කාන්තාවන්ටත් DRS

200
women's cricket

DRS, එසේත් නැත්නම් විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමය මෙතෙක් භාවිත වූයේ පිරිමි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි තුළදී පමණි.

එළඹෙන කාන්තා ලෝක කුසලානයේදී DRS තාක්ෂණය යොදාගැනීමට තරග සංවිධායකයන් බලාපොරොත්තු වන අතර එය කාන්තා ක්‍රිකට් තරගාවලියකදී එම තාක්ෂණය යොදාගන්නා පළමු අවස්ථාව වනු ඇත. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන ජුනි 24 වෙනිදා එංගලන්තයේදී ආරම්භ වීමට නියමිතයි.

ඉන්දියාව සහ එංගලන්තය මෙහි පළමු තරගයට සහභාගී වන්නේ ඩර්බි ක්‍රීඩාංගණයේදී ය. එහිදී කාන්තා තරගයක මුල් වරට විනිසුරු නැවත විමසීමේ තාක්ෂණය දැකගත හැකිවනු ඇත.

පළමුව ඉන්දියා – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගයක් සඳහා 2008 වසරේදී යොදාගත් මෙම තාක්ෂණය මේ වන විට එක්දින තරග සඳහාද භාවිත වේ. මෙම ක්‍රමය 2012 සහ 2016 වසරවලදී සංශෝධනයන්ට ලක්වූ අතර පිතිකරුවන්ට සහ පන්දු යවන්නන් යන දෙපාර්ශවයටම සම අවස්ථා ලබාදෙන්නකි.

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ජුනි 24 වැනිදා සිට ජූලි 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඊට කාන්තා කණ්ඩායම් 8ක් සහභාගී වේ. මේ වන විට තරගාවලියට සහභාගී වීම සඳහා එංගලන්තයට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පුහුණු තරගවලට සහභාගී වෙමින් සිටියි.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට <<