පාකිස්තානෙට යන්න බැරි නම් කොදෙව් යන්නත් බැහැ

92
Dickwella and Perera

මේ මස අවසානයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කළ ක්‍රීඩකයින් දසදෙනා අතරේ සිටින නිරෝෂන් දික්වැල්ල හා තිසර පෙරේරාට, බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමේ අවස්ථාව අහිමි කර තිබෙන බව වාර්තා වේ.

ත්‍රස්ත ප්‍රහාරයකට අනතුරු ඇඟවීමක්!

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයට පෙර කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් නැවත..

කෙසේ නමුත් තිසර පෙරේරා මේ වන විටත් බටහිර ඉන්දීය කොදෙව් හි පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලිය නියෝජනය කරමිනි සිටින නමුත් ඔහුට ද මේ මස 15 වැනිදාට පෙර වහාම මෙරටට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් උපදෙස් ලබා දී ඇත්තේ ජාතික කණ්ඩායම සමඟ පුහුණුවීම් කිරීම සඳහායි. 

තිසර පෙරේරා ද මෙවර පාකිස්තානයේ සංචාරය කිරීම සඳහා අකමැත්ත පල කළ ද ඔහු පසුගිය වසරේ දී ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස පාකිස්තානු තරගාවලිය සඳහා එක් විය.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව සිටින සියලුම ක්‍රීඩකයින් එම කොන්ත්‍රාත්තු කාලය තුල ජාතික කණ්ඩායම සමඟ ඕනෑම අවස්ථාවක දී ක්‍රීඩා කිරීම වෙනුවෙන් සූදානම්ව සිටිය යුතුය. 

එම කොන්ත්‍රාත්තුවේ රෙගුලාසි අනුව යම් සාධාරණ හේතුවක් මත ඔවුන්ට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් එම කාලය තුළ විදේශ තරගාවලි සඳහා ද ක්‍රීඩා කිරීමට අවසරයක් නොමැත.

ප්‍රබලයින් රැසක් නොයන පාකිස්තානයට යන නිල ශ්‍රී ලංකා සංචිත

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි විස්ස තරග තුන සඳහා සහභාගී..

පාකිස්තාන තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම ඊයේ (11) නම් කළ අතර දිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස් හා කුසල් මෙන්ඩිස් වැනි ප්‍රබල ක්‍රීඩකයින් දසදෙනෙක් පාකිස්තානයේ ආරක්‍ෂිත තත්වය සලකා බැලීමෙන් අනතුරුව මෙම සංචාරය සඳහා සහභාගී වන්නේ නැත. ඒ නිසා මෙවර ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස සංචිතවල වෙනස්කම් රැසක් සිදුව ඇත.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය නායක දිමුත් කරුණාරත්න හා විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග මෙම තරග සංචාරයට සහභාගී නොවන නිසාවෙන් එක්දින සංචිතයේ නායකත්වය ලහිරු තිරිමාන්න වෙත ලබා දී තිබෙන අතර විස්සයි විස්ස නායකත්වය දසුන් ශානක වෙත ලබා දී ඇත. 

දසුන් ශානක ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමක නායකත්වය දරනු ලබන පළමු අවස්ථාව මෙයයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<