දිල්හාර ලොකුහෙට්ටිගේට බරපතල දඬුවමක්

172

දූෂණ විරෝධී නීති තුනක් යටතේ වැරදිකරු බවට ඔප්පු වීම නිසාවෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ හට වසර අටක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම ක්‍රියාකාරකම් සඳහා සහභාගී විය නොහැකි වන පරිදි තහනමක් පැනවීමට ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය විසින් තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී අංශය විසින් 2019 වසරේ දී අනාවරණය කර ගත් පරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ පහත සඳහන් කර ඇති වගන්ති 3 ඔහු විසින් උල්ලංඝනය කර ඇති බව ස්වාධීන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවති මේ නඩුවේ දී අනාවරණය වී තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

2012 පනතේ 2.1.1 වගන්තිය – තරග පාවාදීම හෝ එයට උත්සාහ කිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම – දේශීය ක්‍රිකට් තරගයක් අතරතුර.

2012 පනතේ 2.1.4 වගන්තිය – 2.1.1 වගන්තිය උල්ලංඝනය කිරීම සඳහා ක්‍රීඩකයින් පෙළඹවීම, බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම හෝ දිරිගැන්වීම.

2014 පනතේ 2.4.4 වගන්තිය – නොමනා ලෙස හැසිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම පූර්ව විස්තර සහිතව අනාවරණය කිරීමට අපොහොසත් වීම.

ඔහුට එරෙහි තහනම 2019 අප්‍රේල් 03 වැනිදා සිට බලපැවැත්වේ. 2005 සිට 2013 වසර දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දිල්හාර ලොකුහෙට්ටිගේ එක්දින තරග 9කට සහ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග දෙකකට ක්‍රීඩා කරමින් කඩුලු 8ක් දවාගෙන ඇත්තේ පිතිකරණයෙන් ලකුණු 101ක් ලබාගෙනයි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<