හැව්ලොක් ඉදිරිපෙළින් නාවිකයින්ට දැඩි හානි!

Havelock SC v Navy SC

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් තරගාවලියේ මංගල තරගය අද (29) සත්කාරක නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර අධික වර්ෂාව යටතේ වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ දී පැවැත්විය. එහි දී ලකුණු 35-03ක් වශයෙන් පහසු ජයක් අත්කර ගැනීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය.

“මහනුවර හදගැස්ම” – තරගාවලියට සූදානම්!

මෙවර ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට තරග වදින කණ්ඩායම් අතර සිය නාමය ඉහළින්ම රඳවා ගෙන

තරගයේ පළමුවෙන්ම ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ඉසුරු කෝන්ගහවත්ත පස්වැනි විනාඩියේ දී දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේය. (නාවික හමුදා ක්‍රීඩා සමාජය 03-00 හැව්ලොක් ක්‍රීඩා සමාජය)

නාවික හමුදාවේ අත්වැරදීමකින් පන්දුව හැව්ලොක් වෙත හිමි වූ අවස්ථාවේ Scrum අවස්ථාවකින් පන්දුව රැගෙන 18 වැනි විනාඩියේ දී ධවල රේඛාව පසු කර ගිය හැව්ලොක් ක්‍රීඩක අස්මීර් ෆාජුදීන්ගේ උත්සාහක දිනුමට සාධාරණයක් ඉටු කරමින් ප්‍රින්ස් චාමර ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය. (නාවික හමුදා ක්‍රීඩා සමාජය 03-07 හැව්ලොක් ක්‍රීඩා සමාජය)

එතැන් පටන් තම ඉදිරිපෙළේ ශක්තිමත්භාවය විදහා පාමින් හැව්ලොක් ක්‍රීඩකයින් නාවික හමුදාව වෙත පහර පිට පහර එල්ල කරමින් ඔවුන්ව දුර්වල කරන ආකාරයක් දක්නට ලැබුණි.

නැවතත් පසුගිය වසරේ මෙන් තමාගේ දක්ෂ ක්‍රීඩා විලාශය හොඳින් භාවිතා කළ හැව්ලොක් නායක මිතුන් හපුගොඩ උත්සාහක දිනුමක් වාර්තා කළ අතර ප්‍රින්ස් චාමර විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (නාවික හමුදා ක්‍රීඩා සමාජය 03-14 හැව්ලොක් ක්‍රීඩා සමාජය)

ගිලිහී ගිය රිද්මය සොයා යන්නට පොලිස් භටයින් සූදානම්!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ආරම්භ වීම සඳහා තවත් ඇත්තේ දින දහයකටත් අඩු කාලයකි.

හැව්ලොක් ක්‍රීඩා සමාජයේ රැන්ඩි සිල්වා ද හැව්ලොක් වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ ප්‍රථම අර්ධය අවසන් වන විට හැව්ලොක් ක්‍රීඩා සමාජය ලකුණු පුවරුවේ ඉදිරියෙන් තබමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ප්‍රින්ස් චාමරට හැකි විය. 

ප්‍රථම අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 03 – 21 හැව්ලොක් ක්‍රීඩා සමාජය

හැව්ලොක් ක්‍රීඩකයින් සත්කාරකයින් පුදුම කරමින් දෙවැනි අර්ධය ආරම්භ වූ වහාම ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට වගබලා ගත්තේය. තරගයේ 45 වැනි විනාඩියේ දී පන්දුව තමන් සතු කරගනිමින් වේගයෙන් දිව ගිය රුක්මාල් ප්‍රනාන්දු තවත් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් විය. එහි ප්‍රවර්තනයත් ප්‍රින්ස් චාමර සාර්ථක කර ගත්තේය. (නාවික හමුදා ක්‍රීඩා සමාජය 03-28 හැව්ලොක් ක්‍රීඩා සමාජය)

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට මෙවර හඳුන්වා දී ඇති “නිල් කාඩ්පත” මෙම තරගයේ දී පළමු වරට භාවිතා වූ අතර විනිසුරු ආකිල් ජමාල්ඩීන් නාවික හමුදා ක්‍රීඩා සමාජයේ නිරෝෂ් පෙරේරා හට ලබා දුන්නේ ඔහුගේ හිසේ ඇතිවූ ආබාධයක් හේතුවෙනි.

රතු, කහ මදිවට තවත් එකක්!

එළඹෙන ඩයලොග් අන්තර් සමාජ රග්බි තරග වාරයේ දී රතු සහ කහ කාඩ්පත් වලට අමතරව

ඉන්පසු තරගයේ අවසන් විනාඩිය දක්වාම කණ්ඩායම් දෙක අතර පන්දුව හුවමාරු වෙමින් කාලය ගත වූ අතර නාවික හමුදා ක්‍රීඩකයින් ද ලකුණු රැස්කිරීමට යුහුසුලු වන බවක් දක්නට නොලැබුණි. 

නමුත් තරගයේ 80 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ දිනූෂ ආරියපාල හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් තරගයේ අවසන් විනාඩියේ දී උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ද සාර්ථක කරගැනීමට ප්‍රින්ස් චාමර හැකි විය. (නාවික හමුදා ක්‍රීඩා සමාජය 03-35 හැව්ලොක් ක්‍රීඩා සමාජය)

අවසන් ලකුණු තත්වය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 03 – 35 හැව්ලොක් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – අස්මීර් ෆාජුදීන් (හැව්ලොක් ක්‍රීඩා සමාජය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින් –

  • නාවික හමුදා ක්‍රීඩා සමාජය – ඉසුරු කෝන්ගහවත්ත 1P 
  • හැව්ලොක් ක්‍රීඩා සමාජය – අස්මීර් ෆාජුදීන් 1T, මිතුන් හපුගොඩ 1T, රැන්ඩි සිල්වා 1T, රුක්මාල් ප්‍රනාන්දු 1T, දිනුෂ ආරියපාල 1T, ප්‍රින්ස් චාමර 5C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<