CH අමතර ප්‍රසාද ලකුණක් සමඟින් ගුවන් හමුදාව පරාජය කරයි

76

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ CH&FC කණ්ඩායම සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර අද (22) දින පැවති තරගයෙන් ලකුණු 26 – 17ක් ලෙස ජය ගන්නට CH&FC කණ්ඩායම සමත් වුනා. කොළඹ තුරඟ තරග පිටියේ දී පැවති තරගයේ අවසන් මිනිත්තු 15 දී CH කණ්ඩායම ක්‍රීඩකයින් 14 දෙනෙකුට සීමා වූ නමුත් ඔවුන් කෙසේ හෝ තරගයේ අමතර ප්‍රසාද ලකුණ ආරක්ෂා කර ගන්නට සමත් වුනා. 

නාවිකයන්ගේ තියුණු ජයග්‍රහණයට නැවතත් වාසනාව හරස් වෙයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 12 වැනි සතියේ තරග අද (21) ආරම්භ විය. එහි දී පළමු…

තරගය ආරම්භයේ දීම හිමි වුනු දඬුවම් පහරක් සාර්ථක කර ගන්නට CH ක්‍රීඩක හිරුෂ සම්පත් අසමත් වූ නමුත් ගුවන් හමුදා ක්‍රීඩක ලහිරු උදයංග උත්සාහක දිනුමක් සමඟින් ලකුණු පුවරුව ආරම්භ කළා. Line out අවස්ථාවකින් හිමි වූ පන්දුවක් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් ඉදිරියට රැගෙන ගිය අතර උදයංග පන්දුව ධවල රේඛාවෙන් එපිටට රැගෙන ගියා. (CH 00 – 05 ගුවන්) 

නුවන් රාජකරුණා හට කහ කාඩ්පතක් පිරිනැමීම නිසා ගුවන් හමුදාව ක්‍රීඩකයින් 14 දෙනෙකුට සීමා වූ අතර එහි උපරිම ප්‍රයෝජනය ලබා ගත් CH ක්‍රීඩක ප්‍රසාද් මදුසංක තම කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළා. එහි ප්‍රවර්තනය නම් සාර්ථක කර ගන්නට හැකියාවක් ලැබුනේ නැහැ. (CH 05 – 05 ගුවන්) 

ඊට මිනිත්තු කිහිපයකට පසුව කුෂාන් ඉඳුනිල් CH ලකුණු පුවරුවට තවත් උත්සාහක දිනුමක් එකතු කරන්නට සමත් වුනා. අවන්ත ලී පන්දුව රැගෙන ගුවන් ආරක්ෂක වළලු පසු කරමින් ඉදිරියට ධාවනයේ නිරත වූ අතර ඔහුගෙන් පන්දුව ලබා ගත් කුෂාන් එම උත්සාහක දිනුම සම්පුර්ණ කළා. හිරුෂ සම්පත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තා. (CH 12 – 05 ගුවන්) 

පළමු අර්ධය: CH&FC කණ්ඩායම (2T, 1C) 12 – 05 (1T) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 

දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගත වන විට CH කණ්ඩායම තවත් ප්‍රවර්තනය කරන ලද උත්සාහක දිනුමක් සිය ලකුණු පුවරුවට එකතු කර ගත්තා. චතුර දිල්ශාන් ගුවන් හමුදා ක්‍රීඩකයින් මර්දනය කරමින් එම උත්සාහක දිනුම වාර්තා කරන විට හිරුෂ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තා. (CH 19 – 05 ගුවන්) 

පොලිස් බලය හමුවේ යුධ සේනාංකය පසු බසියි

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තවත් එක් තීරණාත්මක…

තරගයේ 52 වන මිනිත්තුවේ දී CH ක්‍රීඩක හිරන්ත පෙරේරා කහ කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් වුනු අතර ගුවන් හමුදා ක්‍රීඩා සමාජය එහි උපරිම වාසිය උකහා ගත්තා. මීටර 10 සීමාවේ සිට ගුවන් හමුදා ඉදිරිපෙළ ක්‍රීඩකයින් පන්දුව ඉදිරියට රැගෙන ගිය අතර ජේසන් කරුණාරත්න සහ ජෙහාන් සිලේගම අතර සිදු වූ පන්දු හුවමාරුවකින් අනතුරුව කෞෂාල් මනුප්‍රිය ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නැවත තරගයට ගෙන ආවා. එහි ප්‍රවර්තනය නම් සාර්ථක කර ගන්නට ඔවුන් සමත් වුනේ නැහැ. (CH 19 – 10 ගුවන්) 

65 වන මිනිත්තුවේ දී විශ්ව කිරිඇල්ල හට රතු කාඩ්පතක් හිමි වූ නිසා CH&FC කණ්ඩායම දැඩි අර්බුධයකට පත්වුනා. එසේ කිරිඇල්ල හට රතු කාඩ්පතක් හිමි වූයේ ඔහු විසින් ගයන්ත ඉද්දමල්ගොඩ වෙත කළ අනවශ්‍ය බාධා කිරීමක් නිසයි. 

ගුවන් හමුදා කණ්ඩායමට එක් ක්‍රීඩකයෙකුගේ වාසියක් හිමි වුනත් ඔවුන්ට එම වාසිය ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වුනේ සශික ප්‍රනාන්දු සහ ඉමේෂ් අපෝන්සු වෙත කහ කාඩ්පත් පෙන්වීමට විනිසුරු ක්‍රියා කළ නිසයි. 

වොරන් වීරකෝන් පිටියට පැමිණ සුළු මොහොතකින් CH කණ්ඩායමේ සිව්වන උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් වුනා. මීටර් 10 සීමාව වෙත පන්දුව රැගෙන ගිය ඔහු සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගේ සහයෙන් ධවල රේඛාව ඉක්මවා ගියා. නායක රෝහිත රාජපක්ෂ අමතර ලකුණු එකතු කළා. (CH 26 – 10 ගුවන්) 

අවසන් මොහොතේ දී ගුවන් හමුදා කණ්ඩායමේ පත්මසංක වීරසිංහ ගේ සුරතින් උත්සාහක දිනුමක් වාර්තා වූ අතර ගයන්ත ඉද්දමල්ගොඩ එයට අමතර ලකුණු එකතු කළා. කෙසේ වෙතත් එමඟින් තරගයේ ප්‍රතිඵලය වෙනස් කරන්නට ඔවුන්ට අවස්ථාවක් හිමි වූයේ නැහැ. 

අවසන් ලකුණු තත්වය: CH&FC කණ්ඩායම (4T, 3C) 26 – 17 (3T, 1C) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 

Dialog ‘ViU’ තරගයේ වීරයා : කුෂාන් ඉඳුනිල් (CH&FC) 

පාසල් රග්බි මුල් පුටුව අලුත් වෙයි

කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති හා ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ හිටපු සභාපති බී…

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ: 

  • CH&FC කණ්ඩායම – ප්‍රසාද් මධුශංක 1T, කුෂාන් ඉඳුනිල් 1T, චතුර දිල්ශාන් 1T, වොරන් වීරකෝන් 1T, හිරුෂ සම්පත් 2C, රෝහිත රාජපක්ෂ 1C.  
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – ලහිරු උදයංග 1T, කෞෂාල් මනුප්‍රිය 1T, පත්මසංක වීරසිංහ 1T, ගයන්ත ඉද්දමල්ගොඩ 1C. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න රග්බි පිටුවට <<