ශ්‍රී ලංකා – ඉන්දීය සංචාරයට දිවා රාත්‍රි ටෙස්ට් තරගයකුත්?

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2022

1338

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මෙම වසරේ දී දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සැලසුම් කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෑත කාලයේ ඉන්දියාව තුළ නැවතත් ව්‍යාප්ත වන කොරෝනා වසංගතය නිසාවෙන් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ සීමා කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබුනත්, මෙම ටෙස්ට් තරගාවලිය බැංගලෝරයට ගෙන යෑමට ක්‍රිකට් පාලක මණ්ඩලය උත්සහ දරමින් සිටින බව ද එම මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම කණ්ඩායම් ද්විත්වයම විස්සයි විස්ස තරගාවලියකට සූදානම්ව ඇති නිසාවෙන් එම ජෛව ආරක්ෂිත බුබුළම මෙම තරගාවලියට ගෙන ඒමේ පහසුවට තරගාවලිය විස්සයි විස්ස තරගවලින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා.

තවමත් ටෙස්ට් තරගාවලිය බැංගලෝරයට රැගෙන යාමක් පිළිබඳව නිල වශයෙන් දැනුවත් කර නොමැති අතර යම් හෙයකින් එය බැංගලෝරයට ගෙන ගියහොත් හිටපු ඉන්දීය නායක Virat Kohliගේ සියවැනි ටෙස්ට් තරගය හුරුපුරුදු ක්‍රීඩා පිටියක ක්‍රීඩා කිරීමට ඔහුට හැකි වනු ඇත.

කොරෝනා වසංගත තත්වය යටතේ දැරීමට සිදු වන වියදම් අවම කර ගැනීමට මෙම තරගාවලියේ බොහෝ තරග Dharamshala සහ Mohali හී පැවැත්වීම මීට පෙර ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ සැලසුම වුනා.

තරගාවලියේ ටෙස්ට් තරග බැංගලෝරයේ සහ මොහාලි හීදී පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර පළමු ටෙස්ට් තරගය මොහාලී හීදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මෙම තරගාවලියේ සිදු විය හැකි වෙනස්කම් පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් බලධාරියෙකු ප්‍රකාශ කර තිබුණේ,

තරගාවලිය විස්සයි විස්ස තරගවලින් ආරම්භ කරලා පළමු තරග ද්විත්වය Dharamshala හී පැවැත්වීමෙන් අනතුරුව අවසන් විස්සයි විස්ස තරගය සහ පළමු ටෙස්ට් තරගය Mohali වල පවත්වන්න වැඩි අවස්ථාවක් තියෙනවා.

Mohali වල තියෙන අධික පින්න නිසා දිවා රාත්‍රි ටෙස්ට් තරගයක් එහි පවත්වනවා කියන එක ගොඩක් අමාරු දෙයක්. කෙසේ නමුත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් රටේ පවතින කොරෝනා වසංගත තත්වය අධ්‍යයනය කරලා ඉදිරි සති කිහිපයේ දී අවසන් තරගාවලි කාලසටහන ඉදිරිපත් කරන්න නියමිතයි”.

Times of India ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<