මනෝ වෛද්‍ය ජෝන්සි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මනසට ඇතුළු වෙයි

276

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනයෙන් මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රීඩා මනෝ වෛද්‍ය විශේෂඥ ෆිල් ජෝන්සි, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මානසික ශක්තිය දියුණු කිරීමේ විශේෂ වැඩමුළුවක් ජනවාරි 3 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රයේ දී ආරම්භ කරන ලදි.

සැක සංකා දුරලමින් හලාවත මේරියන්ස් ජය ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් Tier A ක්‍රිකට් තරගාවලියේ..

නව පුහුණුකරු චන්දික හතුරුසිංහ කළ ඉල්ලීමකට අනුව අපි වෛද්‍ය ෆිල් ජෝන්සි මහතාට ආරාධනා කළා අපගේ ක්‍රීඩකයන් සමග වැඩ කිරීමටශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

ඒ අනුව, දක්ෂතා වැඩි දියුණු කිරීම පිළිබඳ විශේෂත්වයක් දක්වන මෙම මනෝ වෛද්‍යවරයා මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ තම වැඩ කටයුතු ආරම්භ කර තිබෙන අතර එහි දී එක් එක් ක්‍රීඩකයන්ගේ ආවේණික පෞරුෂත්ව ගති ලක්ෂණ, එකිනෙකාට ගැළපෙන සන්නිවේදන සහ ඉගෙනුම් ක්‍රමවේද හඳුනා ගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරෙන අතර පුහුණු කාර්ය මණ්ඩලයේ ද අදාළ ගති ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇති.

මනෝ උපදේශනය සහ අධ්‍යාපනික මනෝ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් මෙන්ම ආචාර්ය උපාධියකට ද හිමිකම් කියන වෛද්‍ය ජෝන්සි, ග්‍රීෆිත් විශ්ව විද්‍යාලය, ක්වීන්ස්ලන්ත තාක්ෂණ විශ්ව විද්‍යාලය සහ ක්වීන්ස්ලන්ත සරසවිය ඇතුළු ආයතන රැසක දේශනා සිදු කර තිබේ.

තිසරගේ ඔටුන්න ගැලවෙද්දී මැතිව්ස් – චන්දිමාල් ද්වන්ද සටනක

ඉදිරි කාලයේ දී එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීම..

වර්තමානයේ ඕස්ට්‍රේලියානු ජාතික බේස්බෝල් කණ්ඩායමේ මනෝ වෛද්‍යවරයා ලෙස සේවය කරන ඔහු, තවත් කණ්ඩායම් රැසක් සමඟ තම රාජකාරි සිදුකරයි. වෛද්‍ය ජෝන්සි මීට පෙර ක්වීන්ස්ලන්ත බුල්ස් ක්‍රිකට් කණ්ඩායම සමඟ ද වැඩ කටයුතු සිදු කර ඇත. එමෙන්ම ඕස්ට්‍රේලියානු පාපන්දු ලීගයේ (AFL) ප්‍රබල කණ්ඩායමක් වන බ්‍රිස්බේන් ලයන්ස් කණ්ඩායමේ මානසික දක්ෂතා පුහුණුකරු ලෙස 1994 සිට 2008 දක්වා සේවය කර ඇති ඔහු, වර්තමානයේ ඕස්ට්‍රේලියානු රග්බි ලීගයේ බ්‍රිස්බේන් බ්‍රෝන්කෝස් කණ්ඩායමේ ක්‍රීඩා මනෝ වෛද්‍යවරයා ලෙස කටයුතු කරයි.

මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලියවුනු  ‘Understanding Ourselves and Others’, ‘Management Education’, සහ  ‘The Power of Positive Doing’ යන ග්‍රන්ථ සියල්ලේ කතුවරයා ද වන වෛද්‍ය ෆිල් ජෝන්සි ක්‍රීඩා මනෝ වෛද්‍ය ක්ෂේත්‍රයේ මේ වන විට සිටින ප්‍රවීණතම වෛද්‍යවරයෙකු ලෙස හැඳින්විය හැක.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<