ජයග්‍රහණය ගුවන් හමුදාවට හා වරාය අධිකාරියට

253
SLC premier League Tier B january 22nd roundup

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට හා වරාය අධිකාරි ක්‍රීඩා සමාජයට පූර්ණ ජයග්‍රහණ හිමිකර දෙමින් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් B කාණ්ඩයේ තවත් තරග 4ක් අද (22) නිමාවට පත්විය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට වැඩි ගෞරවය

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය තම තුන් ඉරියව් දස්කම් විදහා දක්වමින් ක්‍රීඩා කල තරගයක හා තවත් උණුසුම්කාරී තරග කිහිපයකම…

කළුතර භෞතික සංස්කෘතික සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට ඉණිමක හා ලකුණු 120ක දැවැන්ත ජයක් හිමවූ මෙම තරගයේ කාසියේ වාසිය ජයගත් කළුතර භෞතික සංස්කෘතික සමාජය මග්ගොන සරේ පිටියේදී පළමුව පන්දු රැකීමට අවස්ථාව ලබාගන්නා ලදි.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ තුන් ඉරියව් දස්කම් කැපී පෙනුණු මෙම තරගයේ මුල සිටම තරගයේ වාසිය ඔවුන් සතුව තිබුණි. නායක මනෝජ් දේශප්‍රිය කළුතර භෞතික සංස්කෘතික ක්‍රීඩා සමාජ පළමු ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් 4 පහර 4ක් සමඟ ලකුණු 33ක් ලබා ගන්නා ලදි.

පළමු ඉණිම අසාර්ථක වීම නිසා නැවතත් තම දෙවන ඉණිම ඇරඹූ ඔවුන්ට එම ඉණිමේ හෝ සාර්ථක වීමට අවස්ථාවක් නොලැබුනු අතර, එම ඉණිමේ ද වැඩිම ලකුණු ලබා ගැනීමට මනොජ්ට හැකියාව ලැබුණි.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 426 dec (පන්දුවාර 79.2): රොස්කො තට්ටිල් 175, ලහිරු ශ්‍රී ලක්මාල් 115, හර්ෂන ජේම්ස් 33, නලින් විජේසිංහ 20, රුචිර සිල්වා 4/98, රසික ප්‍රනාන්දු 2/66, තනුක ධනංජය 2/80

කළුතර භෞතික සංස්කෘතික සමාජය පළමු ඉණිම  –  සියල්ලන්ම දැවී ලකුණු  160 (පන්දුවාර 52.4): මනොජ් දේශප්‍රිය 33, රුචිර තරින්ද 29, ක්‍රිශාන් දිනිදු 21, සහන් ජයවර්ධන  3/36

කළුතර භෞතික සංස්කෘතික සමාජය දෙවන ඉණිම  (F/O) – සියල්ලන්ම දැවී ලකුණු 146 (පන්දුවාර 44): මනෝජ් දේශප්‍රිය 34, ජස්දීප් සිං 26*, බුද්ධික සඳරුවන් 4/34, අචිර එරංග 3/49


කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය හා ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය අතර තරගය

කුරුණෑගල වෙළගෙදර පිටියේදී අවසන් වූ මෙම තරගයෙන් වරාය අධිකාරි ක්‍රීඩා සමාජයට කඩුලු 7ක ජයග්‍රහණයක් හිමිවිය.

එක් කඩුල්ලක් දැවී ලකුණු 23ක් ලෙස ලකුණු පුවරුව දිස්වෙද්දී තම දෙවන ඉණිම ආරම්භ කල කුරුණෑගල තරුණ සමාජ ක්‍රීඩකයෝ ලකුණු 161ක් ලබා ගැනීමට සමත් වූහ. එහිදී වමත් පිතිකරු සාරංග රාජගුරු 4 පහර 5ක් හා 6 පහර 2ක් සමඟ ලකුණු 64* නොදැවී ලබා ගැනීමට සමත් විය.

ලකුණු 151ක ඉලක්කයක් හඹායාමට පිටියට පැමිණි පෙරලිකාර වරාය ක්‍රීඩා සමාජය වෙනුවෙන් යොහාන් ද සිල්වා 4 පහර 4ක් හා 6 පහර 3ක් සමඟ ආක්‍රමණශීලී පිතිකරණයක නිරත වෙමින් ලකුණු 52ක් වාර්තා කලේය. ඔහු සමඟින් එක්ව වරාය අධිකාරියට ජයගෙන ආ අනුක් ද සිල්වා ලකුණු 51*ක් තම ලකුණු ගොන්නට එක් කරගැනීමට සමත් විය.

