ජේසන් රෝයි, ඩේවිඩ් මලාන් හට පූර්ණ කොන්ත්‍රාත්තුව අහිමි වෙයි

378

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් හා සම්බන්ධ කොන්ත්‍රාත්තු සංශෝධනයක් පසුගිය දා සිදු වුනා. ඒ පිළිබඳ එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය (ECB) ඊයේ (11) නිවේදනය කළා.

Liam Livingstone (ලියාම් ලිවින්ස්ටන්) සහ Ben Foakes (බෙන් ෆෝක්ස්) හට ප්‍රථම වරට වාර්ෂික කොන්ත්‍රාත්තු හිමිව තිබෙනවා. එහෙත් Jason Roy (ජේසන් රෝයි) සහ David Malan (ඩේවිඩ් මලාන්) හට වැටුප් වර්ධකය අහිමිව තිබෙනවා.

Harry Brook (හැරී බෲක්), Mathew Potts (මැතිව් පොට්ස්), Reece Topley (රීස් ටොප්ලි), David Wlley (ඩේවිඩ් විලී) පළමු 30 දෙනා අතරට ඇතුළත්ව සිටිනවා. ඔවුන් මීළඟ මාස 12ක කාලය තුළ දී රතු පන්දුවෙන් සහ සුදු පන්දුවෙන් යන දෙකෙන්ම ක්‍රීඩා කිරීමට නියමිතයි.

“වේගපන්දු සංවර්ධන කොන්ත්‍රාත්තුව” නමැති කොන්ත්‍රාත්තුවට Bryden Carse (බ්‍රයිඩන් කාර්ස්), Matthew Fisher (මැතිව් ෆිෂර්) සහ Jamie Overton (ජෙමී ඕවර්ටන්) ප්‍රථම වරට ඇතුළත් වන අතර Saqib Mahmood (සකිබ් මහමුද්), Craig Overton (ක්‍රෙග් ඕවර්ටන්) සහ Olly Stone (ඔලී ස්ටෝන්) තවදුරටත් එතුළ රැඳෙනවා. සෑම ක්‍රිකට් රටාවකටම උචිත වේග පන්දු යවන්නන් අනාගතය වෙනුවෙන් පවත්වා ගැනීම වෙනුවෙන් එය නිර්මාපිතයි.

“ඉලක්කය තමයි සෑම ක්‍රිකට් රටාවකටම අදාළ ලෝක මට්ටමේ ක්‍රීඩකයන්ව දියුණු කිරීම සහ අපි ගමන යන්නේ ලොව හොඳම කණ්ඩායම වෙන්නටයි.”, එංගලන්ත ක්‍රිකට් කළමනාකාර අධ්‍යක්ෂ Rob Key (රොබ් කී) පැවසුවා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<