විදේශීය රග්බි ක්‍රීඩකයෙකු මෙටරදී ජීවිතක්ෂයට

574

ඩර්හැම් හි ඩර්හැම් සිටි ක්ලේම්ස් පයිරට්ස් (Durham City Clem’s Pirates) කණ්ඩයමේ ක්‍රීඩකයෙකු ඊයේ (14) උදෑසන ශ්වසන අපහසුතා හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකාවේ දී මියගිය පුවතක් වාර්තා වේ.

විශ්ව විද්‍යාල රග්බි ලෝක ශූරතාවට ශ්‍රී ලංකාවෙනුත් සංචිතයක්

වර්තමානයේ දී ශ්‍රී ලංකාව රග්බි ක්‍රීඩාවෙන් දිගින් දිගටම ජයග්‍රහණ දිනා ගනිමින් ඉදිරියටම…

ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන ඩර්හැම් සිටි පයිරට්ස් කණ්ඩයම මැයි 12 දා CR & FC කණ්ඩයම හා තරග වැදුණු අතර කණ්ඩයමේ ක්‍රීඩකයෝ තරගයෙන් පසු කිසිදු ආබාධයකින් තොරව සිය හෝටලය වෙත ගිය නමුත් පසුදා උදෑසන 26 වැනි වියේ හා 27 වැනි වියේ පසුවූ ක්‍රීඩකයින් දෙදෙනෙක් ශ්වසන අපහසුතා හේතුවෙන් රෝහල් ගත කරන ලදි. රෝහල්ගත කිරීමෙන් පැය කිහිපයකට පසු ඉන් එක් ක්‍රීඩකයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ අතර අනෙක් ක්‍රීඩකයා මේ වන විට කොළඹ නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.  

එංගලන්තයේ ඩර්හැම් සිටි ක්ලේම්ස් පයිරට්ස් කණ්ඩයම පසුගිය බ්‍රහස්පතින්දා (10) ගාල්ල දිස්ත්‍රික්කයේ රග්බි ක්‍රීඩාව නගාසිටුවීමේ අරමුණින් පුහුණු කඳවුරක් පැවැත්වීමට හා සුහද තරග කිහිපයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<