මාලදිවයින් ක්‍රීඩකයෝ අපරාජිතව ශූරතාවය දිනති

180

මාලදිවයිනේ Early Touch පාපන්දු ඇකඩමිය (ETFA) අපරාජිතව පළමු වරට පැවැත්වූ වයස අවුරුදු 15න් පහළ මැන්චෙස්ටර් පාපන්දු ඇකඩමි (MSA) ජාත්‍යන්තර නිදහස් කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. තරගාවලිය කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්විය. 

මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ මැන්චෙස්ටර් පාපන්දු ඇකඩමියේ පළමු සංවත්සරය හා ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් සංවිධානය කර තිබුණි.

SAFF නිසා ශූරයින්ගේ කුසලානය පස්සට යයි

2018 ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලිය මේ වසර අග භාගයේ දී…

මෙම තරගාවලියේ ප්‍රධානතම අරමුණ වූයේ ක්‍රීඩාව තුලින් අසල්වැසි රටවල් අතර මිත්‍රත්වය ගොඩනැගීමත්, පාපන්දු ක්‍රීඩාව ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාවේ දරුවන්ට ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක අත්දැකීම ලබා දීමත්ය.

තරගාවලිය පාපන්දු ඇකඩමි අතර පැවති අතර මාලදිවයිනෙන් කණ්ඩයම් හතරක් හා ශ්‍රී ලංකාවේ පාපන්දු ඇකඩමිවලින් කණ්ඩයම් 6ක් තරගාවලියට සහභාගී විය. මැන්චෙස්ටර් පාපන්දු ඇකඩමියේ නිර්මාතෘ හා සභාපති ඔගස්ටින් ජෝර්ජ් මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලිය මනා ලෙස සංවිධානය කර තිබුණි.

ඉන්දියාවේ කාශ්මීරයෙන් සහභාගී වීමට නියමිතව තිබූ කණ්ඩයමක් කාශ්මීරයේ පවතින කලබලකාරී තත්වය හමුවේ තරගාවලියෙන් අවසාන මොහොතේ ඉවත්වුණු අතර එම හිස්තැන පිරවීමට පොලොන්නරුව මැන්චෙස්ටර් පාපන්දු ඇකඩමියෙන් තවත් කණ්ඩයමක් ඉදිරිපත් කළ අතර මේ ඇකඩමියට සිසුන් 350කට අධික ප්‍රමාණයක් පුහුණුවීම් සඳහා සහභාගී වීම විශේෂ කරුණකි.

මිතුදම් සඳහා වන පාපන්දු වැඩසටහන පළමු වරට ලංකාවේ දී

2018 FIFA ලෝක කුසලානය යනුවෙන් නම් කරන ලද ජාත්‍යන්තර ළමා සමාජ ව්‍යාපෘතිය…

මැන්චෙස්ටර් පාපන්දු ඇකඩමිය (පොලොන්නරුව), මැන්චෙස්ටර් පාපන්දු ඇකඩමිය (රතු), මාසියා (මාලදිවයින) සහ හුලුමාලේ ක්‍රීඩා පාසල B (මාලදිවයින) යන කණ්ඩයම් රතු කාණ්ඩයට අයත් විය.

එලිසබත් මොයිර් පාසල, ගේට්වේ විද්‍යාලය, ETFA සහ සාන්ත තෝමස් විද්‍යාලය කහ කාණ්ඩයට අයත් විය.

තාබිත් අහමඩ් පාපන්දු ඇකඩමිය (TAFA), හුලුමාලේ ක්‍රීඩා පාසල A (මාලදිවයින), ජාවා ලේන් පාපන්දු ඇකඩමිය, මැන්චෙස්ටර් පාපන්දු ඇකඩමිය (නිල්), කොල කාණ්ඩයට අයත් විය.

පළමු වටය ලීග් තරග ආකෘතියට පැවැත්වුණු අතර එක් එක් කාණ්ඩයේ පළමු කණ්ඩයම් දෙක පිළිමළුන් පිටුදැකීමේ වටයට තේරීපත්වන අතර තෙවන ස්ථානයට පත්වන කණ්ඩයම්වලින් තවත් කණ්ඩයම් දෙකක් තවත් තරග වටයකට (Play-off) සහභාගී වීමෙන් පසු පිළිමළුන් පිටුදැකීමේ වටයට තේරීපත්විණි.

Early Touch පාපන්දු ඇකඩමිය සහ මැන්චෙස්ටර් පාපන්දු ඇකඩමිය (රතු) යන කණ්ඩයම් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර නබුහන් මොහමඩ්ගේ විශිෂ්ට ගෝලය Early Touch පාපන්දු ඇකඩමියට ජය ගෙන එන ලදි.

සොලිඩ් ක්‍රීඩා සමාජයේ තවත් ක්‍රීඩකයෙක් රිනවුන් කණ්ඩායමට

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික පාපන්දු කණ්ඩායම මෙන්ම සොලිඩ් ක්‍රීඩා සමාජය…

තෙවන ස්ථානය සඳහා වන තරගය රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල හා මාලදිවයිනේ හුලුමාලේ ක්‍රීඩා පාසල A අතර පැවති අතර දඬුවම් පහර 3-1ක් ලෙස තෙවන ස්ථානය දිනා ගන්නට රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල සමත් විය.

ශූරතාවයන්

  • තරගාවලියේ වීරයා – ඉවාන් එයුකාරිස්ට් (Ivan Eucharist) (MSA රතු)
  • අවසන් තරගයේ වීරයා – නබුහන් මොහොමඩ් (ETFA)
  • හොඳම දැල් රකින්නා – හකීම් කාමිල් (MSA රතු)
  • ක්‍රීඩාවේ ජිවගුණය සහිතව ක්‍රීඩා කිරීම – හුලුමාලේ ක්‍රීඩා පාසල B

මැන්චෙස්ටර් ක්‍රීඩා ඇකඩමියේ සභාපති ඔගස්ටින් ජෝර්ජ් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා හට ස්තුති කළ අතර මැන්චෙස්ටර් ක්‍රීඩා ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරුට හා සේවක මණ්ඩලයට, 1995 රන්කුසලාන ජයග්‍රාහක ඇන්ටන් වම්බෙච් (Anton Wambech) ඇතුළු අනෙකුත් පුහුණුකරුවන්ට, දෙමාපියන්ට හා උපකාර කළ සියලු දෙනාට විශේෂ ස්තුතියක් පුද කළේය.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<