ඉසිපතන සහ ජනාධිපති තරගයේ පළමු දිනයේ ම කඩුලු 24ක් බිඳ වැටේ

312

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (11) කොළඹ දී ආරම්භ වූ ඉසිපතන සහ ජනාධිපති විද්‍යාලය අතර තරගයේ දී පළමු දිනයේ ම දෙපිලේ කඩුලු 24ක් අහිමි විය.

මේ අතර නාලන්දා සහ ලුම්බිණි අතර තරගයේ දී ද පළමු දිනයේ දී ම කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයෝ කඩුලු 21ක් අහිමි කර ගත්හ.

ආර්. අයි. ටී. අලස් සමරු කුසලානය කොළඹට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු…….

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරගය

කොළඹ තර්ස්ටන් පිටියේ දී සුහද තරගයක් ලෙසින් අද නිමා වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් මලියදේව ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 175ක් ලබා ගත් හ. ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදි සත්කාරක ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 189ක් ලබා ගත්හ. ලකුණු 14ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ මලියදේව ක්‍රීඩකයෝ එවර ලබා ගත්තේ ලකුණු 162ක් පමණි.

Photos: Thurstan College vs Maliyadewa College | Singer U19 Division 1 Cricket Tournament 2018/19

ඒ අනුව තර්ස්ටන් ක්‍රීඩකයන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 149ක ඉලක්කයක් ලැබුණ අතර හඹා යන ඉනිමේ දී ඔවුන් තරගය නිමා වන විට ලබා සිටියේ කඩුලු 5ක් දැවී ලකුණු 109ක් පමණි.

මෙම තරගයේ දී ඉනිම දෙකේ දී ම අර්ධ ශතක වාර්තා කිරීමට මලියදේව විද්‍යාලයේ මුදිත ප්‍රේමදාස සමත් වීම කැපී පෙණුනි. තර්ස්ටන් හඹා යන ඉනිමේ දී ජයවිහාන් මහවිතාන අර්ධ ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය.

මලියදේව විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 175 (50.4) මුදිත ප්‍රේමදාස 75, නිසංජය හෙට්ටිආරච්චි 52, විදත් බටේපොල 29, අවිශ්ක කෞෂල්‍ය 4/23, බිමර රණතුංග 2/21

තර්ස්ටන් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 189 (48.4) යොහාන් ලියනගේ 68, රනේෂ් සිල්වා 34, බවන්ත ජයසිංහ 22, මධුරංග නවීන් 4/65, චාලුක අතපත්තු 2/19

මලියදේව විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 162 (63.1) මුදිත ප්‍රේමදාස 54, සුපුන් සුමනරත්න 41, කවීන් බණ්ඩාර 23, අයේෂ් හර්ෂන 4/79, ශාලක බණ්ඩාර 3/21

තර්ස්ටන් විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 109 (17) ජයවිහාන් මහවිතාන 52, යොහාන් ලියනගේ 27, විදත් බටේපොල 2/26, මධුරංග නවීන් 2/35


මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර තරගය

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද නිමා වූ මෙම තරගයෙන් වැඩි වාසි ලබා ගැනීමට සත්කාරක සාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූහ.

A කාණ්ඩය නියෝජනය කරමින් ආරම්භ වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත සිල්වෙස්තර විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 323ක් ලබා ගත්තේ චන්දුල ජයකොඩි ලබා ගත් ශතයක් ද සමඟිනි. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දේවපතිරාජ විද්‍යාලයීය ක්‍රීඩකයන්ට තම පළමු ඉනිමට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 90ක් පමණි. එම ඉනිමේ දී පසන් හෙට්ටිආරච්චි ලකුණු 48කට කඩුලු 7ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

ලකුණු 233ක් පිටුපස සිටිමින් ඉනිමක පරාජයෙන් ගැලවීමට පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සංචාරක දේවපතිරාජ ක්‍රීඩකයෝ තරගය අවසන් වෙන විට කඩුලු 3ක් දැවී ලකුණු 56ක් ලබා සිටිය හ.

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 323 (91.1) චන්දුල ජයකොඩි 131, කෙවින් නිම්ශාන් 58, මනෝහර පවිතරන් නොදැවී 53, චරිත් රාජගුරු 21, පසන් හෙට්ටිආරච්චි 20, සුදීර වීරරත්න 3/23, පැතුම් මධුශංක 3/70

දේවපතිරාජ විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 90 (58.5) පසන් හෙට්ටිආරච්චි 7/48

දේවපතිරාජ විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 56 (33) ජීවක සචින් 21, හසිඳු නිස්සංක 2/13

දවසේ වීරයා විශ්ව චතුරංග

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජය Major League B ක්‍රිකට්…..


කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය අතර තරගය

කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සුහද තරගයක් ලෙසින් අද ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉසිපතන ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී සංචාරක ක්‍රීඩකයන්ට ආරාධනා කළහ. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 119ක් ලබා ගත්හ.

එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ශෂික නිර්මාල් ය. ඔහු ලකුණු 38ක් ලබා ගත්තේ ය. පන්දු යැවීමේ දී මධුශික සඳරුවන් ලකුණු 30කට කඩුලු 7ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඉසිපතන ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 130ක් රැස් කළහ. එම ඉනිම වෙනුවෙන් රවිඳු රත්නායක ලකුණු 48ක් ලබා ගත්ත ද අනෙක් ක්‍රීඩකයන්ගෙන් වැඩි දායකත්වයක් කණ්ඩායමට නොලැබුණි. කඩුලු ලබා ගැනීමේ දී ශෂික නිර්මාල් ලකුණු 34කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

ලකුණු 11ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරමභ කළ ජනාධිපති ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වෙද්දී කඩුලු 4ක් දැවී ලකුණු 92ක් ලබා සිටී. එම ඉනිම වෙනුවෙන් මේ වන විට අකිල රොෂාන් (44*) සහ විකුම් කල්හාර (24*) නොදැවී කඩුල්ලේ රැඳී සිටී.

ජනාධිපති විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 119 (28.2) ශෂික නිර්මාල් 38, චිරංග හේෂාන් 34, විකුම් කල්හාර 26, මධුශික සඳරුවන් 7/30, තෙවිඳු දික්වැල්ල 2/31

ඉසිපතන විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 130 (36.4) රවිඳු රත්නායක 48, ශෂික නිර්මාල් 4/34, සුවෙන් සෙව්මික 2/09, එරාන් කේසර 2/11

ජනාධිපති විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 92 (27) අකිල රොෂේන් නොදැවී 44, විකුම් කල්හාර නොදැවී 24   


කොළඹ නාලන්දා විද්‍යාලය සහ කොළඹ ලුමිබ්ණි විද්‍යාලය අතර තරගය

කොළඹ නාලන්දා විද්‍යාලයීය පිටියේ දී B කාණ්ඩය නියෝජනය කරමින් අද ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ලුම්බිණි ක්‍රීඩකයෝ පළමු වෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන්හ. ඔවුන් ට පළමු ඉනිමේ දී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 44ක් පමණි.

එම  ඉනිම විනාශ කිරීමේ පෙරමුණ ගත්තේ දකුණතින් වේගපන්දු යැවූ ආරම්භක පන්දු යවන්නා වූ චමිඳු විජේසිංහ ය. ඔහු ලුම්බිණි කඩුලු 6ක් ලකුණු 21කට දවාලුවේ ය. ඊට අමතරව අනෙක් අන්තයෙන් පන්දු යැවීම ආරම්භ කළ දිනෙත් සමරවීර ද කඩුලු 3ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නාලන්දා ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 185ක් ලබා ගනිමින් ඉනිම අත්හිට වූහ. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා අවිශ්ක පෙරේරා වෙද්දී වමතින් පන්දු යැවූ රවිශ්ක විජේසිරි ලකුණු 82කට කඩුලු 4ක් දවා ගන්නේ ය.

ලකුණු 141ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි ලුම්බිණි ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වෙද්දී කඩුලු දෙකක් දැවී ලකුණු 51ක් ලබා සිටිය හ. එම කඩුලු දෙකේ ම හිමිකාරිත්වය මහීම වීරකෝන් සතු විය.

ලුම්බිණි විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 44 (19.1) රවිඳු රසාංක 9,චමිඳු විජේසිංහ 6/21, දිනෙත් සමරවීර 3/21

නාලන්දා විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 185 (51) අවිශ්ක පෙරේරා 34,  චමිඳු විජේසිංහ 21, මෝක්ෂ සංකල්ප 30, මහීම වීරකෝන් 20, කවීෂ් මධුරප්පෙරුම 18, රවිශ්ක විජේසිරි 4/82, රවිඳු රසාන්ක 2/26, යසිරු ජයසිංහ 2/36

ලුම්බිණි විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 51 (20) සවිඳු ප්‍රභාෂ්වර 18, මහීම වීරකෝන් 2/02

කැරිබියන් දේශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පහළවූ කළු කුමාරයා

ඔහු පිතිහරඹයේ යෙදෙන විට අලංකෘත ග්‍රීක කාව්‍යයක් නැතැතින්ම සිහි……


මොරටු විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය

මොරටු විද්‍යාලයීය පිටියේ දී C කාණ්ඩයේ තරගයක් ලෙසින් අද ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්හ. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 149ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නිසිත අභිලාෂ් ය. ඔහු ලකුණු 41ක් ලබා ගත්තේ ය. පන්දු යැවීමේ දී එරාන් හංසමාල් කඩුලු 3ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සත්කාරක මොරටු විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 173ක් ලබා සිටිය හ. එම ඉනිම වෙනුවෙන් නිශාන් මදුශංක සහ නදිත නිශේන්ද්‍ර අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක්වූහ.