කුරුණෑගල තරුණ සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 143 (පන්දුවාර 49.3): හශාන් ප්‍රභාත් 46, චානක කොමසාරු 6/50

වරාය අධිකාරි ක්‍රීඩා සමාජ පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 154 (පන්දුවාර 59.3): ගයාන් මනීෂාන් 47, ප්‍රශාන් වික්‍රමසිංහ 27, තිලිණ හේරත්  4/54, දර්ශන මහවත්ත 3/16

කුරුණෑගල තරුණ සමාජ දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 161 (පන්දුවාර 58): සාරංග රාජගුරු 64*, තාරක වඩුගේ 33, චානක කොමසාරු 5/46, චාමිකර එදිරිසිංහ 5/56

වරාය අධිකාරි ක්‍රීඩා සමාජ දෙවන ඉණිම  – කඩුලු 3ක් දැවී ලකුණු 151/3 (පන්දුවාර 18.3): යොහාන් ද සිල්වා 52, අනුක් ද සිල්වා 51*, දුමින්ද දිසානායක 1/21


කළුතර නගර සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය

සූරියවැව මහින්ද රාජපක්ෂ  අන්තර්ජාතික ක්‍රිකට් පිටියේදී ජය පරාජයෙන් තොරව අවසන් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පොලිස් ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහරදීමට කළුතර නගර සමාජයට අවස්ථාව ලබා දුනි.

පොලිස් ක්‍රීඩා සමාජය අද දිනය ආරම්භ කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 183ක් ලබාගෙන සිටි අතර, මංජුල ජයවර්ධන ලකුණු 46*ක් ලබාගෙන පොලිස් ක්‍රීඩා සමාජයට පළමු ඉණිමේ ජයග්‍රහණයත් ලබා ගැනීමට මහන්සි වුවද, ඔහු අවසානයේ එක් අන්තයක තනිවිය.

තරිදු සිරිවර්ධන හොඳින් පන්දුව දෝලනය කරමින් කඩුලු 5ක් දවාලීය. ලකුණු 20ක වාසියක් ඇතිව තම දෙවන ඉණිම ක්‍රියාත්මක කල කළුතර නගර සමාජය වෙනුවෙන් 4 පහර 10ක් සමඟ ලකුණු 58ක් ලබා ගැනීමට වමතින් පිත්ත හසුරුවන තරිදු සමත් විය.

කළුතර නගර සමාජය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 307 (පන්දුවාර 116.2): සුලාන් ජයවර්ධන  101, තරිදු සිරිවර්ධන 58, නිපුණ ගමගේ 43, රිසිත උපමාල් 31, සුවන්ජි මදනායක 3/62,  මංජුල ජයවර්ධන 3/79

පොලිස් ක්‍රීඩා සමාජ පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 287 (පන්දුවාර 105.3): අසේල අලුත්ගේ 62, මංජුල ජයවර්ධන 46*, සමිත් දුශ්ශන්ත 41, තරිදු සිරිවර්ධන 5/55, යොහාන් ද සිල්වා 4/44  

කළුතර නගර සමාජය දෙවන ඉණිම – කඩුලු 5ක් දැවී ලකුණු 127 (පන්දුවාර 45): තරිදු සිරිවර්ධන 58, කල්‍යාණ රත්නප්‍රිය 2/22


ලංකන් ක්‍රිකට් සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

ජය පරාජයෙන් තොරව අවසන් වූ මෙම තරගය කොළඹ මුවර්ස් පිටියේදී පැවැත්විය. කාසියේ වාසිය ලබාගත් නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.
නාවික හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 483ක් තම පළමු ඉණිමට ලබාගත් අතර, එවන් දැවැන්ත ලකුණකට යාමට අද දිනය තුල තුශාර සමරකෝන්  හා ඉශාන් අබේසේකර ගේ සබදතාවය වැදගත් විය.

ලකුණු 47ක අවාසියක් ඇතිව දෙවන ඉණිම ඇරඹූ ලංකන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් 4 පහර 2ක් සමඟ මදුරංග සොයිසා ලකුණු 20ක් ලබා ගන්නා ලදි.

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම  –  සියල්ලන්ම දැවී ලකුණු 436 (පන්දුවාර 109.2): ලක්ෂාන් රොද්‍රිගෝ 133, ශසීන් ප්‍රනාන්දු 96, චානක රුවන්සිරි 67, ලාල් කුමාර 26, මදුර මදුසංක  3/69, සුදාරක දක්ෂින 3/101

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම  – සියල්ලන්ම  දැවී ලකුණු  483 (පන්දුවාර 132.5): මදුර  මදුසංක  88, අවිශ්ක පීරිස් 84, තුශාර සමරකෝන් 60, ඉශාන් අබේසේකර 50, බුද්ධික හසරංග 42,  රජීව වීරසිංහ 5/146 , නවීන් කවිකාර 4/185

ලංකන් ක්‍රිකට් සමාජය දෙවන ඉණිම  – කඩුලු 5ක් දැවී ලකුණු 69 (පන්දුවාර 14): මදුරංග සොයිසා 20, සුදාරක දක්ෂින 3/15, අශාන් රණසිංහ 2/15

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට