අගනුවර රග්බි ක්‍රීඩකයෝ ගුවන් භටයන් බිම දමති

925

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දස වැනි සතිය ආරම්භ කරමින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයත්, CH & FC  ක්‍රීඩා සමාජයත් අද (12) තුරඟ තරග පිටියේ දී තරග වැදුණු අතර එහි දී ලකුණු  28–12ක් වශයෙන් තරගය ජය ගැනීමට CH & FC ක්‍රීඩකයන් සමත් විය.

නාවික බලය හමුවේ යුධ සෙබළුන් අසරණ වෙයි

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ නව වන සතිය අවසන් කරමින් යුධ හමුදා ක්‍රීඩා සමාජයත්, නාවික හමුදා ක්‍රීඩා සමාජයත් අද (07) හැව්ලොක් පිටියේ දී තරග…

වැහි අඳුර යටතේ තුරඟ තරග පිටියේ දී ප්‍රේක්ෂක ඔල්වරසන් මැද තරගය ආරම්භ වූ අතර හැව්ලොක් හමුවේ ලද පෙරළිකාර ජයත් සමඟින් CH කණ්ඩායමත්, පසුගිය සතියේ මහනුවරට එරෙහිව ලද දරුණු පරාජයත් සමඟින් ගුවන් හමුදා කණ්ඩායමත් පිටියට පිවිසියේය.

තරගය තරමක මන්දගාමී ස්වභාවයකින් ආරම්භ වුවද, සුපුරුදු රිද්මයට ඒමට ගතවූයේ මිනිත්තු කිහිපයකි. තරගය ආරම්භ වී සුළු මොහොතකින් ගුවන් හමුදා ලකුණු පුවරුව දඬුවම් පහරකින් ක්‍රියාත්මක විය. ඒ චරිත සෙනෙවිරත්න වෙත ලැබුණු දඬුවම් පහරක් සාර්ථකව ගෝල කණු අතරින් ගුවන් ගත කළ නිසාවෙනි (03-00).

තරග කාලයෙන් තවත් මිනිත්තු කිහිපයක් ගතවුන තැන නැවතත් ගුවන් හමුදාව වෙනුවෙන් තම කාර්යභාරය මැනවින් ඉටු කරන්නට චරිත සෙනෙවිරත්න සමත් විය. ඒ යාර 40 සීමාවේ දී තමා වෙත ලැබුණු දෙවන දඬුවම් පහර ද සාර්ථක කර ගනිමිනි (06-00).

CH වෙතට ලැබෙන්නා වූ දරුණු පීඩනය ගුවන් ක්‍රීඩකයන් විටින් විට වැඩි කරන බවක් පෙනෙන්නට තිබුණ ද, තම අත්වැරැද්දකින් ලද අනිසි බලපෑමක් CH වෙතට වාසියක් එක් කරන්නට වූ අතර ලද දඬුවම් පහර ලකුණු ත්‍රිත්වයක් බවට පරිවර්තනය කරමින් සැමුවෙල් මදුවන්ත CH ලකුණු පුවරුව ආරම්භ කළේය (06-03).

ගුවන් ආරක්ෂක වළල්ල අතරින් අවිශ්ක ලී උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය ද සැමුවෙල් සාර්ථක කළේය (06-10).

පළමු අර්ධය අවසන් වන්නට මිනිත්තු කීපයක් තිබිය දී චරිත සෙනෙවිරත්න තවත් දඬුවම් අවස්ථාවක වාසිය ගුවන් කණ්ඩායම වෙනුවෙන් ගෙන දුන්නේ ගුවන් ලකුණු පුවරුව 9ක් දක්වා ගෙනයමිනි. ඒ CH කණ්ඩායමෙන් ලද අනිසි බලපෑමක් ගුවන් හමුදාවේ වාසියට පරිවර්තනය කරමිනි (09-10).

පළමු අර්ධය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 09 – 10 CH & FC

තෙත බරිත තණ බිස්ස මත දෙවන අර්ධයට සූදානම් වෙමින් කණ්ඩායම් දෙකම ජයග්‍රාහී පිපාසයෙන් පිටියට අවතීර්ණ වන්නට විය. දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගත වුන තැන CH ක්‍රීඩක සැමුවෙල් මධුවන්ත තවත් දඬුවම් පහරක් CH වෙනුවෙන් සාර්ථක කර දුන්නේය (09-13).

තරගයේ තීව්‍ර බව නිසාමදෝ තවත් අනිසි බලපෑමක් ගුවන් හමුදාවෙන් සිදුවන්නට ගියේ මිනිත්තු කිහිපයකි. ඒ අවසරයෙන් තවත් දඬුවම් පහරක ලකුණු සැමුවෙල් මධුවන්ත විසින් සාර්ථක කර ගත්තේය (09-16).

‘Center’ ස්ථානයෙන් ‘Number 8’ වලට මාරු වුන බුවනෙක උඩන්ගමුව

මධ්‍යම කඳුකරයේ අගනගරය වන මහනුවරින් රග්බි ක්‍රීඩාවට පිවිසෙන බුවනෙක ‘බුවා’ උඩන්ගමුව වේගයෙන් මෙන්ම ශක්තියෙන් ද පරිපූර්ණ ක්‍රීඩකයෙකි.

ඉන්පසුව CH කණ්ඩායමට එදිරිව තවත් දඬුවම් පහරක් චරිත සෙනෙවිරත්න සාර්ථක කර ගන්නේ ගුවන් හමුදාව නැවත වරක් තරගයට අවතීර්ණ කරමිනි (12-16).

67 වැනි මිනිත්තුව ආසන්නවත්ම ගුවන් ආරක්ෂක වළල්ල අසලම රැඳෙමින් CH කණ්ඩායම තම උපක්‍රමශීලී තරග රටාව ක්‍රියාත්මක කරන්නට විය. ඒ අවසරයෙන් ඉමන්ත කුරුකුලසූරිය දැකුම්කළු ලෙස ගුවන් ආරක්ෂක වළල්ල අතික්‍රමණය කරමින් උත්සාහක දිනුමකට සමත්කම් දැක්විය. එහි ප්‍රවර්තනය අසාර්ථක විය (12-21).

තරගය ඉතා තියුණු මුහුණුවරක් පෙනෙන්නට වූයේ දෙපිලේම ආරක්ෂක බැමි ප්‍රතිවාදියා වෙත ඇද වැටෙන්නට පහර එල්ල කරනු පෙනෙන්නට තිබුණු නිසායි. නමුත් තරගයේ 76 වන මිනිත්තුව CH ක්‍රීඩකයන්ගේ මනා පන්දු හැසිරීමත්, ලී කීගල්ගේ මනරම් පන්දු පාලනයත් නිසා යාර 40කට ආසන්න දිවීමක් උත්සාහක දිනුමක් බවට පරිවර්තනය කරගන්නට ඔහු සමත් වූ අතර ප්‍රවර්තනය සාර්ථක කරගන්නට සැමුවෙල් සමත් විය. ඒ අනුව තරගය නිමාවන්නේ  CH වෙනුවෙන් තවත් තරග ජයක් සටහන් වෙමිනි (12-28).

අවසන් ලකුණු තත්වය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 12 (4P) – 28 (3T, 2C, 3P) CH & FC

ThePapare.com තරගයේ වීරයා – අවිශ්ක ලී (CH & FC ක්‍රී .ස.)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • CH & FC –  ලී කීගල් 1T, ඉමන්ත කුරුකුලසූරිය 1T, අවිශ්ක ලී 1T, සැමුවෙල් මදුවන්ත 2C, 3P
  • ගුවන් හමුදාව – චරිත සෙනෙවිරත්න 4P

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට