සිසිල් පැන් විවේකයන් එංගලන්ත ප්‍රිමියර් ලීගයටත්

217
The Times

එංගලන්තයේ මේ වන විට පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මේ සති අන්තයේ සිට ප්‍රිමියර් ලීග් තරගවල දී සිසිල් පැන් පානය කිරීමට ක්‍රීඩකයන්ට විවේකයන් ලබා දීමට තීරණය කොට තිබෙනවා.

මධ්‍යම එංගලන්තයටත්, දකුණටත්, වේල්සයටත් අධික උෂ්ණත්වයක් පවතිනවා. එය සෙල්සියස් අංශක 37ක් (ෆැරන්හයිට් 99) වැනි අගයකට ඉහළ නැගිය හැකි බවයි බලධාරීන් පවසන්නේ.

කොවිඩ්-19 වසංගතය දැඩිව බල පැවැත්වූ සමයේ දීත් එවැනි සිසිල් පැන් විවේකයන් ප්‍රිමියර් ලීගය තුළ භාවිතා වුනා. පසුගිය ඉරිදා West Ham (වෙස්ට් හැම්) සහ Manchester United (මැන්චෙස්ටර් යුනයිටඩ්) කණ්ඩායම් තරග වැදුණු තරගයේ දී සිසිල් පැන් විවේක ලබා දෙනු ලැබුවා. දැනට වාර්තා වන්නේ එය ප්‍රිමියර් ලීගය පුරාම දැකිය හැකි වනු ඇති බවයි.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<