මහනුවර ක්‍රීඩකයෝ CH සිහින කුඩුපට්ටම් කරති

99

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ නවවැනි සතියේ තවත් තරගයක් මහනුවර ක්‍රීඩා සමාජය සහ CH&FC කණ්ඩායම අතර අද (02) මහනුවර නිත්තවෙල ක්‍රීඩා පිටියේ දී නිමාවට පත්වූයේ ලකුණු 45–15ක් ලෙස සත්කාරකයින් දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරමිනි.

හැව්ලොක් අසාර්ථක කරමින් CR ජයකෙහෙලි නංවයි

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ දෙවන සතියට අදාළ…

තරගයේ හත්වැනි විනාඩියේ දී CH ක්‍රීඩක ගයාන් වීරරත්න නීති විරෝධීව ක්‍රීඩකයෙකු මෙල්ල කිරීමට තැත්කිරීම හේතුවෙන් විනිසුරු දිලුම් දීෂණ ඔහුට තරයේ අවවාද කරමින් මහනුවරට දඬුවම් පහරක් ලබා දුන්නේය. එය සාර්ථක කර ගැනීමට තරින්ද රත්වත්ත සමත් විය. (මහනුවර 03 – 00 CH&FC)

තරගයේ 28 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ බුද්ධිම පියරත්න මීටර 80කට වැඩි දුරක් ධාවනයේ දී මහනුවරට පහසු උත්සාහක දිනුමක් වාර්තා කර දීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට රත්වත්ත සමත් විය. (මහනුවර 10 – 00 CH&FC)

පළමු අර්ධය අවසන් වීමට මොහොතකට මත්තෙන් CH කණ්ඩායමේ ආරක්ෂාව බිඳ දමමින් ධවල රේඛාව පසුකර යන්නට මහනුවර ක්‍රීඩා සමාජයේ තරිඳු චතුරංග සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගනිමින් අතිරේක ලකුණු එකතු කරන්නට රත්වත්තට හැකි විය. (මහනුවර 17 – 00 CH&FC)

ප්‍රථම අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 17 – 00 CH&FC කණ්ඩායම

දෙවැනි අර්ධය ආරම්භ වූ වහාම ක්‍රියාත්මක වෙමින් තම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සඳහා රාජකාරි ආරම්භ කළ මහනුවර ක්‍රීඩා සමාජයේ බුවනෙක උඩන්ගමුව 41 වැනි විනාඩියේ දී උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් වූ අතර රත්වත්තට ප්‍රවර්තනය මග හැරුණේ නැත. (මහනුවර 24 – 00 CH&FC)

47 වැනි විනාඩියේ දී මහනුවර ක්‍රීඩකයෙකු අතින් සිදු වූ අත්වැරදීමකට විනිසුරු CH වෙනුවෙන් දඬුවම් පහරක් ලබා දුන් අතර එය සාර්ථක කර ගැනීමට සැමුවෙල් මදුවන්ත සමත් විය. (මහනුවර 24 – 03 CH&FC)

නැවතත් තරගයේ 50 වැනි විනාඩියේ දී CH වෙනුවෙන් ක්‍රියාත්මක වූ ප්‍රසාද් චතුරංග “Rolling Maul” අවස්ථාවකින් ප්‍රයෝජන ගනිමින් CHට තරගයේ පළමු උත්සාහක දිනුම දිනා දුන් නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (මහනුවර 24 – 08 CH&FC)

යුධ පෙළහර හමුවේ ගුවන් හමුදාව අසරණ වෙයි

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටය ආරම්භ කරමින් …

52 වැනි විනාඩියේ දී මදුවන්තව නීති විරෝධීව මෙල්ල කිරීමට තැත්කිරීම හේතුවෙන් විනිසුරු මහනුවර ක්‍රීඩක අශාන් ඩාලිං හට කහ කාඩ්පතක් නිකුත් කළේය.

CH කණ්ඩායමේ නිශෝන් පෙරේරා 64 වැනි විනාඩියේ දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර මදුවන්ත ප්‍රවර්තනයේ ලකුණු ද එකතු කරන්නට සමත් විය. (මහනුවර 24 – 15 CH&FC)

තරගයේ 68 වැනි විනාඩියේ දී මොහොමඩ් අලි මහනුවර වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට රත්වත්තට හැකි විය. (මහනුවර 31 – 15 CH&FC)

විනිසුරු අණ නොතකා ක්‍රියා කිරීම හේතුවෙන් විනිසුරු CH ක්‍රීඩක මතීෂ සරත්චන්ද්‍රට කහ කාඩ්පතක් හිමි වූයේ තරගයේ 70 වැනි විනාඩියේ දී ය.

එම අවසරයෙන් ක්‍රියාත්මක වූ තරිඳු චතුරංග තරගයේ 71 වැනි විනාඩියේ දී මහනුවර වෙනුවෙන් සිය දෙවැනි උත්සාහක දිනුමත් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ද රත්වත්ත සමිත්වයි. (මහනුවර 38 – 15 CH&FC)

යෝශිත රාජපක්ෂ නැවතත් රාජකාරියට වාර්තා කරයි

ශ්‍රී ලංකා හිටපු රග්බි නායක හා නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් ඩයලොග් අන්තර් …

තරගයේ අවසන් උත්සාහක දිනුම 79 වැනි විනාඩියේ වාර්තා වූයේ ශෂික ජයවර්ධනගේ උත්සාහයෙනි. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත් රත්වත්ත මහනුවරට තවත් වටිනා ජයක් උරුම කර දෙන්නට සමත් විය. (මහනුවර 45 – 15 CH&FC)

අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 45 – 15 CH&FC කණ්ඩායම

ThePapare.com තරගයේ වීරයා – තරිඳු චතුරංග (මහනුවර)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්:

  • මහනුවර – බුද්ධිම පියරත්න 1T, තරිඳු චතුරංග 2T, බුවනෙක උඩන්ගමුව 1T, ශෂික ජයවර්ධන 1T, මොහොමඩ් අලි 1T, තරින්ද රත්වත්ත 1P 6C
  • CH&FC – ප්‍රසාද් චතුරංග 1T, නිශෝන් පෙරේරා 1T, සැමුවෙල් මදුවන්ත 1P 1C 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<