පළමු තරගය වැස්සට බිලිවෙයි!

227

පුරා මාස දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව සහභාගි වන ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් දැක බලා ගැනීමට ඇඟිලි ගනිමින් සිටි ප්‍රේක්ෂකයින්ට අදත් (18) එම බලාපොරොත්තු සඵල කර ගැනීමට නොහැකි විය.

ඒ ස්කොට්ලන්තය සමඟ පැවැත්වෙන තරග 2කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (18) වර්ෂාවට සේදී ගිය බැවිනි. එඩින්බර්ග් හිදී පැවැත්වීමට තිබූ තරගයේ අද එකදු පන්දුවක්වත් ක්‍රියාත්මක කිරීමට වැසි දෙවිඳුන්ගෙන් ඉඩක් ලැබුණේ නැත.

ලෝක කුසලානයට පෙර හොඳට ඇඟ උණුසුම් කරගමු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ස්කොට්ලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරග…

එරට වේලාවෙන් අද උදෑසන 11ට තරගය ඇරඹීමට නියමිතව තිබූ නමුත් එය පමා කිරීමට සිදු වූයේ උදෑසන කාලයේ පතිත වූ වර්ෂාව නිසා පිටියේ තෙතබරිත ස්වභාවයක් පැවතීම නිසයි. ක්‍රමයෙන් දහවල් කාලය පැමිණෙත්ම යම් සුබදායක වටපිටාවක් නිර්මාණය වුවද විනිසුරුවරුන් තණතිල්ල පරීක්ෂා කිරීමට සූදානම් වෙද්දීම නැවතත් වැසි ඇද වැටීම නිසා තරගය අත්හැර දැමීම හැර වෙනත් විකල්පයක් නොවීය. ඒ අනුව අභිනව නායක දිමුත් කරුණාරත්නට එක්දින තරගයක මුල් වරට නායකත්වය හොබවන්නට තවත් දින 3ක් බලා සිටින්නට සිදුව ඇත.

දෙරට අතර මෙම කෙටි එක්දින තරගාවලිය නිමා කරමින් දෙවැනි සහ අවසන් එක්දින තරගය ලබන 21 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දීම පැවැත්වීමට කටයුතු යොදා ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<