පාසල් රග්බි පිටිය සති අන්තයේ දී උණුසුම්

Dialog පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය 2021

432

වසර දෙකකට ආසන්න විරාමයකින් පසුව පාසල් රග්බි පිටිය නැවතත් උණුසුම් කරන්නට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය සූදානම්. ඒ් මේ සති අන්තයේ දී ආරම්භ වීමට නියමිත Dialog පාසල් රග්බි සත් සාමාජික තරගාවලියත් සමඟිනුයි.

තරගාවලිය පිළිබඳව නිල දැනුවත් කිරීමේ හමුව ඊයේ (15) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ අතර තරගාවලිය බස්නාහිර පළාත් තරගාවලියෙන් ආරම්භ වීමට නියමිතයි.

>> මාධ්‍ය හමුවේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

Dialog පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය පළාත් 5ක් නියෝජනය කරමින් පාසල් 50ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි. තරගාවලිය බස්නාහිර පළාත් තරගාවලියෙන් ආරම්භ වීමට නියමිත අතර එය දෙසැම්බර් 19 හ 19 දිනවල දී රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ දී ආරම්භ වීමට නියමිතයි.

මධ්‍යම පළාත් තරගාවලිය දෙසැම්බර් 27 වැනිදාත්, වයඹ පළාත් තරගාවලිය දෙසැම්බර් 28 වැනිදාත්, සබරගමුව සහ දකුණු පළාත් තරගාවලිය පිළිවෙළින් දෙසැම්බර් 29 සහ 30 යන දිනවල දීත් පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සමාරම්භක තරගාවලිය වන බස්නාහිර පළාත් තරගාවලිය සඳහා කණ්ඩායම් 22ක් තරග වැදීමට නියමිත අතර ඔවුන් සියලු දෙනා පසුගිය වසරේ දී දැක්වූ දක්ෂතා මත පදනම්ව කාණ්ඩ දෙකකට වෙන්කරනු ඇත.

තරගාවලියේ පළමු දිනයේ දී (18) B කාණ්ඩයෙන් තරග කරන කණ්ඩායම් 10 අනුකාණ්ඩ 4ක් යටතේ තරග කරන අතර  එම අනුකාණ්ඩවල ජයග්‍රාහකයින් කුසලාන/ පලඟ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා ගනී. දෙවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් බඳුන සහ පලිහ අවසන් තරග සඳහා සුදුසුකම් ලබා ගනු ඇත.

දෙවැනි දිනයේ දී (19), A කාණ්ඩයේ සිටින කණ්ඩායම් 12 ශූරතා කුසලානය සඳහා තරග කරන අතර, ඔවුන් ද අනුකාණ්ඩ 4කට වෙන් කරනු ඇත.

ඔවුන් සමඟින් B කාණ්ඩයේ ප්‍රථම ස්ථාන දිනා ගත් ක්‍රීඩකයින් ද කුසලාන/ පලඟ අවසන් පූර්ව තරග සඳහා තරග කරනු ඇත. මෙම කාණ්ඩවල දෙවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් බඳුන අවසන් පූර්ව තරග සඳහා යොමු කරන අතර තෙවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් පලඟ අවසන් පූර්ව තරග සඳහා යොමු කරනු ඇත.

තරග කාලසටහන

  • 18 වැනි සෙනසුරාදා – B කාණ්ඩය
  • 19 වැනි ඉරිදා – A කාණ්ඩය

තරගාවලියේ සජීව විකාශය, ඡායාරූප, ලකුණු සටහන්, තරග වාර්තා ඇතුළු සියලු දෑ සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<