 පහරවල් 14 ක් එල්ල කරන ලදි. එමෙන්ම රවීන්ද්‍ර බොපාරා පන්දු 127 කදී නොදැවී ලකුණු 87 ක් ගැනීමට 4 පහරවල් 9ක් වැය කරන ලදි. ඩැනියල් ලෝරන්ස් ලකුණු 57 ක් ලකුණු පුවරුවේ සටහන් කරන ලදි.

පන්දු යැවීමේදී ධම්මික ප්‍රසාද් ලකුණු 78 කට කඩුලු 2 ක් ද, ශමින්ද එරංග ලකුණු 55 කට එක් කඩුල්ලක් හා නුවන් ප්‍රදීප් ලකුණු 62 කට එක් කඩුල්ලක් දවාලීමට සමත් විය. 

අනතුරුව තම දෙවන ඉණිම ආරම්භ කල ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමා වන විට පන්දුවාර 13කදී කඩුලු 2 ක් දැවී ලකුණු 42 ක් ලබාගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී මැතිව් ඩික්සන් ලකුණු 17 කට එක් කඩුල්ලක් දවාලීමට සමත් විය. දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 16, කුසල් මෙන්ඩිස් ලකුණු 16 ක් හා කෞෂාල් සිල්වා ලකුණු 7 ක් ලබාගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම එසෙක්ස් කණ්ඩායමේ පළමු ඉණිමට වඩා කඩුලු 8 ක් අතැතිව ලකුණු 116 පසුපසින් සිටියි.
අද (10) තරඟයේ තෙවන හා අවසන් දිනයයි.

තවත් පුවත් සිංහලෙන් කියවන්න පිවිසෙන්න

Day Two Match Highlights