CR හමුවේ ජයග්‍රහණය ප්‍රභල මහනුවරට

1753
CR&FC vs Kandy

ඊයේ (07) ලොන්ග්ඩන් පෙදෙස උණුසුම්කරවමින් ඩයලෝග් ලීග් රග්බි කුසලාන තරගාවලියේ CR & FC හා මහනුවර ක්‍රීඩා සමාජය අතර තරඟය පැවැත් වූ අතර තරඟයෙන් මහනුවර කණ්ඩායම CR ක්‍රීඩකයින් හමුවේ ජයග්‍රහණය වාර්තා කලේ 32-27න් ලෙසයි.

පසුගිය ලිපි: ප්‍රසාද ලකුණු සමඟින් ජයග්‍රහණය හැව්ලොක් පිළට

පළමු මිනිත්තු 5 තුලම පන්දුව දෙපිලටම දෝලනය වෙමින් තිබූ අතර, තරගයේ 9වන මිනිත්තුවේදී ධනුෂ්ක රංජන් තිලිණ විජේසිංහ හා රිචඩ් ධර්මපාල එකිනෙකාගේ අවබෝධය ඇතිව පන්දුව හුවමාරු කරගනිමින් මෙම තරගයේ තම සමාජයේ පළමු ලකුණ ලබා ගැනීමට සමත් වූහ.

ඉන් සුළු මොහොතකට පසුව ගනුක දිසානායක තම සමාජයේ දෙවන උත්සාහක දිනුම් අවස්ථාවද ලබාගෙන ලකුණු පුවරුව තවතවත් ඉහළ නංවන ලදි. නමුත් සුහිරු විජේසිංහට එහි  ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරගැනීමට නොහැකි විය. (CR 00 – 12 මහනුවර)

අනතුරුව තම අවස්ථාව ලබාගත් CR සමාජය වෙනුවෙන් තරින්ද රත්වත්තේ 35වන මීටර් කණුවේ සිට දඩුවම් පහරක් සාර්ථක කරගන්නා ලද අතර කවිදු ද සිල්වා සමඟින් එකතුව තම සමාජයේ පළමු උත්සාහක දිනුම් අවස්ථාව ලබා ගන්නා ලදි. රත්වත්තේ හට එහි ප්‍රවර්තනය මඟහැරෙනි. (CR 08 – 12 Kandy)

සත්කාරක CR සමාජයේ හිස්තැන් මනාව පෙනුණු ධනුෂ්ක රංජන් තමන්ගේ දෙවන උත්සාහක දිනුම් අවස්ථාව ලබාගෙන තරගයේ ලකුණු පරතරය කෙමෙන් ‍කෙමෙන් වැඩි කරගන්නා ලදි. (CR 08 – 19 Kandy)

තරඟය නරඹන්නන් මවිත කරවමින් විශිෂ්ඨ පන්දු හුවමාරුව සමඟින් දෙවන පෙළ මහනුවර ක්‍රීඩක ශෙහාන් පතිරණ තම දස්කම් දැක්වීය. එය යතාර්ථයක් බවට පරිවර්තනය කරවාගනිමින් 28වන මිනිත්තුවේදී එය උත්සාහක දිනුම් අවස්ථාවක් බවට හරවාගන්නට පතිරණ සමත් වු අතර එහි ප්‍රවර්තන අවස්ථාව අසාර්ථක විය.

පළමු අර්ධය නිමාවට ආසන්නව තිබියදී හිටපු ත්‍රිත්ව විද්‍යාලීය රග්බි ක්‍රීඩක රත්වත්තේ ආබාධයකට ලක්විය. ඒ වෙනුවට අමිල බණ්ඩාර ආදේශ විය.

ප්‍රථම අර්ධය – CR & FC ක්‍රීඩා සමාජය 08 – 24 මහනුවර ක්‍රීඩා සමාජය

දෙවන අර්ධයේ පළමු මිනිත්තු 8 තුලදී විජේසිංහ පන්දුව රැගෙන එමින් රංජින් වෙත කල හුවමාරුව ධනුෂ්ක රංජන් තම තෙවන උත්සාහක දිනුම් අවස්ථාව බවට පරිවර්තනය කරගෙන ගන්නා ලදි.  අර්ශාඩ් ජමාල්ඩීන්ට එහි ප්‍රවර්තන අවස්ථාව මඟහැරිනි. (CR 08 – 29 Kandy)

ලකුණු 16ක පරතරයක් ඇතිව දෙවන අර්ධය ආරම්භ වූ අතර CR කණ්ඩායම් නායක ඉශාන් නූර් තම තෙවන උත්සාහක දිනුම වාර්තා කරගත් අතර, එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට කවිදු ද කොස්තා සමත් විය. (CR 22 – 29 Kandy)

වෙස්ලි විද්‍යාලයේ හිටපු ක්‍රීඩක මිතිල පෙරේරා අවසන් මොහොතේ පිටියට අවතීර්ණ වී 70වන මිනිත්තුවේදී ලකුණු 5ක් එක්කරමින් උත්සාහක දිනුමක් ලබාගත් අතර තිලිණ විජේසිංහ මහනුවර සමාජය වෙනුවෙන් ‍ Drop ගෝල් අවස්ථාවක් සාර්ථක කරවාගෙන තවත් ලකුණු 5ක් කණ්ඩායමට එක් කරන ලදී.

අවසන් ලකුණු තත්වය – CR & FC ක්‍රීඩා සමාජය 27 – 32 මහනුවර ක්‍රීඩා සමාජය

ThePapare.com තරඟයේ වීරයා ධනුශ්ක රංජන් (මහනුවර ක්‍රීඩා සමාජය)

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට