දූෂිත නිලධාරීන් මඩින්න බොක්සිං සභාපතිගෙන් පියවර

293

ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මැතිතුමා විසින් බොක්සිං ක්‍රීඩාව පිරිසිදු කිරීම ඇරඹීමට තීරණය කොට තිබෙනවා. ඒ බව ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් නිල මාධ්‍ය නිවේදනයකින් ප්‍රසිද්ධ කළා.

මෑත කාලීන නැගුණු චෝදනා වලින් කියැවුණු පරිදි දූෂිත නිලධාරීන්, එනම් විනිසුරුවන් සහ තරග විනිශ්චයකරුවන් තම පාසල් සහ ක්‍රීඩා සමාජවලට වැඩි වාසි ලැබෙන පරිදි තීරණ ලබා දෙනවා. එය ක්‍රීඩාවේ ගෞරවයට කැළලක් වන නිසා සභාපතිවරයා ඊට එරෙහිව ක්‍රියාත්මක වීම අරඹා තිබෙනවා.

සෑම බොක්සිං තරගාවලියක් අවසානයේ දී ම විනිසුරු තීරණ ගැන කසුකුසුවක් ඇති වීම මේ වන විට පුරුද්දක් වී තිබෙනවා. එය ක්‍රීඩාවට කැළලක් බවයි ඩයන් ගෝමස් මැතිතුමා පවසන්නේ.

බොක්සිං විනිසුරුවන්ගේ සහ විනිශ්චයකරුවන්ගේ සංගමය එකල සැලකුණේ ගෞරවනීයව බව නිවේදනයේ සඳහන්. එහෙත් මේ වන විට බොක්සිං සංගමයත් ඉක්මවා විනිසුරුවන්ගේ සංගමය බලයක් ගොඩනගාගෙන ඇති බව එහි පැවසෙනවා. ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය නැවත ගොඩනැගීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කෙරෙනවා.

ඇතැම් විනිසුරුවන් ජාත්‍යන්තර බොක්සිං සංගමයේ IBA නිර්දේශ ද ඉක්මවා ක්‍රීඩකයන් සමඟින් කටයුතු කරන බව නිවේදනයේ සඳහන්. විනිසුරු සංගමයේ ඇතැමුන් දේශපාලකයන් පසුපස ගොස් ඔවුන්ට පැමිණිලි කරන බව ද පැවසෙනවා. පසුගිය ඉරිදා දිනයේ දී පැවති බොක්සිං සංගමයේ මහා සභා රැස්වීමේ දී මේ පිළිබඳ ප්‍රශ්න කළ සභාපතිවරයාට මඩ ගැසීමේ ව්‍යාපාරයක් විනිසුරුවරුන්ගේ සංගමයේ ඇතැමුන් විසින් සිදුකරගෙන යන බව ද එහි දැක්වෙනවා.

සම්පූර්ණ ලිපිය මෙතැනින් Attach the letter here

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<