ඕස්ට්‍රේලියාවට එරෙහිව එංගලන්තයෙන් ප්‍රබල සංචිත දෙකක්

එංගලන්ත කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය 2020

216

පාකිස්තානු කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය තුල විවේකයක් ලැබුණු ජොෆ්රා ආචර් සහ ජොස් බට්ලර් යන ක්‍රීඩකයින් දෙදෙනා එළඹෙන ඕස්ට්‍රේලියානු තරගාවලිය සඳහා නම් කළ එංගලන්ත විස්සයි විස්ස සහ එක්දින සංචිතය සඳහා නම් කර ඇත.

>>Video – ශෙහාන් ජයසූරියගෙන් සැර ශතකයක්<<

එංගලන්ත කණ්ඩායම සතුව සිටින තවත් ප්‍රබල ක්‍රීඩකයෙක් වන ජෝ රූට් මේ විස්සයි විස්ස සංචිතය සඳහා නම් කර නොමැති නමුත් එක්දින සංචිතය සඳහා ඔහුගේ නම ඇතුළත් වන විට, ඩේවිඩ් විලී හට මේ කිසිදු සංචිතයක ඉඩක් ලැබී නොමැත.

මාර්ක් වුඩ්, සෑම් කරන් යන ක්‍රීඩකයින් හට මේ තරගාවලිය තුල විස්සයි විස්ස සහ එක්දින යන තරග රටාවන් දෙකේම සංචිත සඳහා ඇතුළත් වීමට අවස්ථාව ලැබී ඇති අතර ක්‍රිස් වෝක්ස් එක්දින සංචිතය සඳහා පමණක් නම් වී තිබේ. සකීබ් මහමුද් සංචිත දෙක තුලම අතිරේක ක්‍රීඩකයෙක් ලෙස නම් කර ඇත.

විස්සයි විස්ස සංචිතය: ඔයින් මෝර්ගන් (නායක), මොයින් අලී, ජොෆ්රා ආචර්, ජොනී බෙයාර්ස්ටෝව්, ටොම් බැන්ටන්, සෑම් බිලින්ග්ස්, ජොස් බට්ලර්, සෑම් කරන්, ටොම් කරන්, ජෝ ඩෙන්ලි, ක්‍රිස් ජෝර්ඩ්න්, ඩේවිඩ් මලාන්, අදිල් රෂීඩ්, මාර්ක් වුඩ්.

අතිරේක ක්‍රීඩකයින්: ලියාම් ලිවින්ග්ස්ටන්, සකීබ් මහමුද්

එක්දින සංචිතය: ඔයින් මෝර්ගන් (නායක), මොයින් අලී, ජොෆ්රා ආර්ච්, ජෝ රූට්, ජොනී බෙයාර්ස්ටෝව්, ටොම් බැන්ටන්, සෑම් බිලින්ග්ස්, ජොස් බට්ලර්, සෑම් කරන්, ටොම් කරන්, අදිල් රෂීඩ්, මාර්ක් වුඩ්, ක්‍රිස් වෝක්ස්.

අතිරේක ක්‍රීඩකයින්: සකීබ් මහමුද්, ජෝ ඩෙන්ලි

>>ශ්‍රී ලංකා ක්‍රිකට් මහ සභාවේ දී කරුණු 3කට අනුමැතිය<<

පියාගේ අසනීප තත්වය නිසාවෙන් බෙන්ස් ස්ටෝක්ස් මේ සංචිත දෙකම සඳහා නම් වී නොමැති අතර ජේසන් රෝයි හට ඇතිව තිබෙන ආබාධය නිසාවෙන් ඔහු මේ සංචිතය සඳහා ඇතුළත් වී නොමැත.

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 4, 6 සහ 8 යන දින තුන පුරාවට Ageas Bowl ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර සැප්තැම්බර් 11, 13 සහ 16 පැවැත්වෙන එක්දින තරග තුන (ICC සුපර් ලීග් තරගාවලිය සඳහා ඇතුළත්) ඕල්ඩ් ට්‍රැෆඩ් හිදී පැවැත්වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<