තෙවැනි පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය නවතා දමයි

19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2021

197

කොරෝන වයිරසයේ සීග්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් වයස අවුරුදු 19න් පහළ තෙවැනි පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දින නියමයක් කල් දැමීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත් පසුගිය සතියේ දී පළමු පෙළ සහ දෙවන පෙළ පාසල් ක්‍රිකට් තරග සාර්ථකව අවසන් කිරීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සමත් වුනා.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

“අපි වයස අවුරුදු 19න් පහළ තෙවැනි පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය මැයි මාසයේ මැද වෙනකොට අවසන් කරන්න සැලසුම් කරගෙන හිටියේ. හැබැයි දැන් රටේ තිබෙන මේ වසංගත තත්වය එක්ක මේ තරගාවලිය තාවකාලිකව නවතා දමන්න අපි තීරණය කළා. මොකද පාසල් ක්‍රීඩකයින් මේ තරගවලට සහභාගී වන්නේ, අපි ඔවුන්ගේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕනේ” යැයි ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ඉහළ පෙළේ නිලධාරියෙක් Daily News පුවත් පතට පවසා තිබෙනවා.

මේ තරගාවලියේ ඉතිරිව තිබෙන අර්ධ අවසන් පූර්ව වටයේ තරග පවත්වන නව දින වකවානු පිළිබඳව ඉදිරියේ දී දැනුම් දෙන බවත්, රටේ පවතින මේ වසංගත තත්වය තරමක් පාලනය වන තෙක් ඒ පිළිබඳව කිසිඳු තීරණයක් නොගන්නා බවත් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ එම ඉහළ පෙළේ නිලධාරියා එහි දී වැඩිදුරටත් පවසා තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<