අනවසරයෙන් ඔරලෝසු අරන් ගිය Krunal Pandyaට මොකක් වෙයිද?

291
Courtesy - TheNational

Mumbai Indians කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක Krunal Pandyaව මුම්බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී නවතා ප්‍රශ්න කිරීමට ඉන්දීය ආදායම් බදු විමර්ෂණය කිරීමේ අධිකාරිය (DRI) පියවර ගෙන තිබේ. ඒ IPL කුසලානයත් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නැවත ඉන්දියාවට පැමිණි අවස්ථාවේ දීයි. 

DRI ආයතනයේ නිලධාරියෙකු මාධ්‍යට පවසා තිබුනේ Krunal කලින් දැනුම් දී අවසර ලබා නොගත් වටිනා ඔරලෝසු හතරක් ඉන්දියාවට රැගෙන විත් ඇති බවයි. එම මාධ්‍ය නිවේදනය නිකුත්වන මොහොත වන විට ආදායම් බදු නිලධාරින් ඔහුව ප්‍රශ්ණ කරමින් සිටින බව සහ ඔහු රැගෙන ආ ඔරලෝසු වල වටිනාකමට සරිලන බදු මුදල් ගණනය කරමින් සිටින බව ද එම නිලධාරියා පවසා තිබුනි. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

Krunal සමඟ ඔහුගේ බිරිඳත් DRI නිලධාරින් විසින් රඳවා ගෙන තිබේ. ඔහු නීති කඩ කර ඇතැයි ඔප්පු වුවහොත් ඔහුට රේගු නීති යටතේ නඩු පැවරෙනු ඇත. ඉන්දීය නීතියට අනුව රුපියල් 50,000ක වටිනාකමින් යුතු වටිනා භාණ්ඩ රැගෙන යාම සඳහා රේගු අවසරය අවශ්‍ය වන්නේ නැත. ඊට වඩා වැඩි වටිනාකමකින් යුතු භාණ්ඩ රැගෙන යන්නේ නම් ඒ සඳහා කලින් රේගුව දැනුවත් කළ යුතු අතර එම භාණ්ඩ සඳහා 36%ක පමණ බද්දක් ද අය කෙරේ. 

ඉන්දීය රුපියල් ලක්ෂ 20ක් දක්වා භාණ්ඩ තීරු බදු ගෙවීම මඟහැර සිටියහොත් දඩයක් නියම වේ. ලක්ෂ විස්ස සහ කෝටිය අතර වටිනාකමකින් යුතු භාණ්ඩ සඳහා දඩයක් සහ අත්අඩංගුවට ගැනීමක් නියම වේ. 

HindustanTimes ඇසුරිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<