විද්‍යාර්ථයෙන් දරුණු ප්‍රහාරයක්

828

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ පළමු කොටසේ ෙB කාණ්ඩයේ තවත් තරගයක් සඳහා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමඟින් මහානාම විද්‍යාලය නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී ඊයේ (02) තරග බිමට පිවිසි අතර එහි දී ලකුණු 75-20ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමත් වූයේ තම ජයග්‍රාහී ගමන ආරම්භ කරමිනි.

රාජකීයයන්ගෙන් ඇතුගල්පුරයට රාජකීය සංග්‍රහයක්

2019 සිංගර් අන්තර් පාඨශාලීය ලීග් රග්බි තරගාවලියෙහි පළමු කාණ්ඩය නියෝජනය කරමින්…

තරගය ආරම්භයේ දී පටන් දක්ෂ ලෙස ක්‍රීඩා කළ විද්‍යාර්ථයන් ලකුණු ලබා ගැනීම ආරම්භ කළේ තරගයේ 6 වැනි මිනිත්තුවේ දී ඩිල්ෂාර කෝදාගොඩ ලබා ගත් උත්සාහක දිනුමත් සමඟිනි.

පළමු අර්ධයේ දී ලකුණු පුවරුව නොනවත්වා ක්‍රියාත්මක කළ ඔවුන් එම අර්ධයේ 11, 14, 16, 30, 32, 34 වැනි මිනිත්තුවල දී තවත් උත්සාහක දිනුම් 6ක් වාර්තා කළේ මහානාම ක්‍රීඩකයන් සම්පූර්ණයෙන්ම අසාර්ථක කරමිනි. එම උත්සාහක දිනුම්වල සියලු ප්‍රවර්තනයන් සාර්ථක කර ගත් විද්‍යාර්ථයන් එම අර්ධයේ දී තම ලකුණු පුවරුව ලකුණු 49කින් සරසා ගන්නා ලදි.

පළමු අර්ධයේ දී තමන්ට ලැබුණු පීඩනය හමුවේ අසාර්ථක වූ මහානාම ක්‍රීඩකයන් එම අර්ධයේ දී ලකුණු ලබා ගැනීමට සමත් නොවූ අතර විද්‍යාර්ථ මැදපෙළ හා ඉදිරිපෙළ ආක්‍රමණයන් හමුවේ සීමා ඉර පසුකර යාමේ කිසිදු අවස්ථාවක් ඔවුන්ට හිමි නොවීය.

පළමු අර්ධය: විද්‍යාර්ථ විද්‍යාලය 49 – 00 මහානාම විද්‍යාලය

දෙවන අර්ධයේ දී ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ මහානාම ක්‍රීඩකයෝ තම පළමු උත්සාහක දිනුම තරගයේ 50 වැනි මිනිත්තුවේ දී වාර්තා කළ අතර එයට හොඳින් ප්‍රතිචාර දැක්වූ විද්‍යාර්ථයින් 53 වැනි මිනිත්තුවේ දී තම 8 වැනි උත්සාහක දිනුම වාර්තා කළේ ලකුණු 50 සීමාව පසුකර යමිනි.

විද්‍යාර්ථ ආක්‍රමණවලට පළමු අර්ධයට වඩා හොඳින් මුහුණ දුන් මහානාම ක්‍රීඩකයන් විද්‍යාර්ථ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම යම් තරමකින් හෝ මන්දගාමී කිරීමට සමත් විය.

නමුත් පළමු අර්ධයේ දී ලබා ගත් වාසිය සමඟින් ක්‍රීඩා කළ විද්‍යාර්ථයන් තරගයේ දෙවන අර්ධයේ දී මන්දගාමී වූ නමුත් තම ලකුණු ලබා ගැනීම අවසන් නොකළ අතර තරගයේ 53, 58, 65 හා 80 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුම් වාර්තා කළේය.

ත්‍රිත්වයින්ගෙන් සත්කාරක ක්‍රීඩකයින්ට අමිහිරි අත්දැකීමක්

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ සහිරා විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය අතර අද (2) පැවති…

ඒ අනුව ලකුණු 26ක් එම අර්ධයේ දී ඔවුන් ලබා ගත් අතර මහානාම ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 20ක් පමණි.

එම ලකුණු 20 තරගයේ 50, 61 වැනි මිනිත්තුව ලදී ලබා ගත් උත්සාහක දිනුම් දෙක හා 76, 78 වැනි මිනිත්තුවල දී ලබා ගත් දඩුවම් පහර දෙකක් මගින් වාර්තා විය. තරගයේ අවසන් ලකුණු තත්ත්වය ලකුණු 75-20ක් ලෙස දැක්වූ අතර එය මෙම වසරේ තරගාවලියේ මෙතෙක් වාර්තා වූ ඉහළම ලකුණු තත්ත්වය ලෙස සටහන් විය.

සමස්තයක් ලෙස විද්‍යාර්ථයන් ප්‍රතිවාදී මහානාම ක්‍රීඩකයන් සම්පූර්ණයෙන්ම බිඳහෙලූ අතර තරගාවලිය පිළිබඳව තිබූ බලාපොරොත්තු ඉහල නංවා ගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්ත්වය: විද්‍යාර්ථ විද්‍යාලය 75 – 20 මහානාම විද්‍යාලය

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<

>>Photos: Vidyartha College vs Mahanama College – Schools Rugby League 2019 (B Division)<<