පන්දු යැවීමේ දී නදීර ප්‍රනාන්දු ලකුණු 12කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 149 (45) නිසිත අභිලාෂ් 41, විනුජ රණසිංහ 21, ජනිෂ්ක පෙරේරා 21, එරාන් හංසමාල් 3/35, පවන්ත සුලක්ෂණ 2/11, විශ්ව දිදුලනගේ 2/31, නජිත් නිශේන්ද්‍ර 2/44

මොරටු මහා විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 173 (47.2) නිශාන් මධුශ්ක 84, නදිත් නිශේන්ද්‍ර 57, නදීර ප්‍රනාන්දු 3/12, ජනිශ්ක පෙරේරා 2/18, විනුජ රණසිංහ 2/56


කොළඹ ආනන්ද විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය

කොළඹ ආනන්ද විද්‍යාලයීය පිටියේ දී D කාණ්ඩයේ තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ආනන්ද විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට තම පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 205ක් ලබා සිටිය හ.

එම ඉනිම වෙනුවෙන් නිපුන් රුචිර පන්දු 198කට මුහුණ දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 62ක් ද, මිහිසල් අමෝද් පන්දු 114කට මුහුණ හතරේ පහර 4ක් සමඟින් ලකුණු 52ක් ද ලබා ගනිමින් කැපී පෙනෙන ඉනිම් ක්‍රීඩා කළහ. පන්දු යැවීමේ දී ජනිඳු ජයවර්ධන කඩුලු දෙකක් දවාගෙන සිටියේ ය.

සාන්ත තෝමස් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 205 (95) නිපුන් රුචිර 62, මිහිසල් අමෝද 52, හරිඳු ජයසේකර 43, ගිහාන්තික ජයවීර නොදැවී 24, ජනිඳු ජයවර්ධන 2/60


පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය

D කාණ්ඩයේ තරගයක් ලෙසින් පන්නිපිටියට ධර්මපාල විද්‍යාලයීය පිටියේ දී අද ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සංචාරක වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්හ. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 207ක් ලබා ගත්හ.

එහි දී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළේ ෂෙනාල් දංගල්ල ය. ඔහු ලකුණු 68ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී දුලාජ් එගොඩගේ සහ විහඟ ගුණරත්න කඩුලු 3 බැගින් දවා ගත‍ෙහ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට අවසන් කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 84ක් ලබා සිටිය හ.

වෙස්ලි විද්‍යාල; පළමු ඉනිම සියලුම දෙනා දැවී 207 (67) ෂෙනාල් දංගල්ල 68, මෝවීන් සුබසිංහ 29, රාහුල් ගුණසේකර 23, ශහීම් ඩයස් 21, දුලාජ් එගොඩගේ 3/34,  විහඟ ගුණසේකර 3/44, ශෂික ඩිල්ශාන් 2/36

ධර්මපාල විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 84 (28) සංචන ලංකා නොදැවී 27, සිදත් ධර්මසිරිවර්ධන 2/11, ෂෙනාල් දංගල්ල 2/25


මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කෑගල්ල සාන්ත මේරි විද්‍යාලය අතර තරගය

C කාණ්ඩයේ තරගයක් ලෙසින් මහනුවර ධර්මරාජ විද්‍යාලයීය පිටියේ දී අද ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ ධර්මරාජ විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පිටියට පිවිසි සාන්ත මේරි විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 150ක් ලබා ගත්හ.  

එම ඉනිම වෙනුවෙන් පසන් වලිසිංහ අර්ධ ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක්වීම කැපී පෙණුනි. පන්දු යැවීමේ දී උපෙන්ද්‍ර වර්ණකුලසූරිය ලකුණු 55කට කඩුලු 6ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ධර්මරාජ විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු දෙකක් දැවී ලකුණු 144ක් ලබා සිටිය හ.

සාන්ත මේරි විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 150 (47.1) පසන් වලිසිංහ 53, ගජිත කොටුවේගොඩ 31, ගිහාන් අබේවර්ධන 24, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 55/6, මිතිල ගයාෂාන් 2/15

ධර්මරාජ විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 144 (33) ඉසුරු දයානන්ද 48, සචින්ත සේනානායක 41, කසුන් ගුණවර්ධන නොදැවී 40

මෙම සියලු තරග හෙට (12) දෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<