නායක කරුණාරත්නට ආබාධයක්; දික්වැල්ලත් එළියේ

17018

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර, ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නගේ පාදයේ ඉහළ පෙදෙසේ ඉදිරිපස මාංශ පේශි යම් ආකාරයක ඇදීමකට ලක්ව තිබෙනවා.  

එසේම ඊයේ (24) දිනයේ දී කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ අතේ පන්දුවක් වැදීම නිසාවෙන් ආබාධයකට ලක්වූ අතර ඔහු වෙනුවට කඩුල්ල පිටුපස වගකීම පැවරී ඇත්තේ හිටපු නායකයෙකු වන දිනේෂ් චන්දිමාල් හටයි.

පැතුම්ගේ ප්‍රවේගකාරී ශතකයෙන් ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්!

ශ්‍රී ලංකාව සතු වටිනාම යොවුන් ක්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම නම කියවෙන ක්‍රීඩකයෙකු…

ඊයේ දිනයේ සවස් කාලය තුල පිටියේ පන්දු රකිමින් සිටි කරුණාරත්න ඔහුට ඇතිවුණු මෙම ආබාධය නිසාවෙන් වැඩබලන නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් වෙත ලබා දී ක්‍රීඩාගාරයට ගිය අතර තරගයේ  සිව්වැනි දිනය වන අද දිනයේ දීත් කරුණාරත්න පන්දු රැකීම සඳහා පිටියට පැමිණියේ නැත.  

ESPNCricinfo වෙබ් අඩවිය සමඟ අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් මහතා කරුණාරත්නගේ ආබාධ තත්වය පිළිබඳව අදහස් පළ කරමින් පවසා ඇත්තේ, ඔහුගේ මාංශ පේශි ආශ්‍රිත යම් වේදනාවක් හටගෙන ඇති නිසාවෙන් ඔහු පිටියෙන් ඉවත් වූ බවයි. ඔහු පිටියේ පන්දු රැකීම සිදු නොකළ නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග කොන්දේසි අනුව ඔහුට ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී ආරම්භක පිතිකරු ලෙස පැමිණීමට නොහැකි අතර අංක 7 පිතිකරුට පසුව පිතිකරණයේ නිරත වීම සඳහා පිටියට පැමිණිය හැකි බවත් ද මෙල් මහතා පවසා තිබේ.

ඒ නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට යම් හෙයකින් දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට සිදු වුවහොත් ලහිරු තිරිමාන්න හා කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවන් ලෙස ඉනිම ආරම්භ කිරීමට වැඩි ඉඩක් තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ විස්සයි – විස්ස සංචිතය නිකුත් වේ

මේ මස 29 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රිකට් පිටියේ දී නවසීලන්තය සමඟ පැවැත්වෙන පුහුණු ක්‍රිකට්…

කරුණාරත්න ගෙවී ගිය වසර කිහිපය පුරාවට ශ්‍රී ලංකා පිතිකරණ අංශයට විශාල සවියක් වූ පිතිකරුවෙකු වන අතර විශේෂයෙන් පළමු ඉනිමට සාපේක්ෂව කරුණාරත්න දෙවන ඉනිමේ දී ලබා ගන්නා දල ලකුණු සාමාන්‍ය ද ඉතාමත් ඉහළ මට්ටමක පවතියි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ඊයේ දිනයේ දී කඩුලු රකිමින් සිටිය දී ලහිරු කුමාර එවූ පන්දුවක් ඔහුගේ වම් අතෙහි සුලැඟිල්ලේ වැදීම නිසා යම් ආකාරයක ආබාධයකට ලක්ව ඇත. ඒ නිසාවෙන් ඊයේ දිනයේ දහවල් කාලයේ සිට මේ දක්වා කඩුල්ල පිටුපස සිටිමින් කඩුලු රකිනු ලබන්නේ දිනේෂ් චන්දිමාල් විසිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමට තිබෙන මීළඟ එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන මස දී පාකිස්තානයට එරෙහිව පැවැත්වේ. නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට පසුව කරුණාරත්නගේ ආබාධය සුවවීමට සති කිහිපයක කාලයක් ඉතිරිව තිබෙන නිසා එය කණ්ඩායමට එතරම් ගැටලුවක් නොවනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<