නාවිකයෝ පළමු අර්ධයේ වාඩුව පිරිමසා ගනිති

524

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ එකොළොස් වන සතිය ආරම්භ කරමින් තරග ත්‍රිත්වයක් අද (20) පැවැත්විය. ඒ අතරින් CR & FC කණ්ඩායමත්, නාවික හමුදා ක්‍රීඩා සමාජයත් වැලිසර නාවික හමුදා පිටියේ දී තරග වැදුණු අතර එහි දී ලකුණු 34-18ක් ලෙස තරගය ජය ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

CH සුළඟින් මහනුවර කැලඹෙයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 11 වන සති අන්තය ආරම්භ කරමින් CH & FC ක්‍රීඩා සමාජය හා මහනුවර ක්‍රීඩා සමාජය අද (20) නිත්තවෙල දී තරග වැදුණු අතර තියුණු…

පසුගිය සතියේ නිත්තවෙල දී ලද පරාජයත් සමඟින් CR කණ්ඩායම ද, පොලීසියට එරෙහිව ලද දැවැන්ත ජයත් සමඟින් නාවික හමුදාව ද මෙම තරගයට පිවිසියේය. මෙම තරගාවලියේ ප්‍රථම අර්ධයේ දී නාවික හමුදාව CR හමුවේ ලකුණු 38-23ක් ලෙස පරාජය වූ අතර එහි වාඩුව ලබා ගැනීමේ අරමුණ ද සහිතව නාවිකයින් පිටියට පිවිසියහ.

ආරම්භයේ පටන් තරගය දෙපසටම දෝලනය වන බවක් බැලූ බැල්මට දක්නට ලැබුණේ දෙපිලේ ම දැඩි ආරක්ෂක වළල්ල හමුවේ බොහෝ වේලාවක්  යනතෙක් කණ්ඩායම් දෙකම ලකුණු ලබා ගැනීමට ප්‍රමාද වූ නිසාවෙනි.

කෙසේ නමුත් නාවිකයෝ තම උපායශීලී ක්‍රියා පිළිවෙත දිගින් දිගටම අනුගමනය කරමින් CR ආරක්ෂක වළල්ල දෙසට ක්‍රීඩකයින් එකා බැගින් තල්ලු කරන්නට විය. තරගයේ 32 වන මිනිත්තුවේ දී ධනුෂ්ක පෙරේරා ධවල රේඛාව හරහා පන්දුව රැගෙන යාමත් සමඟ නාවික හමුදා කණ්ඩායම ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය තිලිණ වීරසිංහ සාර්ථක කර ගත්තේය. (07-00)

ඉන් මිනිත්තු කිහිපයක් ගත වූ තැන නැවතත් නාවික හමුදාව ඔවුන්ගේ මීළඟ උත්සාහක දිනුමට මාන බැලීම ආරම්භ කරන්නේ CR ආරක්ෂක වළල්ලට දරුණු ලෙස පහර දෙමිනි. ඔවුන්ගේ බලපෑම්වලින් ආරක්ෂා වීමට උත්සාහ කළ CR කණ්ඩායමෙන් සිදු වූ අනිසි බලපෑමක් නිසා ලද දඬුවම් පහරක් සාර්ථකව ගෝල කණු හරහා ගුවන්ගත කරමින් තවත් ලකුණු ත්‍රිත්වයක් නාවික හමුදාවට දිනා දෙන්නට තිලිණට හැකි විය. (10-00)

ඉන්පසු තවත් මිනිත්තු කිහිපයක් තරගය මන්දගාමීව ගලා යද්දී නාවික ආරක්ෂක වළල්ලට උපක්‍රමශීලීව CR ක්‍රීඩකයින් පහර දෙන්නට විය. කෙසේ නමුත් එහි දී CR කණ්ඩායමට සිදු වූ අනිසි බලපෑමක් නිසාවෙන් ලද දඬුවම් පහරක් රීසා රෆයිඩීන් විසින් සාර්ථකව ලකුණු බවට පරිවර්තනය කළේය. (10-03)

පළමු අර්ධයේ අවසන් මිනිත්තුව පෙනෙන මානයේ දී තිලිණගේ අලංකාර පන්දු පාලනයත්, අනෙක් නාවිකයින්ගේ සහයෝගයත් නිසාවෙන් තවත් උත්සාහක දිනුමක් ප්‍රවර්තනය ද සමඟින් සාර්ථක කර ගැනීමට නාවික හමුදාව සමත් විය. (17-03)

පළමු අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 17 – 03 CR & FC   

දෙපිලේම නරඹන්නන්ගේ  ඔල්වරසන් මධ්‍යයේ තරගයේ දෙවන අර්ධය ආරම්භ වන්නේ පෙරට වඩා නව පිබිදීමකින් දෙපිලේම ක්‍රීඩකයන් ස්ථාන ගත වෙමිනි.

දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් යන්නටත් පෙර නාවිකයින් අතින් වූ අනිසි බලපෑමක් නිසවෙන් CR කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ අතර තරින්ද රත්වත්ත විසින් සාර්ථකව එය ලකුණු බවට පරිවර්තන කරන ලදි. (17-06)

නැවතත් CR කණ්ඩායමෙන් සිදු වූ අනිසි බලපෑමක් නිසාවෙන් ලද දඬුවම් පහරක් නාවික ක්‍රීඩක තිලිණ වීරසිංහ විසින් සාර්ථක කර ගන්නා ලදි. (20-06)

ගුවන් හමුදාවට පෙරළිකාර ජයක්

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන අදියර යටතේ යුද හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ…

ඉන් මිනිත්තු කිහිපයකට පසුව නාවික ක්‍රීඩකයින් මීටර කිහිපයක දිවීමකින් සූක්ෂ්මව CR බැමි අතික්‍රමණය කරමින් උත්සාහක දිනුමකට මඟ පාදා ගත්තේය. තිලිණ වීරසිංහ ඒ දැකුම්කළු උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර ප්‍රවර්තනය ද සාර්ථකයි. (27-06)

තරගයේ අවසන් මිනිත්තු කිහිපයේ දී කෝකිල හිරාන් උත්සාහක දිනුමක් CR වෙත දිනා දෙන්නට සමත් වූ අතර තරින්ද ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (27-13)

තරගයේ අවසන් මිනිත්තු දෙකේ දී තම ආරක්ෂාකාරී පියවර තුලින් පිටිය මැද දී සිදු කළ අලංකාර පන්දු හැසිරවීමක් ලබාගත් සෂාන් මොහොමඩ් තවත් උත්සාහක දිනුමක් CR වෙත දිනා දීමට සමත් වූ නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (27-18)

තරගයේ අවසන් මිනිත්තුවේ දී ලද knock-on අවස්ථාවක දී දිගු පන්දු හුවමාරුවකින් ලද උත්සාහක දිනුමක් දුලන්ජන් විජේසිංහ විසින් සාර්ථ්ක කරගත් ගත්තේ CR ක්‍රීඩකයින් පිටිය මැද අසරණ කරමිනි. තිලිණගේ සාර්ථක ප්‍රවර්තනයත් සමඟින් තරගය නිමා වූයේ තවත් තරග ජයක් නාවික හමුදාවට හිමි කර දෙමිනි. (34-18)

අවසන් ලකුණු තත්වය: CR & FC 18 (2T, 1C, 2P) – 34 (4T, 4C, 2P) නාවික හමුදා  ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – තිලිණ වීරසිංහ (නාවික හමුදාව)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • CR & FC: සෂාන් මොහොමඩ් 1T, කෝකිල හිරාන් 1T, රීසා රෆයිඩීන් 1P, තරින්ද රත්වත්තේ 1P-1C
  • නාවික හමුදාව: ධනුෂ්ක පෙරේරා1T, දුලන්ජන් විජේසිංහ 1T, තිලිණ වීරසිංහ 2T-4C-2P

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට